Top News

ටච්වුඩ් අයථා ගනුදෙනු තොරතුරු CID භාරයට

මූල්‍ය අර්බුදයට පත්ව තිබෙන ටච්වුඩ් රුක් රෝපණ සමාගම පිළිබඳව සුරැකුම් පත් හා විනිමය කොමිසම විසින් සිදුකළ දැඩි පරීක්ෂණයෙන් අයථා ගනුදෙනු රැසක් සොයාගෙන තිබෙන බවත් එයට එරෙහිව මේ වනවිටත් ක්‍රියා මාර්ග ගෙන තිබෙන බවත් සුරැකුම් පත් හා විනිමය කොමිසමේ ප්‍රධානී ආචාර්ය නාලක ගොඩහේවා මහතා කියයි. ආචාර්ය නාලක ගොඩහේවා මහතා අප සමග පැවසුවේ මෙම පරීක්ෂණයෙන් මේ වනවිට…

(0)Comments | March 11, 2014 4:46 am

කාර්සන් කම්බබැච් අධ්‍යක්ෂ මණ්ඩලයෙන්, මංගල ඉවත්වෙයි

කාර්සන් කම්බබැච් සමාගමේ විධායක නොවන සහ ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ මංගල මුණසිංහ මහතා එම තනතුරින් ඉවත්ව තිබේ. සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ මෙම ඉල්ලා අස්වීම මාර්තු 31 වනදා සිට බලපැවැත්වෙන බවයි.

(0)Comments | March 11, 2014 4:45 am

ලංකාවෙන් ඩොලර් මිලියන 187 ක බැඳුම්කර නිකුතුවක්

ලන්ඩන් අන්තර් බැංකු අර්පණ අනුපාතයට (LIBOR) පදනම් අංක 400 ක් වැඩි පාවෙන පොලී අනුපාතයකට ශ්‍රී ලංකාව විසින් ඩොලර් මිලියන 187 ක් වටිනා වසර තුනකින් කල් පිරෙන බැඳුම්කර නිකුතුවක් සිදුකළ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම බැඳුම්කර වලින් වැඩි ප්‍රමාණය මිලදීගෙන තිබෙන්නේ කොළඹ පදනම් කරගත් බැංකු සහ විදේශීය මුදල් වත්කම් තබාගත…

(0)Comments | March 10, 2014 9:00 am

විදේශ සේවා නියුක්ති කාර්යංශය කොට්ටාවේ අධිවේගී නගරයට

නාගරික සංවර්ධන අධිකාරිය විසින් ළඟදීම වැඩ ආරම්භ කිරීමට සූදානම් වන යෝජිත කොට්ටාව මාකුඹුර අධිවේගී මාර්ග නගරයට විදේශ සේවා නියුක්ති කාර්යංශය රැගෙන යාමට නියමිත බව අනාවරණය වේ. අක්කර විසි පහක භූමියක සියළු පහසුකම් වලින් සපිරි නවීන නගරයක් කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි පසුගියදා අපි මුල් වරට හෙළි කළේය. මේ පිළිබඳව අදහස් දක්වමින් නාගරික සංවර්ධන…

(0)Comments | March 8, 2014 5:16 am

රන් මිලෙන් අපේ බැංකු වලට පහර පිට පහර වදී

ලෝක වෙළඳ පොළේ රත්‍රන් මිල අඩුවීම නිසා රත්‍රන් ඇපයට තබාගෙන ලබාදුන් ණය වලින් විශාල පාඩු සිදුවීම නිසා පසුගිය දෙසැම්බර් කාර්තුවේදී මෙරට බැංකුවල ලාභය සියයට 16 කින් පහළ ගොස් තිබෙන බව නවතම පර්යේෂණ වාර්තාවක් විසින් හෙළි කරයි. කොටස් වෙළඳ පොළ පිළිබඳව CAL Research ආයතනය විසින් නිකුත් කර තිබෙන නවතම පර්යේෂණ වාර්තාව මගින් මේ බව අනාවරණය වන…

