ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තුමේන්තුව විසින් අද දිනයේ දී කැඳවන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේ දී රුපියල් මිලියන 80,000 ක වටිනාකමකින් යුතු බැඳුම්කර නිකුත් කර තිබේ. 2023 හා 2033 වසරවල කල්පිරෙන මෙම බැඳුම්කර සඳහා වෙන්දේසියේ දී ඉතා ඉහළ ඉල්ලුමක් ලැබී ඇත. පහත දැක්වෙන්නේ මෙම බැඳුම්කර නිකුතුව පිළිබඳ සංක්ෂිප්ත සටහනකි.
2018 ජනවාරි 26 දක්වා කාලපරිච්ඡේදය තුළ දී විදෙස් මුදල් ඒකකවලට එරෙහිව රුපියලේ අවප්‍රමාණය හේතුවෙන් ආනයනික භාණ්ඩ සඳහා දැරීමට සිදුවන වියදම ඉහළ ගොස් තිබේ. මෙහිදී විශාල වශයෙන් බලපෑමක් වී ඇත්තේ ජපානයේ සිට ආනයනය කරනු ලබන මෝටර් රථවාහන ඇතුළු අනෙකුත් භාණ්ඩ සම්බන්ධවයි. මෙම දින 26 ක කාලපරිච්ඡේදය තුළ දී පමණක් ශ්‍රී ලංකා රුපියල ජපාන යෙන් මුදල් ඒකකයට…
දිවයින පුරා විසිරී සිටින සාම්ප්‍රදායික හස්ත කර්මාන්තකරුවන් නගා සිටුවීමේ අරමුණින් හස්ත කර්මාන්ත සංවර්ධනය සඳහා මෙම වසරට රුපියල් මිලියන 25 ක් වෙන් කර ඇත. මේ වන විට මීට අදාළ ව්‍යාපෘති යෝජනා ලබා දෙන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත දන්වා යවා ඇත. මේ අනුව හදුනා ගන්නා ව්‍යාපෘති සදහා මෙම මුදල් වැය කෙරේ. මෙම ව්‍යාපෘතිය යටතේ සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත…
2017 වසරේදී ශ්‍රි ලංකා පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තයේ පුළුල් සංවර්ධනයක් සිදු වූ බවත්, ඒ සඳහා හොඳ අපනයන වෙළෙඳපොළක් ඇති වූ බවත්, 2017 වසරේදී පාවහන් හා සම්භාණ්ඩ අපනයනයෙන් රුපියල් මිලියන 18,480 ක් හෙවත් කෝටි 1,848 ක ආදායම් ලැබුණ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියිදීන් මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීය. ශ්‍රි…
ජපාන සහ තෝකියෝ වාණිජ හා කර්මාන්ත මණ්ඩලයන්හි නිලධාරීන් ඇතුලු දූත පිරිස සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා (25) අරලියගහ මන්දිරයේ දී හමුවී සාකච්ඡා පැවැත්විය. මෙම අවස්ථාවට සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා (H.E. Kenichi Suganuma)…
ශ්රී ලංකාවේ නව ව්‍යාපාරික හා ආයෝජන අවස්ථා සොයා බැලීම සදහා ශ‍්‍රී ලංකාවට පැමිණි ජපාන වාණිජ සහ කර්මාන්ත මණ්ඩල නියෝජිත පිරිසක් අද (25)පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවිය. වසර 140 ක දීර්ඝ ඉතිහාසයක් ඇති ජපන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සහ ටෝකියෝ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය නියෝජනය කරමින් 77 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිසක්…
දේශීය හා ජාත්‍යන්තර වෙළෙද කටයුතු වල දී ලිපි ලේඛන අතර ප්‍රමුඛ වන ආනයන අපනයන බලපත්‍රය අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමේ පහසුකම සැලසේ. සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙද අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ඒකාබද්ධව මෙය ක්‍රියාවට නංවා ඇත. www.imexport.gov.lk සහ www.gov.lk යන වෙබ් අඩවි වලට පිවිසීමෙන් මෙම පහසුකම ලබා ගත හැකිවේ. මේ…
2017 වසරේ තේ නිෂ්පාදනය ශක්තිමත් ලෙස ඉහළ නැංවීමට හැකි වූ බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ (24) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යරයා මේ බව සඳහන් කළ අතර තුර්කිය 2017 වසරේ ශ්‍රී ලංකාවේ තේ මිලදී ගත් ප්‍රධාන ගැනුම්කරුවා ලෙස වාර්තා වන බව ද සඳහන් කළේය. පසුගිය වසරේ තේ කිලෝ ග්‍රෑම්…
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනය පරිදි දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ වීඩෝඩෝ මහතා සහ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා අතර නිල හමුව ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. නායක දෙපළ අතර සුහද කථා බහකින් අනතුරුව ද්වි පාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි. දෙරට අතර සහයෝගීතාව වර්ධනය කෙරෙන නව අවබෝධතා ගිවිසුම් 03 කටද ද්වි…
2017 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව සඳහා ලංකා IOC සමාගමේ මූල්‍ය වාර්තා මේ වන විට නිකුත් කර තිබේ. අදාළ වාර්තාවලට අනුව 2017 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුවේ දී සමාගමේ බදුගෙවීමෙන් පසු අලාභය රුපියල් මිලියන 340 ක් ලෙසින් සටහන් වී ඇත. මේ අනුව දෙසැම්බර් 31 න් අවසන් මාස 09 ක කාලපරිච්ඡේදය තුළ දී ලංකා IOC වාර්තා…
Video Story