Top News

ODEL, අල්ලපු ඉඩම මිලියන 800 කට ගනී

කොළඹ 07, ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙසේ ඔඩෙල් විලාසිතාගාරයේ ප්‍රධාන සාප්පු සංකීර්ණයට යාබද ඉඩමක් රුපියල් මිලියන 800 කට ඔඩෙල් පීඑල්සී සමාගම විසින් මිලදීගෙන තිබේ. මේ බව සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී ඇත. සමාගම විසින් වැඩිදුරටත් පවසා තිබෙන්නේ සිය පුළුල් කිරීමේ කටයුතු සඳහා මෙම ඉඩම භාවිතා කරන බවයි.

(0)Comments | April 9, 2014 12:21 pm

දෝෂ නිසා ටොයොටා රථ ලක්ෂ 64 ක් යළි සමාගමට කැඳවයි

ලෝකය පුරා අලෙවිකර තිබෙන ටොයොටා මෝටර් රථ ලක්ෂ 64 ක් විවිධ වූ දෝෂ මුල්කර ගනිමින් නැවතත් සමාගම වෙත ගෙන්වා එම දෝෂයන් නිවැරදි කිරීමට ජපාන ටොයොටා සමාගම තීරණය කර තිබේ. වාර්තා වන ආකාරයට මෙම මෝටර් රථ වලින් 35,124 ක් එංගලන්තයට විකුණා ඇත. මෙම තාක්ෂණික දෝෂ නිසා කිසිදු මෝටර් රථයක් අනතුරට පත්වීමක් හෝ පුද්ගලයෙකුට තුවාල වීමක් වාර්තා…

(0)Comments | April 9, 2014 10:41 am

දකුණු අධිවේගියේ දිනක සාමාන්‍ය ආදායම ලක්ෂ 34 ක්

දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් 2013 වසරේදී රුපියල් මිලියන 3.4 ක දෛනික සාමාන්‍ය ආදායමක් ලබාගත් බවත් එම වසරේදී මාර්ගයේ සාමාන්‍යයෙන් වාහන 8,700 ක් පමණ දිනකට ගමන් ගත් බවත් හෙළිවේ. මෙම කරුණු ඇතුළත් වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2013 වසර වෙනුවෙන් නිකුත් කර තිබෙන වාර්ෂික වාර්තාවේයි. දිනකට රුපියල් ලක්ෂ 34 ක ආදායමක් උපයා ගත්තා නම් මාර්ගය තුළින්…

(0)Comments | April 9, 2014 7:01 am

කොළඹ මුහුද ගොඩකරන චීන සමාගමට ඉඩම් දෙන්නෙ මෙහෙමයි

කොළඹ වරාය අසල මුහුද ගොඩකර ඉදිකිරීමට යන වරාය නගරයේ ඉඩම් ආයෝජකයාට ලබාදෙන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනාවරණය කර තිබේ. මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන 2013 වාර්ෂික වාර්තාවට අනුව කොළඹ වරාය පුළුල් කිරීමේ දියකඩනය සමීපයේ සිට ගාලු මුවදොර පිටිය දෙසට පිහිටි මුහුදු ප්‍රදේශය ගොඩ කිරීම මගින් මෙම නව වරාය නගරය ඉදිකරයි. මෙහිදී,…

(0)Comments | April 9, 2014 6:33 am

වස්කඩුව වෙරළේ සිරියාව ඔප කරනා තරුපහේ සිට්‍රස් හෝටලය

මෙරට සංචාරක කර්මාන්තය දිනෙන් දිනම හිස ඔසවමින් තිබෙන තීරණාත්මක අවස්ථාවක වස්කඩුව වෙරළේ කාමර 150 කින් යුක්ත තරුපහේ සුපිරි සිට්‍රස් වස්කඩුව හෝටලය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගත් ජයග්‍රාහී ඉරිදා දිනයේ (06) විවෘත කළේය. සුන්දර මෙන්ම නිස්කලංක පරිසරයක පිහිටි අක්කර 9.5 ක භූමි භාගයක ඉදිකර තිබෙන සිට්‍රස් ලෙෂර් පීඑල්සී සමාගමට…

