ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම, විදුලිබල ක්ෂේත්‍රය සඳහා යොදා ගනු ලබන ඉන්ධන විවිධාංගීකරණය කිරීම සහ විදුලි ජනන වියදම අවම කිරීම යන කරුණු පිළිබඳ අවධානය යොමු කරමින්, ද්‍රවීකෘත ස්වාභාවික වායු (Liquid Natural Gas -LNG) මඟින් විදුලි බලය ජනනය කිරීම හා ඊට අවශ්‍ය යටිතල පහසුකම් ඉදි කිරීමට අදාළ රාජ්‍ය ප්‍රතිපත්තිය තීරණය කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා…
නවෝත්පාදනයන් මුල් කරගත් දැනුම මත පදනම් වූ ආර්ථිකයක් හරහා ඉහළ ආදායම් ලබන ආර්ථිකයක් සහිත රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමේදී විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය (STEM අධ්‍යාපනය) යන විෂය ක්ෂේත්‍රයන්හි නිපුණ ශ්‍රම බලකායක් සිටීම ඉතා වැදගත් වේ. එමෙන්ම, පරිගණක, ගණිතය, ගෘහ නිර්මාණ ශිල්පය, ඉංජිනේරු විද්‍යාව, නිෂ්පාදන සැලසුම් නිර්මාණය, රොබෝ විද්‍යාව සහ නිනිති තාක්ෂණය, ජෛව…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දින ගනුදෙනු අවසානයේ දී ඒකක 6,398.79 ක් ලෙසින් වාර්තා වූ අතර මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 13.58 ක පහළ යාමකි. එසේම දිනය තුළ දී S&P SL20 දර්ශකය ඒකක 8.07 කින් පහළ ගොස් ඒකක 3,686.10 ක් ලෙසින් සටහන් විය. දිනය තුළ දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම වූයේ රුපියල් බිලියන…
ඊයේ (28) පැවති අධ්‍යක්ෂ මණ්ඩල හමුවෙන් පසු මිලියන 60 ක ශ්‍රේණිගත, අනාරක්ෂිත, යටත් කළ හැකි, නිදහස් කළ හැකි ණයකර නිකුතුවක් කිරීමට තීරණය කළ බව සෙලාන් බැංකුව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී. මෙහිදී අධිදායකත්වයක් පැවතුණහොත් තවත් ණයකර මිලියන 40 ක් නිකුත් කිරීමට බැංකුව සූදානම් කර තිබේ. එකක් රුපියල් 100.00 බැගින් නිකුත් කරනු ලබන මෙම…
පසුගිය දා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු එක්දින ක්‍රිකට් තරඟයේ අවසාන භාගයේ දී ප්‍රේක්ෂකයින්ගෙන් එල්ල වූ බාධාකිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම නිවේදනය හරහා මහ බැංකු අධිපතිවරයා අවධාරණය කර සිටින්නේ ප්‍රේක්ෂකයින්ගේ එම නොහික්මුණු හැසිරීම ශ්‍රී ලංකා පිලේ යොවුන්…
ශ්‍රී ලංකාවේ පැරණිතම නෞකා සමාගම්වලින් එකක් වන Sri Lanka Shipping Company Limited හි 94.81% ක කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට හේලීස් සමූහයේ අනුබද්ධ සමාගමක් වන හේලීස් ඇඩ්වාන්ටිස් ලිමිටඩ් කටයුතු කර තිබේ. මේ පිළිබඳ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් සමාගම අනාවරණය කර සිටින්නේ මීට අදාළ ගනුදෙනුව පසුගිය අගෝස්තු 23 වන දින සිදු වූ බවයි. මේ…
2016 සැප්තැම්බර් මාසයෙන් පසුව ප්‍රථම වරට පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 2017 ජූනි මාසයේ දී ආනයන වියදම අඩු වී තිබේ. ඒ ඩොලර් මිලියන 1,541 දක්වා සියයට 8.0 ක පහළ යාමක් වාර්තා කරමිනි. මෙමගින් සියලුම ප්‍රධාන කාණ්ඩවල ආනයන පහළ යෑම පිළිබිඹු කළ අතර, විශේෂයෙන්ම අන්තර් භාණ්ඩ ආනයන පහළ ගියේය. 2017 ජූනි මාසයේ දී ප්‍රධාන වශයෙන්ම, ඉන්ධන…
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය දා ප්‍රකාශයට පත් කරන ලද බදු සංශෝධන යෝජනා සමඟින් බඩු ප්‍රවාහනය කිරීම සඳහා වූ මෝටර් වාහන සඳහා අය කරනු ලබන නිෂ්පාදන බදු ගාසට් නිවේදනයක් මගින් ප්‍රකාශයය පත් කර තිබේ. ඒකක මත පදනම්ව අය කරනු ලබන මෙම නිෂ්පාදන බද්ද සයිඩ් කාර්වලට ද අදාළ ව දක්වා ඇත. පහත දැක්වෙන්නේ අදාළ…
ආයෝජකයන් තුළ ඇති අඛණ්ඩ විශ්වාසය පිළිබිඹු කරමින්, මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම්වල පසුගිය මාසය තුළ දී දක්නට ලැබුණු ධනාත්මක ප්‍රවණතාව අඛණ්ඩව පැවති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2017 වසරේ ජූනි මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙහි විදේශීය ආයෝජන එක්සත් ජනපද ඩොලර් මිලියන 97.6 ක ශුද්ධ ලැබීමක් වාර්තා කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස, 2017 වසරේ පළමු භාගයේ…
ශ්‍රී ලංකා රුපියල 2016 වසර අවසානයේ සිට 2017 අගෝස්තු මස 24 වැනි දින දක්වා කාලපර්ච්ඡේදය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 2.0 කින් මධ්‍යස්ථ ලෙස අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර සිටී. අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්චේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්…
Video Story