විකිණූ රෙදි සෝදන යන්ත්‍ර මිලියන 2.8 ක් යළි ගෙන්වයි මේ වන විට උද්ගත වී ඇති අවදානම් තත්ත්වයක් හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය තුළ අලෙවි කර ඇති රෙදි සෝදන යන්ත්‍ර මිලියන 2.8 කට ආසන්න ප්‍රමාණයක් යළි කැඳවීමේ තත්ත්වයකට සැම්සුන්ග් සමාගම මුහුණ පා ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි. මෙලෙස යළි කැඳවීමට යොමු කර ඇත්තේ 2011 මාර්තු මස සිට…
ක්‍රිෂාන් බාලේන්ද්‍රන් සහ ගිහාන් කුරේ, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස නම් කර තිබේ. ඒ 2017 වසරේ සිට සමාගමේ අධ්‍යක්ෂ ධූරවලින් විශ්‍රාම ගන්නා අජිත් ගුණවර්ධන හා රොනී පීරිස් වෙනුවටය. ක්‍රිෂාන් බාලේන්ද්‍රන්, 2007 වසරේ සිට ජෝන් කීල්ස් කොටස් තැරැව්කාර සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජිකයෙකු ලෙසින් කටයුතු කරනු ලබන අතර, ගිහාන් කුරේ සමූහයේ ආයෝජන…
ආනයනික කිරිපිටි මත වැට් බදු පැනවීම හේතුවෙන් කිරිපිටි මිල කිසිදු අයුරකින් වැඩි නොවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. නොවැම්බර් 01 වන දා සිට ක්‍රියාත්මක වන නව සංශෝධිත වැට් බදු පනත මගින් ආනයනික කිරිපිටි, වැට් බද්දට යටත් කරන ලදී. එහෙත් දැනටමත් කිරිපිටි වර්ග සඳහා උපරිම සිල්ලර මිල පාලනයක් නියම කර ඇති බැවින්, අදාළ ආනයනික…
ලොව විශාලතම මගී නෞකාවක් වන, අධිසුඛෝපභෝගී Genting Dream නෞකාව පසුගිය ඔක්තෝබර් 31 වැනි දින කොළඹ වරායට පැමිණෙන ලදී. මඟීන් 2,000 කට වැඩි පිරිසකට ගමන් කළ හැකි මෙම නෞකාව අද වන විට ලොව තිබෙන දෙවැනියට විශාලතම සුඛෝපභෝගී මඟී නෞකාව ලෙසින් සැලකේ. මුම්බායි සිට සිංගප්පූරුව බලා ගමන් ගන්නා අතරවාරයේ දී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ නැංගුරම් ගන්නා ලද…
එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල මේ වන විට රු. 150.00 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඊයේ දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 146.53 ක් ලෙසත් විකුණුම් මිල රු. 150.19 ක් ලෙසත් සටහන් වී තිබිණි. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා සිදුකරන…
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස ඇරඹීමට සියල්ල සූදානම් රජයේ නව ආර්ථික සැලසුම් වලට අනුව ආයෝජකයින් සඳහා වැඩි අවස්ථා ලබාදීමත් එමගින් ගුණාත්මක හා ඉහල මට්ටමේ රැකියා උත්පාදනයත් අරමුණු කරගිනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. කැබිනට් මණ්ඩලයේ පූර්ණ අනුමැතිය සහිත නව ටයර් කම්හල සඳහා ලංවා වානේ සංස්ථාව අමෙරිකා ඩොලර් මිලියන 75 ක් ආයොජනය කරයි. මෙම කම්හල අග්නිදිග ආසියා…
ජනගහනයට සමානුපාතිකව වැඩිම මද්‍යසාර පරිභෝජනයක් සහිත රටවල් 15 මෑතක දී කරන ලද අධ්‍යයනයක දී හෙළි වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිදු කර ඇති මෙම අධ්‍යයනයට අනුව එක් එක් රටවල පුරවැසියෙකු සාමාන්‍ය වශයෙන් වාර්ෂිකව පරිභෝජනය කරනු ලබන මද්‍යසාර ලීටර ප්‍රමාණය මෙමඟින් අනාවරණය වී තිබේ. ඊට අනුව වැඩිම මද්‍යසාර පරිභෝජනයක් සහිත ජනතාවක් සිටින රට ලෙස හඳුනාගෙන…
වකුගඩු රෝග සඳහා වැඩි අවදානමක් ඇති අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, මොණරාගල, පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රික්ක වලට පිරිසිදු පානීය ජලය සැපයීම සඳහා පළාත් පාලන වැඩිදියුණු කිරීමේ ආංශික ව්‍යාපෘතිය යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ, ආසියානු සංවර්ධන අරමුදලින් ඇ.ඩො. මිලියන 60ක අතිරේක ප්‍රතිපාදන ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ආසියානු සංවර්ධන බැංකුව විසින් ඊයේ (02) ණය ගිවිසුමකට අත්සන් තබන ලදී…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වූ EQUITY ONE PLC, 2016 නොවැම්බර් 02 වන දින සිට තව දුරටත් ලැයිස්තුගත සමාගමක් නොවන බව කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රේණුක විජේවර්ධන මහතා විසින් දැනුම් දී සිටී. මේ අනුව EQUITY ONE PLC හි කොටස් ඊයේ දිනයේ සිට ගනුදෙනු වන්නේ නැත. Carson සමූහයට අයත් සමාගමක් වන EQUITY ONE PLC හි…
ඉරානයේ සංචාරයක නිරත ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා ඊයේ (02) ඉරාන රජයේ කෘෂිකර්ම හා ධීවර විෂය භාර නියෝජ්‍ය අමාත්‍යවරුන් හමු විය. මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සංවර්ධනයන් වෙනුවෙන් තම රජයේ නිබද සහාය ලබා දීමට අපේක්ෂා කරන බවත් ප්‍රාථමික කර්මාන්ත අංශයේ ආයෝජන වෙනුවෙන් දෙරට අතර පුළුල් සබදතාවක් ඇති කිරීමට පියවර ගන්නා බවත් මෙහිදී අමාත්‍ය දයා ගමගේ මහතා…