Top News

උතුරේ රැකියා වියුක්තිකයන්ට ස්වයංරැකියා සඳහා රුපියල් මිලියන විස්සක්

උතුරේ රැකියා වියුක්තියෙන් පෙළෙන ජනතාවට සහනයක් සළසමින් එම ජනතාව ස්වයං රැකියා සඳහා යොමු කිරීමේ අරමුණින් මූල්‍යාධාර හා උපකරණ පිරිනැමීමේ වැඩසටහනක් පසුගියදා (22 දා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යාපනය නගරසභා ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. කාර්මික සංවර්ධන මණ්ඩලයේ දිවියට උදාන වැඩසටහනට සමගාමීව මෙම මූල්‍ය ආධාර සහ උපකරණ පිරිනැමිණි. යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ස්වයංරැකියා වල නිරතවන හා ස්වයංරැකියා ආරම්භ…

(0)Comments | July 24, 2018 11:34 am

ජුනි මාසයේ උද්ධමනය සියයට 2.5ක් දක්වා ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2018 මැයි මාසයේ දී පැවැති සියයට 2.1ට සාපේක්ෂ ව  2018 ජුනි මාසයේ දී සියයට 2.5ක් දක්වා ඉහළ ගියේ ය. මෙම ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්වල සිදු වූ මාසික…

(0)Comments | July 24, 2018 8:20 am

අපනයනය එපාකරවන අපනයනකරුවෙකු ලෙස ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය

අපනයනය කරන්නට සිතන ව්‍යාපාරිකයන් අපනයනකරුවෙකු ලෙස ලියාපදිංචි වීම ලංකාවේ නීතිය යටතේ අනිවාර්ය වේ. ඒක පුද්ගල සහ හවුල් ව්‍යාපාරිකයන්ට අදාළ ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය අනවශ්‍ය ලෙස දීර්ඝ, අකාර්යක්ෂම සහ දුෂ්කර එකක් බව වෙරිටේ පර්යේෂණ ආයතනය කළ අධ්‍යයනයකින් හෙළිදරව් වී තිබේ. වත්මන් ක්‍රියාවලිය අවම වශයෙන් පියවර 10කින් සමන්විත වන අතර, විවධ රාජ්‍ය ආයතන 6ක් ඊට සම්බන්ධ වේ. මේ…

(0)Comments | July 23, 2018 4:02 pm

සුදු කෙරෙන කළු සල්ලි හොයන්න මූල්‍ය බුද්ධි ඒකකයෙන් නීතිඥ, නොතාරිස්, ගණකාධිකාරී, සමාගම් ලේකම්වරුන්ට විශේෂ නිවේදනයක්

මූල්‍ය නොවන ව්‍යාපාර සහ වෘත්තීයමය සේවා සපයන ආයතනයන් හි ව්‍යාපාරික ගනුදෙනු යොදා ගනිමින් මුදල් විශුද්ධිකරණය සිදු කිරීම සහ ත්‍රස්තවාසදයට අරමුදල් සැපයීම මැඩ පවත්වා ගැනීම සඳහා සුදුසු ප්‍රතිපත්ති මාලාවක් සහ වැඩපිළිවෙලක් එකී සෑම ආයතනයක් විසිනම් ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය දන්වා සිටී. මෙහිදී ගනුදෙනුකරුවන් හඳුනා ගැනීම සහ සැකකටයුතු ගනුදෙනු මූල්‍ය…

(0)Comments | July 23, 2018 3:00 pm

ඩොලර් බිලියන 1.1 කින් නිල සංචිතය පහළ යයි

රටෙහි දළ නිල සංචිත ප්‍රමාණය, 2018 වසරේ අප්‍රේල් මාසය අවසානයේ දී වාර්තා වූ මෙතෙක් පැවති ඉහළම මට්ටම වන එක්සත් ජනපද ඩොලර් බිලියන 9.9 සිට 2018 වසරේ මැයි මාසය අවසාන වන විට ආනයනික මාස 4.8 කට ප්‍රමාණවත් වන පරිදි එක්සත් ජනපද ඩොලර් බිලියන 8.8 ක් දක්වා පහළ ගියව අතර, මාසය තුළ දී ආසියානු නිෂ්කාශන සංගමය වෙත…

