Top News

ජෝර්ජ් ස්ටුවර්ට් පාලිත කොටස දේශෝදය ගනී

මෙරට මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ වැඩසටහනට අනුව යමින් ජෝර්ජ් ස්ටුවර්ට් ෆිනෑන්ස් සමාගමේ පාලිත කොටස් අයිතිය මිලදී ගැනීමට පසුගියදා ගිවිසුමකට එළඹුණු සර්වෝදය ව්‍යාපාරයට අයත් දේශෝදය ඩෙවලොප්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම අදාළ ගිවිසුමට අනුව ජෝර්ජ් ස්ටුවර්ට් ෆිනෑන්ස් සමාගමේ සියයට 70.25 ක පාලිත කොටස් ප්‍රමාණය රුපියල් මිලියන 350 කට ආසන්න මිලකට අද මිලදීගෙන තිබේ. මෙහිදී, දේශෝදය ඩෙවලොප්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ්…

(0)Comments | September 24, 2014 11:38 am

කෙට්ටුම කෙට්ටු Alibaba චීනයේ අලිම බබා වෙයි

ලෝකයේ මෙතෙක් සිදුකළ දැවැන්තම මහජන කොටස් නිකුතුව චීනයේ Alibaba ඊ-වාණිජ්‍යය සමාගම විසින් සිදුකිරීමෙන් පසුව චීනයේ අංක එකේ ධනවතා බවට මෙම සමාගමේ සමාරම්භක ජැක් මා පත්ව ඇතැයි නවතම සමීක්ෂණ වාර්තා අනාවරණය කරයි. මෙම වාර්තාවන්ට අනුව ජැක් මා නැමැත්තාගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 25 කි. ඔහුගෙන් පසුව චීනයේ දෙවැනි ධනවතා බවට පත්ව තිබෙන්නේ Wanda සමූහයේ සභාපති, වැන්ග්…

(0)Comments | September 24, 2014 6:32 am

අනිලානා යළිත් පිම්මකට සූදානම්

රුපියල් 07 බැගින් වන සාමාන්‍ය කොටස් මිලියන 109.6 ක් දැනට සමාගමේ සිටින කොටස් කරුවන්ටම හිමිකම් නිකුතුවක් (Rights Issue) ලෙස නිකුත් කරමින් රුපියල් මිලියන 767.3 ක් රැස්කර ගැනීමට අරමුදල් කළමනාකරුවෙකු මෙන්ම ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන අසංග සෙනෙවිරත්න මහතා නායකත්වය දෙන අනිලානා හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පී.එල්.සී. සමාගම සූදානම් වේ. මේ අනුව, මෙම නිකුතුව සිදුකරන්නේ දැනට තිබෙන සෑම කොටස්…

(0)Comments | September 24, 2014 4:56 am

මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීම වෙනුවෙන් විනිමය කොමිසම බැමි ලිහයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දියත් කර තිබෙන මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ වැඩසටහන (Financial Sector Consolidation) සඳහා සහයෝගයක් ලබාදීමට අදාළ ඒකාබද්ධ කිරීමේ වැඩසටහන යටතේ සිදුවන ගිවිසගත් ගනුදෙනු (Crossings) දැනට පනවා තිබෙන රෙගුලාසියකින් නිදහස් කිරීමට සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව කටයුතු කර තිබේ. කොළඹ කොටස් වෙළඳ පොළේ ගිවිසගත් ගනුදෙනුවක් සිදුවීමේදී අදාළ කොටස් මිල ගනුදෙනුව සිදුවන දිනයට…

(0)Comments | September 23, 2014 6:01 am

Twitter වලින් එන්නැයි මහ බැංකු අධිපතිවරයා ජනතාවට කියයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ සජීවීව මහජනතාවගේ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදීමට සූදානම් වේ. මේ අනුව, ලබන බදාදා (24) මෙරට වේලාවෙන් උදෑසන 10 ත් 11ත් අතර කාල සීමාවේදී මහ බැංකු අධිපතිවරයාට #askcbsl යන ට්විටර් ගිණුම ඔස්සේ ජනතාවට ප්‍රශ්න ඉදිරිපත් කළ හැකිය.

(0)Comments | September 22, 2014 9:18 am

චීනයේ අලිබාබා ලොවම හොල්ලයි

චීනයේ අති දැවැන්ත ඊ-වාණිජ්‍යය සමාගමක් වන Alibaba Group Holding Ltd (BABA.N) විසින් සිදුකළ මහජන කොටස් නිකුතුව තුළින් ඩොලර් බිලියන 25 ක මුදලක් රැස්කරගෙන තිබෙන අතර එය ලොව මෙතෙක් සිදුකළ විශාලතම මහජන කොටස් නිකුතුව බවට පත්ව තිබේ. අති දැවැන්ත ඉල්ලුමක් ඇතිවූ මෙම මහජන කොටස් නිකුතුවේදී මූලික වශයෙන් ඩොලර් බිලියන 21.8 ක් රැස්කර ගත් අතර කොටස් ගනුදෙනු…

(0)Comments | September 22, 2014 5:50 am

නිමල් සිරිපාලගේ සහ ඩිලාන්ගේ ආසන පරාදයි

රජයේ ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනෙකු වන නිමල් සිරිපාල ද සිල්වා සහ ඩිලාන් පෙරේරා යන මහත්වරුන් නියෝජනය කරන ආසන දෙක ඌව පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජයට පත්වීම කැපී පෙනේ. මේ අනුව, වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යවරයා නියෝජනය කරන බදුල්ල ආසනය ඡන්ද 6098 කින්ද විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යවරයා නියෝජනය කරන හාලිඇල ආසනය ඡන්ද 2796 කින්ද…

(0)Comments | September 22, 2014 1:14 am

පුරාණයේ සිටම වෙළඳ නගරයක් වන ගාල්ලට තවත් දායාදයක්

ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝව විසින් නම්කළ ඓතිහාසික ගාලු කොටුවේ තිබෙන ලන්දේසි රෝහල නාගරික සංවර්ධන අධිකාරිය විසින් නවීකරණය කිරීමෙන් පසුව නවීන සාප්පු සංකීර්ණයක් ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කළේය. මෙම විවෘත කිරීමේ උත්සවය ඊයේ සන්ධ්‍යාවේ අති උත්කර්ශවත් අයුරින් පැවැත්වුණි. මෙය ඓතිහාසික ගරු ගාම්භීරත්වය සුරැකෙන පරිදි නවීකරණය කර තිබෙන අතර අත්කම්, චිත්‍ර, කුළුබඩු, ස්වර්ණාභරණ, මැණික්,…

(0)Comments | September 21, 2014 6:53 am