Top News

යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට

රේණුකා කැපිටල් පීඑල්සී විසින් කොළඹ 04, බම්බලපිටියෙහි පිහිටි ව්‍යාපාරික පරිශ්‍රයක් වන යුනිටි ප්ලාසා ගොඩනැගිල්ල අයත් සමාගම වන ON’ALLY HOLDINGS PLC හි 23.04% ක කොටස් අයිතිය අද (25) දින අත්පත් කර ගන්නා ලදී. රේණුකා කැපිටල් පීඑල්සී විසින් අද දිනයේ දී ON’ALLY HOLDINGS PLC හි ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 4,032,755 ක් මිල දී ගත් අතර එහිදී…

(0)Comments | September 25, 2017 6:41 pm

තුසිත හල්ලොලුව ජාතික ලොතරැයියට එයි

ජාතික ලොතරැයි මණ්ඩලයේ නව ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා වශයෙන් තුසිත හල්ලොලුව මහතා පත් කර තිබේ. 2017 සැප්තැම්බර් 21 දින ඒ මහතා අදාළ තනතුරේ වැඩ භාර ගැනීම සිදුකළේය.

(0)Comments | September 25, 2017 4:45 pm

බියර් හා වයින් බලපත්‍ර ලිහිල් කිරීමේ තීරණයක්

ඉදිරි මාස 3-4 ඉලක්ක කර ගනිමින් දැවැන්ත නිෂ්පාදනයකට බියර් සමාගම් මුලපුරා ඇති බවත් ඉදිරි අයවැයෙන් සංචාරක අමාත්‍යාංශයේ අනුදැනුම පරිදි බියර් එසේත් නැතිනම් soft liquor බලපත්‍ර ලබා ගැනීම සම්බන්ධ රෙගුලාසි ලිහිල් කිරීමට සැලසුම්ක් ඇති බවට ආරංචි වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් මන්ත්‍රීවරයා, සංචාරක අමාත්‍ය ජෝන්…

(0)Comments | September 25, 2017 4:14 pm

මංගලගේ මංගල අයවැයෙන් පොඩි කාර් මිල පහළට. ඉලෙක්ට්‍රික් කාර්වලටත් සහන

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් එළඹෙන නොවැම්බර් 09 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2018 අයවැය යෝජනා හරහා කුඩා මෝටර් රථ හා ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා පනවා ඇති නිෂ්පාදන බදු සුවිශේෂී ලෙසින් පහළ දමනු ඇතැයි වාර්තා වේ. මෙය සභාග රජයේ අභිනව මුදල් අමාත්‍යවරයා විසින් කරනු ලබන පළමු අයවැය කථාවයි. යහපාලන රජයේ පළමු අයවැය වූ…

(0)Comments | September 25, 2017 4:10 pm

මත්ස්‍ය තොග අපනයනය වැඩි කිරීමට ජපන් සහාය

ජපානයට අපනයනය කරන ශ්‍රී ලංකාවේ මත්ස්‍ය තොග ප්‍රමාණය වැඩි කිරීමට එරට උපරිම සහාය ලබා දෙන බව ජපානයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මසහිසා සාටෝ මහතා අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත දැනුම් දී ඇත. ජපානයේ නිල සංචාරයක නිතරත ව සිටින ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී එරට විදේශ කටයුතු…

(0)Comments | September 25, 2017 4:00 pm

මුදල් ප්‍රතිපත්තිය විවරණය හෙට

2017 වසරේ සයවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය හෙට උදෑසන 7.30 ට නිවේදනය කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. පස්වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය පසුගිය අගෝස්තු 03 වැනි දින ප්‍රකාශයට පත් වූ අතර එහිදී මුදල් මණ්ඩලයේ අදහස වී ඇත්තේ පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බවයි. එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය…

(0)Comments | September 25, 2017 2:22 pm

ඇස්බැස්ටෝස් තහනමෙන් උළු ඉල්ලුම ඉහළට ?

ඇස්බැස්ටොස් නිෂ්පාදන ලබන වර්ෂයේ සිට තහනම් කිරීමට ගෙන ඇති පියවර නිසා උළු සඳහා ඉල්ලුම ඉහළ යා හැකි යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කෙළේ කොළඹ කිංග්ස්බරි හෝටලයේ පසුගිය දා පැවති පිඟන් වීදුරු කර්මාන්තකරුවන්ගේ වාර්ෂික සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. දේශීය උළු සඳහා එස්.එල්.එස්. ප්‍රමිති සහතිකය ලබා…

(0)Comments | September 25, 2017 11:27 am

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකටම ඩිජිටල් පුස්තකාලයක්

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ඩිජිටල් පුස්තකාලය බැගින් ස්ථාපිත කෙරේ. ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව මෙය ක්‍රියාත්මක කර තිබේ. ඩිජිටල් ශ්‍රී ලංකාවක් දැක්ම තව දුරටත් සවිමත් කිරීමේ තවත් එක් අදියරක් වශයෙන් ඩිජිටල් පුස්තකාල ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබෙන බවත් සමාජයේ තාක්ෂණික රුචිකත්වයන්ට…

(0)Comments | September 25, 2017 10:23 am

කලා නිර්මාණ ලාභය ලක්ෂ 5 දක්වා බදුවලින් නිදහස්

නව බදු පනත ක්‍රියාත්මක වීමත් සමඟ සාහිත්‍ය, සංගීත, වේදිකා හා සිනමා ක්ෂේත්‍ර ඇතුළුව කලා ක්ෂේත්‍රයේ නිරත වූවන් යම් නිෂ්පාදන කටයුත්තක් හෝ කලා නිර්මාණයක් සිදු කරන අවස්ථාවන්හී දි එවැනි නිර්මාණ වලින් ලබන වාර්ෂික ශුද්ධ ලාභය රු. ලක්ෂ 5ක්  දක්වා බදු නිදහස ලැබෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව තම නිර්මාණ වෙනුවෙන් නිර්මාණකරුවාට ගෙවිය යුතු පඩි…

(0)Comments | September 24, 2017 11:36 pm

විදෙස් ටෙලි බද්දෙන් රුපියල් මිලියන 124 ක ආදායමක්

විදේශීය ටෙලි නාට්‍ය හා චිත්‍රපට දේශීය නාලිකාවල පෙන්වීම හේතුවෙන් දේශීය ටෙලි නාට්‍ය හා ශිල්පීන්ට දැවැන්ත අභියෝගයක් එල්ල වී ඇති බවත් ටෙලි නාට්‍ය සඳහා නීති සකස් කර ප්‍රමිතියක් සකස් කළ යුතුව තිබෙන බවත් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, ලාංකික ටෙලි නාට්‍ය කලාව මුහුණ දී ඇති ගැටළු සම්බන්ධයෙන් වාචික…

(0)Comments | September 22, 2017 3:10 pm