Top News

මරුටි සුසුකි පවුලේ අලුත්ම සාමාජිකයා මෙන්න

සිය නවතම මෝටර් රථ මාදිලිය වන Maruti Suzuki Dzire හඳුන්වා දීමට මරුටි සුසුකි ඉන්දියා සමාගම ඊයේ (24) පියවර ගන්නා ලදී. මෙය අලෙවිය සඳහා මැයි 16 දින වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර තිබේ. Hyundai Xcent, Honda Amaze, Volkswagen Ameo, Ford Aspire ආදී මීට සමගාමී මෝටර් රථවලට Maruti Suzuki Dzire වෙතින් දැඩි අභියෝගයක් එල්ල වනු ඇතැයි වාර්තා…

(0)Comments | April 25, 2017 8:35 am

UTE සහ HNB මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සවිබල ගැන්වීමට ඉදිරිපත් වෙයි

වෙළඳපල තරගකාරීත්වය සහ බලශක්ති කාර්යක්ෂම යන්ත්‍රෝපකරණ සඳහා පවතින අධික ඉල්ලුම සැලකිල්ලට ගනිමින් යුනයිටඩ් ට්‍රැක්ටර් ඇන්ඩ් ඉක්විප්මන්ට් (UTE) සමාගම සහ හැටන් නැෂනල් බැංකුව මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් සඳහා FS Curtis වායු සම්පීඩක යන්ත්‍ර මිලදී ගැනීමට පහසු ගෙවීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීම වෙනුවෙන් පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළඹියහ. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම පුද්ගලික අංශයේ වාණිජ බැංකුවක්වන හැටන් නැෂනල්…

(0)Comments | April 25, 2017 6:16 am

මෙරට භූමිගත දත්ත සහ තොරතුරු ඇතුලත් ජාතික මට්ටමේ තොරතුරු යටිතල පහසුකම් පද්ධතියක්

ශ්‍රී ලංකාවේ භූමිගත දත්ත සහ තොරතුරු ඇතුලත් ජාතික මට්ටමේ භුමිගත තොරතුරු යටිතල පහසුකම් පද්ධතියක් (Sri Lanka National Spatial Data Infrastructure) සකස් කෙරේ. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සහ නිර්නායකයන්ට අනුව මෙම දත්ත පද්ධතිය සකස් කෙරෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය(ICTA) පවසයි. ප්‍රධාන අංශ 12 ක් පමණ මුල් කර ගනිමින් මෙම දත්ත සහ තොරතුරු පහසුකම් පද්ධතිය…

(0)Comments | April 25, 2017 5:48 am

ඇමතිවරුන්ගේ රතු එළියට ආණ්ඩුවෙන් රතු එළියක්

මාර්ගවල ප්‍රමුඛතාව ලබා ගැනීම සඳහා දේශපාලඥයින්ගේ හා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ගේ මෝටර් රථවල වහලයෙහි සවිකර ඇති රතු ලාම්පු (red beacons) මැයි 01 දින සිට තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ඉන්දීය මුදල් අමාත්‍ය අරුන් ජෙට්ලි පවසන්නේ මින් ඉදිරියට කිසිදු මෝටර් රථයකට red beacons ලාම්පු සවිකිරීම තහනම් වන බවයි. නව නීති…

(0)Comments | April 24, 2017 8:28 am

ගොවි පවුල් 3,000 කට සෙත සලසමින් මහවිලච්චියේ ගොවි පුහුණු මධ්‍යස්ථානය යළි ඇරඹේ

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය, පේමදූව ප්‍රදේශයේ අලුත්වැඩියා කරන ලද ගොවි පුහුණු මධ්‍යස්ථානය සහ කෘෂිකර්ම උපදේශක කාර්යාලය කෘෂිකර්ම අධ්‍යක්ෂ (ව්‍යාප්ති සහ පුහුණු) එස්.ඒ. අරුණප්‍රිය මහතා පසුගියදා විවෘත කළේය. යුරෝපා සංගමය සහය දෙන දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන (EU-SDDP) යටතේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) මෙම ව්‍යාපෘතිය දියත් කළේය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මකවන ගොවි පුහුණු මධ්‍යස්ථානය මීට වසර…

(0)Comments | April 24, 2017 6:42 am

ආයෝජන රැසක් ශ්‍රී ලංකාවට

ආර්ථික විනිවිදභාවය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථාවන් තවදුරටත් පුළුල් කිරීමට අමෙරිකානු වාණිජ මණ්ඩලය එකඟත්වය පළ කළ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙරට මූල්‍ය විනය සම්බන්ධයෙන් ද වාණිජ මණ්ඩලයේ පැසසුම් හිමි වූ බවයි. ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අර්ධ වර්ෂික සමුළුවට සහභාගී වී ඊයේ (23) ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ…

(0)Comments | April 24, 2017 4:18 am

මාර්තු උද්ධමනය සියයට 8.6 දක්වා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකය නිවේදනය කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා 2017 මාර්තු මාසයේ වාර්ෂික උද්ධමනය 8.6%ක් ලෙස ගණනය කර ඇති ‍බව ප්‍රකාශ ක‍ලේය. 2017 පෙබරවාරි මාසයේ උද්ධමනය 8.2%ක් විය. වර්ෂ 2016 සැළකූවිට මාර්තු මාසයේ මිල ගණන් අවම මට්ටමක පැවතීම, 2017 මාර්තු මාසයේ උද්ධමනයේ සුළු වැඩිවීමට ප්‍රධාන හේතුවක් විය. 2017…

(0)Comments | April 22, 2017 7:23 am

නිලාවැලි වෙරළේ කොකෝ විලා ඇරඹේ

ත්‍රිකුණාමලය නිලාවැලි වෙරළ ආසන්නයේ දර්ශනීය ස්ථානයක පිහිටා ඇති පොල් වගාකිරීමේ මණ්ඩලයේ 10 වන කොකෝ විලා සංචාරක බංගලාව විවෘත කිරීමේ උත්සවය වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණ. සියලු නවීන පහසුකම් වලින් සමන්විත මෙම සංචාරක නිකේතනය දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා වඩා සාධාරණ මිලගණන් යටතේ ලබාගත හැකිය. මීට සමගාමීව පොල් වගාකිරීමේ මණ්ඩලයේ නවතම දෙමුහුන්…

(0)Comments | April 21, 2017 7:56 am

ජාත්‍යන්තර විද්‍යා සහ ඉංජිනේරු ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවෙන් සිසුන් 4ක්

ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර දී පැවැත්වීමට නියමිත 68 වැනි ජාත්‍යන්තර විද්‍යා සහ ඉංජිනේරු ප්‍රදර්ශනයට සහභාගී වන සිසුන්ට ගුවන් ටිකට් පත් ප්‍රදානය පසුගියදා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. ඒ අනුව 2017 මැයි මස 17 සිට19 දින දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිසුන් සිව් දෙනෙක් සහභාගීවීමට නියමිතයි. මේ සඳහා රටවල් 75ක් නියෝජනය…

(0)Comments | April 21, 2017 4:45 am

පුනර්ජනනීය විදුලිබල නිෂ්පාදනය පිළිබඳ සාකච්ඡාවක්

කුඩා ජල විදුලිබලාගාර ආශ්‍රිතව සිදු කෙරෙන පුනර්ජනනීය විදුලිබල නිෂ්පාදනය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු නිලධාරින් ද, කුඩා පරිමාණ ජල විදුලිබලාගාර සංවර්ධකයින්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් ද මෙම හමුුවට එක්ව සිටියහ.

(0)Comments | April 21, 2017 4:44 am