(0)Comments | July 23, 2018 12:12 pm

මැයි මාසයේ දී බැඳුම්කරවලින් ඉවත් කර ගත් ශුද්ධ විදෙස් ආයෝජන වටිනාකම ඩොලර් මිලියන 89 යි

2018 මැයි මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙහි විදේශීය ආයෝජන එක්සත් ජනපද ඩොලර් මිලියන 89 ක ශුද්ධ ගෙවීමක් වාර්තා වූ අතර, 2018 වසරේ පළමු මාස 5 තුළ දී සමුච්ඡිත ශුද්ධ ගෙවීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 102 ක් විය. එක්සත් ජනපද ෆෙඩරල් සංචිත බැංකුව මගින් පොලී අනුපාත ඉහළ දැමීම හේතුවෙන් විදේශ ආයෝජකයින් විසින් තම ආයෝජන කළඹ වෙනස් කිරීම,…

(0)Comments | July 23, 2018 10:18 am

ලොව හොඳම ගුවන්සේවා වර්ගීකරණයෙන් ශ්‍රීලංකන් 81 සිට 95 දක්වා පසුබසී

ලොව ප්‍රමුඛතම ගුවන්සේවා වර්ගීකරණය ලෙසින් සැලකෙන Skytrax awards 2018 ශ්‍රේණිගත කිරීමේ දී ලොව හොඳම ගුවන්සේවය ලෙසින් සිංගප්පූරු ගුවන්සේවය නම් කර තිබේ. මෙවර ශ්‍රේණිගත කිරීමේ දී ලොව හොඳම ගුවන්සේවා 100 අතුරින් මෙරට ජාතික ගුවන්සේවය වන ශ්‍රීලංකන් ගුවන්සේවයට හිමිව ඇත්තේ 95 වන ස්ථානයයි. එය 2017 වසරේ සිටි 81 වැනි ස්ථානයේ සිට පියවර 14 ක පසුබැසීමකි. මෙම වර්ගීකරණයට…

(0)Comments | July 20, 2018 1:06 pm

කොමර්ෂල් බැංකුව මියන්මාරයේ වැඩ අරඹයි

මෙරට ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන කොමර්ෂල් බැංකුව, සිය මෙහෙයුම් කටයුතු මියන්මාරය තුළ ආරම්භ කර තිබේ. ඒ අනුව කොමර්ෂල් බැංකුවේ පූර්ණ අනුබද්ධ සමාගමක් වන CBC Mynmar Microfinance Company Ltd විසින් සිය මෙහෙයුම් කටයුතු පසුගිය ජූලි 16 සිට ආරම්භ කරන ලදී. ආරම්භයේ දී තැන්පතු භාර නොගන්නා ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් ලෙසින් මෙය ක්‍රියාත්මක අතර සමූහ ණයදීම් සමාගමේ ප්‍රධාන…

(0)Comments | July 20, 2018 11:50 am

ජාතික අපනයන උපාය මාර්ගික සැලැස්ම එළි දකී

ජාතික අපනයන උපාය මාර්ගික සැලැස්ම එළිදැක්වීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා විසින් ජාතික අපනයන උපාය මාර්ගික සැලැස්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්විණි. එම අවස්ථාවට සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන්…

(0)Comments | July 20, 2018 11:02 am

ශ්‍රී ලංකා වෙළඳ තොරතුරු බිහිදොර හෙට එළිදැක්වේ

ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව, ලෝක බැංකුව සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය එක්ව ශ්‍රී ලංකා වෙළඳ තොරතුරු බිහිදොර දියත් කිරීමට කටයුතු යොදා ඇත. ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් බ්‍රයිස් හචිසන් මහතා, ලෝක බැංකු කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ වෙළඳ විශේෂඥ මාර්කස් බාර්ට්ලි ජෝන්ස් මහතා සහ අන්තර්ජාතික වෙළඳ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂිකා අරන්චා ගොන්සාලිස් මහත්මියගේ සහභාගීත්වයෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු…

(0)Comments | July 19, 2018 5:03 pm