Top News

තිදෙනෙකුගෙන් ආරම්භ කළ ව්‍යාපාරයේ දැන් 1,500 ක් සිටිනවා

2016 වසරේ දී ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය පැවැත්වූ සම්මාන ප්‍රදානයේ දී මහා පරිමාණ අංශයේ හොඳම ව්‍යවසායකයාට හිමි ප්ලැටිනම් සම්මානය දිනා ගැනීමට සමත් වූ SMS හෝල්ඩිංග්ස් සමාගමේ සභාපති/ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන ෂෙහාන් සෙනෙවිරත්න මහතා මෙවර අද දෙරණ Biz 24×7 සමඟින් එක්විය. එහිදී සාකච්ඡාව ආරම්භ කරමින් සෙනෙවිරත්න මහතා කියා සිටියේ 2001 වසරේ දී සේවකයින්…

(0)Comments | March 9, 2017 7:46 am

මහින්ද්‍රා KUV 100 එකලස් කිරීම ශ්‍රී ලංකාවට

ඉන්දියාවේ මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා සමාගමේ මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් නුදුරේදීම ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ. මහින්ද්‍රා මෝටර් රථ ඇතුළු නිෂ්පාදිත මෙරට බලයලත් අලෙවි ආයතනය වන අයිඩියල් මෝටර්ස් හි සභාපති නලින් වෙල්ගම විසින් දේශීය පුවත්පතක් වෙත මේ බව අනාවරණය කර තිබේ. මෙහිදී වැඩිදුරටත් වෙල්ගම මහතා විසින් කියා සිටින්නේ කොළඹට ආසන්න හොරණ…

(0)Comments | March 9, 2017 7:39 am

ෆාමසි ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි

ෆාමසි ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. දිවයින පුරා පිහිටි ෆාමසි පිළිබදව සංගණනයක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය හරහා සිදු කිරීමෙන් පසු ලියාපදිංචිය පිළිබද තීරණයක් ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි. සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමය සංවිධානය කළ ඖෂධ ශාලා හිමියන් සහ ඖෂධවේදීන්…

(0)Comments | March 9, 2017 6:46 am

ධම්මිකගේ සමාගම්වලට නිමල් සමුදෙයි

මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු හා කොටස් වෙළෙඳපොළ ආයෝජකයෙකු වන නිමල් පෙරේරා, තමන් විසින් ලැයිස්තුගත සමාගම් කිහිපයකම දරනු ලැබූ තනතුරුවලින් ඉවත් වී තිබේ. මේ බව අදාළ සමාගම්වල ලේකම්වරුන් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දන්වා යවා ඇත. 2017 මාර්තු 07 වන දින සිට බලපැවැත්වෙන පරිදි රෝයල් සෙරමික් පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් වීම සඳහා ඔහු විසින්…

(0)Comments | March 9, 2017 5:55 am

දකුණු ආසියාවේ පළමු බහළු දොඹකර ක්‍රියාකරවන්නිය වරාය අධිකාරියෙන්

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ වරාය සහ සමුද්‍රීය විද්‍යායතනයේ පුහුණුව ලත් බහළු දොඹකර ක්‍රියාකරවන්නියන්ගේ පළමු කණ්ඩායම ඊයේ (08) විසිර ගියහ. ඒ දකුණු ආසියාවේ පළමු බහළු දොඹකර ක්‍රියාකරවන්නිය ශ්‍රී ලංකාවෙන් බිහි කරමිනි. විසිර යාමේ උත්සවය වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් මහපොළ වරාය සහ සමුද්‍රීය විද්‍යායතනයේදී පැවැත්විණ. ඊයේට යෙදුණු ලෝක කාන්තා දිනය සමරමින් පැවැත්වුණු…

(0)Comments | March 9, 2017 4:34 am

කොකා කෝලා : ස්ථිර වචනයක් තවම නැහැ – මලික්

කොකා කෝලා සමාගම විසින් සිය කර්මාන්ත ශාලාවක් මෙරට පිහිටුවීම සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් මේ දක්වා සිදුකර නොමැති බව ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි. ඊයේ පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. “කොකා කෝලා නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් මෙරට පිහිටුවීම සඳහා මේ දක්වා කිසිදු යෝජනාවක් අදාළ සමාගමෙන් ලැබී නැහැ. එවැනි යෝජනාවක් අපිට ලැබුණා නම්, එය අනුමත…

(0)Comments | March 8, 2017 6:45 am

ශ්‍රී ලංකාවේ විද්‍යුත් අධ්‍යාපන බිහිදොර අන්තර්ජාලයට

ශ්‍රී ලංකාවේ විද්‍යුත් අධ්‍යාපන බිහිදොර www.youcompare.lk වෙබ් අඩවිය එළිදැක්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) සිදු විය. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී වෙබ් අඩවිය එළිදැක්වීම සිදු කෙරිණි.

(0)Comments | March 8, 2017 6:03 am

මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට මූල්‍ය අරමුදලෙන් අනුබල

උද්ධමනය හෝ ණය වර්ධනය පහළ යෑමක් සිදු නොවන්නේ නම් මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කිරීම කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස දිරිමත් කිරීමට පියවර ගන්නා බව කියා සිටී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවුරුදු තුනක කාල පරාසයක් පුරා දිවෙන විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකා බලධාරීන් විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ආර්ථික…

(0)Comments | March 8, 2017 12:01 am

බුරුසු අපනයනකරුට ඉහළ වටිනාකමක්

අද (07) දින විවෘත කරන ලද BPPL Holdings සමාගමේ මූලික මහජන කොටස් නිකුතව සඳහා ආරම්භක දිනයේ දීම ලද අධිදායකත්වය හේතුවෙන් ආරම්භක දිනයේ දීම වසා දැමූ බව නිවේදනය කර සිටී. මෙරට ප්‍රමුඛ පෙළේ බුරුසු නිෂ්පාදකයෙකු හා අපනයනකරුවකු BPPL Holdings සමාගම Beira Group ලෙසින් ද හඳුන්වනු ලබයි. රුපියල් මිලියන 368.22 ක අරමුදලක් සම්පාදනය කර ගැනීම සඳහා රුපියල්…

(0)Comments | March 7, 2017 12:23 pm

ආර්ථික රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳ මාර්ගගත පාඨමාලාවක්

විදේශ කටයුතු අමාත්‍යාංශය, ආර්ථික රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් එය ඉටුකරන කාර්ය භාරයේ කොටසක් වශයෙන්, ශ්‍රී ලංකාවේ විශේෂ ආර්ථික අවශ්‍යතා සපුරාලීමේදී හා අභියෝගවලට මුහුණ දීමේදී උපකාරී වන ආර්ථික රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳ මාර්ගගත පාඨමාලාවක් සැලසුම් කිරීමට හා ක්‍රියාත්මක කිරීමට සුවිශේෂී පියවරක් ගෙන තිබේ. මෙය, විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් වාණිජ දෙපාර්තමේන්තුව හා ලොව ඉතා කීර්තිමත් විශ්ව විද්‍යාලයක් වන හාවර්ඩ්…

(0)Comments | March 7, 2017 11:51 am