Top News

ග්‍රීසිය සහ ඉතාලිය සමඟ ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුම් බලාත්මක කිරීමට පියවර

ග්‍රීසිය සහ ඉතාලිය යන රාජ්‍යයන් සමඟ වන, කෙටි අත්සන් තබන ලද ගුවන්‍ සේවා ගිවිසුම්, ශ්‍රී ලංකාවේ බලයලත් නියෝජිතයෙකු ලවා අත්සන් කර, එම ගිවිසුම් බලාත්මක කිරීම සඳහා සුදුසු පියවර ගැනීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

(0)Comments | July 26, 2018 2:24 pm

සත්ත්ව ආහාර නිෂ්පාදනයට බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 50,000ක් ආනයනයට පියවර

2018 වසරේදී සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 500,000ක් පමණ අවශ්‍ය වනු ඇතැයි පුරෝකථනය කරනු ලැබ තිබේ. එසේ වුවද, 2018 වසරේ මහ කන්නයේ බඩ ඉරිඟු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 150,000ක් පමණද, යල කන්නයේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 30,000ක් පමණද වනු ඇතැයි ඇස්තමේන්තු කරනු ලැබ ඇත. ඒ අනුව සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා යොදා ගැනීම පිණිස ජාතික…

(0)Comments | July 26, 2018 11:57 am

උතුරේ මත්ස්‍ය අපනයන කර්මාන්ත කලාපයකට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 7.5 ක ආයෝජනයක්

අපනයනය සදහා මත්ස්‍ය වගා කර්මාන්ත පුරයක් උතුරු පළාතේ පිහිටුවීම සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ඉන්දීය ආයෝජකයින් පිරිසක් සමඟ සාකච්ඡා කරමින් සිටියි. එම ආයෝජකයින් සහ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අතර විශේෂ සාකච්ජාවක් ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියේදී පසුගිය දා පැවැත්විණ. මෙහිදී එම ආයෝජකයින් පැවසුවේ, ඇමරිකාව…

(0)Comments | July 26, 2018 11:29 am

තවත් මූල්‍ය සමාගමක් කඩාවැටෙයි – ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් බලපත්‍රය සහ ලියාපදිංචිය අවලංගුයි

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් වන ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය, 2008 වසරේ සිට මූල්‍යමය අර්බුදයකට මුහුණ දීමට සිදු ව ඇත. මෙම ආයතනයේ තැන්පත්කරුවන්ට පසුගිය වසර දහය පුරා ම සිය තැන්පතු මුදල් නැවත ලබා ගැනීමට නො හැකි වී ඇත. විවිධ උපායමාර්ග හරහා ආයතනය නැවත නගා සිටුවීම සඳහා ගත්…

(0)Comments | July 25, 2018 4:49 pm

අධ්‍යාපන නවීකරණයට ශ්‍රී ලංකා රජය හා ලෝක බැංකුව අතර ඩොලර් මිලියන 100 ක ණය ගිවිසුමක්

ශ්‍රී ලංකා රජය ලෝක බැංකුව සමඟ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කිරීම හා නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ උත්සාහයන් වෙනුවෙන් ලබා දෙන ඩොලර් මිලියන 100 ක ණය මුදල සඳහා ගිවිසුම අද (25) දින අත්සන් කරන ලදී. පොදු අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය (General Education Modernization Project – GEM) නමැති මෙම නව වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ සමාජය හා ආර්ථිකය තුළ සිදුවෙමින් පවතින පරිවර්තනයන්…

(0)Comments | July 25, 2018 2:17 pm

ඩොලර් මිලියන 2.13 ක රේල් පීලි 5000ක ටෙන්ඩරය අනුමතයි

දුම්රිය මාර්ග පද්ධතිය සඳහා අවශ්‍ය EN 45 E1 වර්ගයේ පීලි 5000ක සංඛ්‍යාවක් ප්‍රසම්පාදනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඇමරිකානු ඩොලර් මිලියන 2.13ක මුදලකට M/s. Angang Group International Panzhimua Co. Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා…

(0)Comments | July 25, 2018 12:32 pm

රුපියල් මිලියන 500ක Pure Ceylon Tea වෙළඳනාම ප්‍රවර්ධන වැඩසටහනක්

2015 අයවැය යෝජනා අනුව, සිංහ ලාංඡනය සහිත සුපිරිසිදු සිලෝන් තේ වෙළඳ නාමය තවදුරටත් ලොව පුරා ප්‍රචලිත කිරීම සඳහා, වෙළඳ නාම ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව, සමාගම් 19ක් සමඟ ගිවිසුම් ඇති කරගෙන තිබූ අතර, ඒ යටතේ රුපියල් මිලියන 177ක පමණ මුදලක් එම කාර්යය සඳහා…

(0)Comments | July 25, 2018 11:14 am

ICTA Disrupt Asia 2018 තොරතුරු තාක්ෂණික ව්‍යවසායකයින්ගේ සමුළුව හා නවෝත්පාදන උළෙල අගෝස්තුවේ දී

ව්‍යවසායකත්වය, ව්‍යාපාර සහ තාක්ෂණය පිළිබඳ ප්‍රවීනයින්ගෙන්  ඉගෙන ගැනීමට ශ්‍රී ලාංකික තොරතුරු තාක්ෂණික ආධුනිකයින්ට අනගි අවස්ථාවක් මෙරට 3 වන වතාවට පැවැත්වෙන ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණික නව ව්‍යවසායකයින්ගේ සම්මන්ත්‍රණය සහ නවෝත්පාදන උළෙල වන Disrupt Asia 2018, අගෝස්තු 11 වන දින පස්වරු 4 සිට මධ්‍යම රාත්‍රිය දක්වා ට්‍රේස් එක්ස්පර්ට් සිටි හිදි පැවැත්වෙන බව නිල වශයෙන් නිවේදනය කෙරේ. ශ්‍රී ලංකා…

(0)Comments | July 25, 2018 11:03 am

ශ්‍රී ලංකාවේ නිපදවන පළමු ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථය 2020 දී එළිදකී

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථ පළමු තොගය 2020 වසරේ දී වෙළෙඳපොළට එක් කිරීමට නියමිත බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. සිය නිල ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කර තිබේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේ කියා සිටී. “2018 අයවැයේ දී…

(0)Comments | July 25, 2018 10:41 am

නියඟයෙන් පීඩාවට පත් කාන්තාවන්ට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් ලබා දුන් ණය කපා හැරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් කාන්තාවන්ට ලබා දී ඇති රුපියල් ලක්ෂය දක්වා වූ ණය මුදල් කපා හැරීමට රජය තීරණය කරයි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද ඊට අදාළ සංදේශයට අද (24) අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය. ඒ අනුව මෑත කාලයේ දී ඇති වූ නියඟය හේතුවෙන් වගා කන්න 5ක් එක් දිගට හානි වූ…

(0)Comments | July 24, 2018 6:14 pm