සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස් සමාගමේ නවතම නිෂ්පාදිතය වූ Galaxy Note 7 ස්මාර්ට් ජංගම දුරකතනයේ නිෂ්පාදන අත්හිටුවා ඇති බව වාර්තා වේ. මෙම මාදිලියේ ස්මාර්ට් ජංගම දුරකතනවල බැටරි පුපුරා ගිනි ගැනීමට ලක්වූ අවස්ථාවන් රැසක් පසුගිය කාලය පුරාවට වාර්තා වූ අතර එහිදී සමාගම කටයුතු කළේ අලෙවි කරන ලද සියලූම ඒකක යළි කැඳවීමටයි. මෙම යළි කැඳවීමෙන් මසකට පසු Galaxy Note 7 තවදුරටත්…
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට පිළිකාර ප්‍රතිකාර ඒකකයක් ලබා දීමේ අරමුණින් ගමන් ගන්නා Trail පා ගමන පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම ව්‍යාපෘතිය යටතේ පළමු පා ගමන 2011 වසරේ දී ආරම්භ වූ අතර යාපනය තෙලිප්පලෙයි පිළිකා ප්‍රතිකාර රෝහල ඉදිකිරීම වෙනුවෙන් එය ක්‍රියාවට නැංවිණි. එම පළමු ව්‍යාපෘතිය සාර්ථ්කත්වයට පත් වීමෙන්…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවට සමගාමීව පොදු රාජ්‍ය මණ්ඩලීය මුදල් අමාත්‍යවරුන්ගේ හමුව පසුගිය දා (06) අමෙරිකාවේ වොෂිංටන් නුවර දී පැවැත්විණි. ලෝක ආර්ථික අර්බුදය, බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීම, දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සඳහා වූ මූල්‍ය සූදානම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා කෙරිණි. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ද මෙම අවස්ථාවට…
ලෝක අපනයන සංවර්ධන සමුළුව – 2016 ඔක්තෝම්බර් 12 සහ 13 දිනවල කොළඹ දී පැවැත්වීමට නියමිතය. මෙවර ලෝක අපනයන සංවර්ධන සමුළුවේ තේමාව වී ඇත්තේ “Trad for success:cconnect’Compete Change” යන්නයි. මේ යටතේ වත්මන් වෙළඳපොළ තුළ පවතින තරගකාරීත්වය, නව වෙළඳපොළවල් සහ වාණිජ සාර්ථකත්වය වැනි කරුණු ගැන විශේෂ අවධානයක් යොමුවනු ඇත. එමෙන්ම මෙය රාජ්‍ය හා පෞද්ගලික අංශය මෙන්ම ආයෝජන…
ආසියානු කලාපයට පොදුවේ බලපාන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන දෙවන ආසියානු සහයෝගිතා සමුළුව අද (08) සිට ලබන 10දා දක්වා තායිලන්තයේ බැංකොක් නුවර දී පැවැත්වෙයි. මේ සඳහා රටවල් 34ක් නියෝජනය කරමින් නියෝජිත පිරිස් සහභාගිවීමට නියමිතය. ආසියානු කලාපයට බලපාන විද්‍යා හා තාක්ෂණය, අධ්‍යාපන, ආහාර සුරක්ෂිතතාවය, බලශක්තිය සහ ජලය, සංස්කෘතික හා සංචාරක කර්මාන්තය සහ තිරසාර සංවර්ධනය ආදී ක්ෂේත‍්‍ර 20ක්…
ජාතික විශ්‍රාමික දිනය අදට යෙදී ඇත. මෙවර ජාතික විශ්‍රාමික දින සැමරැම අද දින රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් කැළණිය වෙදමුල්ල විශ්‍රාමික නිවාඩු නිකේතනයේදී පැවැත්වේ. මාර්ගගත ක්‍රමයට විශ්‍රාම වැටුප් ලියාපදිංචි කිරීම හා දුම්රිය බලපත්‍ර ලබා දීම යන නවීන තොරතුරු තාක්ෂණික ක්‍රමවේදයන් විශ්‍රාමික ප්‍රජාව වෙත හඳුන්වා දීමද මෙදින සිදු කෙරේ.
ඉ-වාණිජ්‍ය හා පරිගණක ක්ෂේත්‍රෙය් නව ප්‍රවණතාවන් හි නෛතික තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥ සුනිල් අබයරත්න මහතා අද දෙරණ Biz 24×7 සමඟින් එක්විය. ඉලෙක්ට්‍රොනික වාණිජ්‍ය කටයුතු සඳහා යොමු වීමේ දී සම්ප්‍රදායික වාණිජ කටයුතුවලින් බැහැර වීමක් දක්නට ලැබුණත් මූලික වාණිජ නීති සංකල්ප අතර වෙනසක් සිදුව නොමැති බව ඒ මහතා මෙහිදී පැවසීය. “පරිගණක ආශ්‍රයෙන් බොහෝ කටයුතු…
ජාතික වෘත්තීය සුරක්ෂිතතා සතිය අද (07) සිට ලබන 14දා දක්වා පැවැත්වීමට කම්වරු අමාත්‍යංශය, කම්කරු දෙපාර්තමේන්තුව හා වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය එක්ව සංවිධානය කරනු ලබයි. සෑම වර්ෂයකම ඔක්තෝම්බර් මාසයේ දෙවන සතිය රුකියාවල නියුක්ත වෘත්තිකයන්ගේ සෞඛ්‍ය හා සුරක්ෂාතතාවය තහවුරු කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය සතියක් ලෙස 2009 වසරේ කැබිනට් ප්‍රකාශයකින් නිර්දේශ…
පාරිභෝගිකයින්ගේ නොමඳ ආදරය දිනාගත් නෙක්ටෝ, ක‍්‍රීම්සෝඩා සහ ඔරේන්ජ් බාර්ලි යන සිසිල්බීම නිෂ්පාදන ලීටර් 1.5 ක ප‍්‍රමාණයේ පෙට් ප්ලාස්ටික් බෝතල්වල ඇසිරීම හා එවැනි බෝතල් නිෂ්පාදනය කිරීම සඳහා එලිෆන්ට් හවුස් සමාගම එංගලන්තය පදනම් කරගත් බෝතල් නිෂ්පාදන සමාගමක් සමග ගිවිසුමකට එළඹ ඇත. මෙම නව ගිවිසුම මගින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සිසිල්බීම නිෂ්පාදකයා අරමුණු කර තිබෙන්නේ යුරෝපීය වෙළඳපොළට අපනයනය කරන…
තොරතුරු තාක්‍ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණය (ITBPO) ආශ්‍රිතව වසර 2022 වන විට ශ්‍රී ලංකාව තුල රැකියා අවස්ථාවන් ලක්‍ෂ හතරක් පමණ උත්පාදනය විය හැකි බව අපේක්‍ෂා කෙරේ. මේ සදහා වන මානව සම්පත සුදානම් කිරීමේ එක් අදියරක් වශයෙන් ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) විසින් දිවයිනේ පාසල් මට්ටමින් ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර…
Video Story