(0)Comments | April 8, 2014 8:42 pm

අපේ ඒක පුද්ගල ආදායම වැඩිවීම හිතුවටත් වඩා වේගවත් බව මුදල් ලේකම් කියයි

ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම 2016 වසරේදී ඩොලර් 4000 ක් දක්වා වැඩි කිරීමේ ඉලක්කය සැලසුම් කළ කාලයටත් වඩා ඉක්මනින්ම ළඟාකර ගත හැකි බවත් 2016 වනවිට ලබාගත යුතු ඉලක්කය ඩොලර් 5000 ක් දක්වා වැඩි කිරීමට සිදුවිය හැකි බවත් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා කියයි. මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා මේ බව අනාවරණය කළේ 2013 මහ බැංකු…

(0)Comments | April 8, 2014 9:05 am

අධිවේගියේ මාතර සිට මහරගමට බස් පෝලිමට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට මහරගම දක්වා බස්රථ ධාවනය අද පළමු වරට ආරම්භ කෙරුණු අතර මෙහිදී ධාවනය සඳහා බස්රථ 20 ක් යොදවා තිබේ. ලංකා ගමනා ගමන මණ්ඩලය බස්රථ 10 ක්ද පුද්ගලික අංශය බස්රථ 10 ක්ද මාතර සිට මහරගම දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය සඳහා යොදා ඇත. මාතර සිට මහරගම දක්වා බස් ගාස්තුව රුපියල් 500 කි.

(0)Comments | April 8, 2014 3:05 am

ඩො.මි. 500 ජාත්‍යන්තර බැඳුම්කරයේ අලෙවිය ඇරඹෙයි

ඩොලර් මිලියන 500 ක් රැස්කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව විසින් නිකුත් කරන නවතම සෛවරීත්ව බැඳුම්කරයේ ජාත්‍යන්තර අලෙවි කටයුතු ආරම්භ කර ඇතැයි බ්ලූම්බර්ග් පුවත් සේවාව වාර්තා කරයි. වසර පහකින් කල් පිරෙන මෙම බැඳුම්කරයේ මිල මාර්ගෝපදේශනය සියයට 5.5 ක් පමණ වනබව සඳහන්ය. ලංකාව විසින් පසුගිය ජනවාරි මාසයේදීද ඩොලර් බිලියනයක ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් සිදුකරන ලදී.

(0)Comments | April 7, 2014 10:14 am

රොටානා ජෙට් මත්තලට එන දිනය තීන්දුයි

අබුඩාබියේ රොටානා ජෙට් ගුවන් සේවය මත්තල ගුවන් තොටුපොළට පියාසර කරනු ඇතැයි අපි මෙයට පෙර අනාවරණය කළ අතර එම ගුවන් ගමන් අප්‍රේල් 09 වනදා සිට ආරම්භ කිරීමට සූදානම් වේ. මේ අනුව, සතියකට ගුවන් ගමන් වාර තුනක් මත්තල සහ කටුනායක ගුවන් තොටුපොළවල් වලට රොටානා ජෙට් විසින් ක්‍රියාත්මක කරනු ඇත. මෙහිදී, එයාර්බස් 319 ගුවන් යානයක් භාවිතා කරන අතර…

(0)Comments | April 7, 2014 9:58 am

බැංකුවල කෙරුවාව ගැන මහ බැංකු අධිපතිගේ සතුට

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වාණිජ බැංකු සිය පොලී අනුපාත සතුටුදායක මට්ටමක් දක්වා පහළ දමා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා කියයි. මහ බැංකුව විසින් පොලිය අඩුකළත් වාණිජ බැංකු විසින් එයට සාපේක්ෂව පොලිය අඩු නොකිරීම ප්‍රශ්නයක් වන්නේදැයි අප කළ විමසීමට පිළිතුරු ලබාදෙමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව පැවසීය. කෙසේවෙතත්, ඇතැම් ආර්ථික විශ්ලේෂකයින් තර්ක…

(0)Comments | April 7, 2014 1:09 am