(0)Comments | March 8, 2014 4:00 am

ලංකාවේ ලොකුම පාලම පිටත වටරවුම් මාර්ගයේ

ලංකාවේ ලොකුම පාලම පිටත වටරවුම් මාර්ගයේ කැළණි ගඟ හරහා ඉදිකරන බවත් එය මංතීරු දහයකින් සමන්විත දැවැන්ත එකක් වනු ඇති බවත් අනාවරණය වේ. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධානී ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි පැවසුවේ මෙම පාලම මත පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුව ඉදිකරන බවයි. “පිටත වටරවුම් මාර්ගයේ පළමු අදියර විවෘත වනවිට කඩුවෙල, කොතලාවල…

(0)Comments | March 8, 2014 3:19 am

NDB සහ DFCC බැංකු ඒකාබද්ධවීම අවසන් අදියරේ

මෙරට බැංකු සහ මූල්‍යායතන ඒකාබද්ධ කිරීමේ වැඩසටහන යටතේ ජාතික සංවර්ධන බැංකුව සහ ඩී.එෆ්.සී.සී. බැංකුව ඒකාබද්ධ කිරීම අවසන් අදියරට පැමිණ තිබෙන බව අනාවරණය වේ. ශ්‍රී ලංකා මහ බැංකුව පවසා තිබෙන්නේ පසුගිය ජනවාරි මාසයේදී නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයට අනුකූලව මෙම ක්‍රියාමාර්ග ගනිමින් තිබෙන බවයි. මේ අතර, මෙරට ක්‍රියාත්මක විදේශීය බැංකුවල කළාපීය නියෝජිතයින් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමග මූල්‍ය…

(0)Comments | March 8, 2014 3:18 am

ලංකාවේ හැදූ ලොකුම නැව ළඟදීම ඉන්දියාවට

ශ්‍රී ලංකාවේ මෙතෙක් නිෂ්පාදනය කළ විශාලතම නෞකාවේ නිෂ්පාදන කටයුතු මේ වනවිට අවසන් කරමින් තිබෙන බවත් ලබන මාර්තු මාසයේදී එය ඉන්දියානු මධ්‍යම රජයට භාරදීමට සැලසුම් කර තිබෙන බවත් කලම්බෝ ඩොක්යාර්ඩ් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා කියයි. කලම්බෝ  ඩොක්යාර්ඩ් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී, මංගල පී.බී. යාපා අප සමග පැවසුවේ මෙම නෞකාවේ මගීන් 450 දෙනෙකු හා භාණ්ඩ ටොන් 2500…

(0)Comments | March 8, 2014 3:14 am

ලංකාව PayPal දොර විවර කිරීමේ වැඩ අරඹයි

ඇමරිකාව පදනම් කරගත් පේපෑල් සේවාව සමග ගනුදෙනු කටයුතු කිරීමේ පාර්ශවකාර බැංකුව වීමට මෙරට බැංකුවක් සාකච්ඡා අරඹා ඇතැයි අනාවරණය වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව මෙරට විදේශීය ප්‍රවෘත්ති සේවාවල මාධ්‍යවේදීන්ට කොළඹදී පවසා ඇත. ශ්‍රී ලංකාවේ සිට පේපෑල් මුදල් හුවමාරු සේවාව තුළින් වෙනත් රටවලට මුදල් යැවිය හැකි නමුත් ලංකාවේ නීති වලට…

(0)Comments | March 8, 2014 3:10 am

විදේශිකයින් කොටස් විකිණීමේ රැල්ල වැඩිවුණේ ඇයි ?

මේ දිනවල කොළඹ කොටස් වෙළඳ පොළේ දකින්නට තිබෙන ප්‍රවණතාවයක් වන්නේ මෙරට මහා පරිමාණ සමාගම්වල විදේශීය ආයෝජකයින් මිලදීගෙන තිබෙන කොටස් විශාල ප්‍රමාණයෙන් විකුණන රැල්ලක් මතුවීමයි. පසුගිය සති කිහිපයේදී මේ ආකාරයෙන් රුපියල් බිලියන ගණනක් වටිනා කොටස් විකුණා විදේශීය ආයෝජකයින් සිය මුදල් තම රට වලට රැගෙන ගියේය. මෙම රැල්ලට හේතුව පසුගිය කාලයේදී ඇමරිකානු මහ බැංකුව විසින් දිගින් දිගටම…

(0)Comments | March 7, 2014 11:33 am