Top News

ශ්‍රී ලංකන්, The City of Sihagiri අහසට කැඳවයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා ප්‍රති ඇණිගත කිරීමේ වැඩසටහන යටතේගෙන්වනු ලබන නවතම එයාර්බස් 330-300 ගුවන් යානාවන් හි දෙවැනි ගුවන් යානය අද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟාවිය. මෙම නවතම ගුවන් යානය “The City of Sihagiri” ලෙස නම්කර ඇති අතර එය ඈත පෙරදිග ගමනාන්ත වන කැන්ටන්, ෂැන්හයි, බීජිං සහ හොංකොං වෙත මෙහෙයුම් සඳහා යොදා ගැනීමට…

(0)Comments | December 19, 2014 7:29 am

JKH සුපිරි හෝටලයට දැවැන්ත ඩොලර් ණයක් ගනී

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගමට අනුබද්ධ වෝටර් ෆ්‍රන්ට් ප්‍රොපර්ටීස් සමාගම විසින් කොළඹ 02, ග්ලේනි වීදියේ ඉදිකරන සුපිරි හෝටලය සහ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය සිදුකිරීම සඳහා ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවෙන් ඩොලර් මිලියන 445 ක ඒකාබද්ධ ණය මුදලක් ලබාගැනීමේ ගිවිසුමකට එළඹ තිබේ. මෙම ණය ලබාගැනීම සඳහා කොටස්කරුවන්ගේ අවසරය ලැබී ඇත. මෙම ව්‍යාපෘති භූමිය කොන්ත්‍රාත්කාර සමාගම වෙත පසුගියදා භාරදුන් අතර ව්‍යාපෘතියේ…

(0)Comments | December 18, 2014 5:06 am

අන්තර් ජාලයෙන් Sex සෙවීමේ ශූරතාවය මෙවරත් ලංකාවට

Google සමාගම විසින් සෑම වසරකම අවසානයේ දී, ඒ වසර තුල වැඩිපුරම කතා බහට ලක්වූ මිනිසුන්, අවස්ථා සහ විවිධ මාතෘකා පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරයි. ඒ අනුව 2014 වසරේ දී වැඩිපුරම මහජන ආකර්ශණය දිනාගැනීඹට සමත් වූ මාතෘකා ඇතුලත් වීඩියෝ පටයක් පසුගියදා නිකුත් කිරීමට Google සමාගම කටයුතු කලා. Google සෙවුම් යන්ත්‍රය යොදාගනිමින් කරන ලද සෙවුම් පිළිබඳ දත්ත අනුසාරයෙනුයි…

(0)Comments | December 18, 2014 12:57 am

ද ෆිනෑන්ස් සමාගමට බිලියන 06 ක මුදල්

ශ්‍රී ලංකා මහ බැංකුව හා ද ෆිනෑන්ස් සමාගම අතර පසුගියදා අත්සන් කළ ගිවිසුමට අනුව සමාගමේ මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාර යෝජනා ක්‍රමය යටතේ රුපියල් බිලියන 06 ක දීර්ඝකාලීන ණය පහසුකමක් ලබාදී තිබේ. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ ප්‍රතිපාදන අනුව 2014 මැයි 26 දින පැවැති රැස්වීමේදී මුදල්…

(0)Comments | December 17, 2014 12:22 pm

ලංකා ක්ලියර්, ඉලෙක්ට්‍රොනික ගනුදෙනු විප්ලවයකට සැරසෙයි – Video Interview

මෙරට චෙක්පත් නිෂ්කාශනාගාරය ලෙස කටයුතු කරන ලංකා ක්ලියර් ආයතනය විසින් ඉලෙක්ට්‍රොනික මුදල් ගනුදෙනු සඳහා පහසුකම් සැපයීම සඳහා ව්‍යාපෘති කිහිපයක්ම සිදුකිරීමට සැලසුම් කර තිබේ. මෙම සැලසුම් පිළිබඳව ලංකා ක්ලියර් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී, සුනිමල් වීරසූරිය මහතා අප සමග අදහස් දැක්වීය. අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන විසින් ලංකා ක්ලියර් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී, සුනිමල් වීරසූරිය…

(0)Comments | December 17, 2014 6:18 am

S&P SL 20 දර්ශකයෙන් සමාගම් තුනක් හැළේ

විශාලත්වය සහ ද්‍රවශීලතාවය අතින් කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත කර තිබෙන ප්‍රමුඛතම සමාගම් 20 යොදා ගනිමින් සකස් කළ S&P SL 20 දර්ශකයේ තිබූ සමාගම් තුනක් ඉවත් කරමින් නව සමාගම් තුනක් එයට ඇතුළත් කිරීමට කොළඹ කොටස් වෙළඳ පොළ පියවර ගෙන තිබේ. මේ අනුව, Asian Hotels & Properties PLC, C T Holdings PLC සහ Hayleys PLC යන…

(0)Comments | December 16, 2014 6:51 am

ලංකාවෙත් චෙක්පත් භාවිතය ආපසු හැරේ

ශ්‍රී ලංකාව තුළ චෙක්පත් භාවිතය අඩු වෙමින් තිබෙන බව චෙක්පත් නිෂ්කාශන (Check Clearance) කටයුතු සිදුකරන ලංකා ක්ලියර් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරීවරයා කියයි. අප සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ලංකා ක්ලියර් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී, සුනිමල් වීරසූරිය මහතා පැවසුවේ මීට වසර 05 කට පෙර තම ආයතනය විසින් දිනකට චෙක්පත් ලක්ෂ 02 ක් පමණ නිෂ්කාශනය (Check Clearance) කළත්…

(0)Comments | December 15, 2014 7:14 am

චම්පිකගේ ආලාපාළු ආර්ථිකය අද කරළියට

පසුගිය කාලයේ දේශපාලන, ආර්ථික හා සමාජීය පරිසරය තුළ සංවාදයට බදුන් වූ පාඨලී චම්පික රණවක විසින් රචිත බලය සහ බලය දෙවන අදියර ලෙස ආලාපාළු ආර්ථිකය (Doom – Boom Economy) ග‍්‍රන්ථය එළිදැක්වීම අද (15) ප.ව. 3.00 ට පිටකෝට්ටේ සෝලිස් හෝටලයේදී සිදුකිරීමට නියමිතය. පසුගිය කාලයේ සිදු කෙරුණු රටට අහිතකර ගනුදෙනු පිළිබඳව මෙම පොතෙන් කරුණු හෙළිකර ඇතැයි සඳහන්ය.

(0)Comments | December 15, 2014 4:33 am

Google Map Street View දැන් ලංකාවටත්

Google Map කියන්නේ අපිට අලුත් දෙයක් නෙවෙයි. ඒත් StreetView නම් ඒ තරම් ලංකාව තුල ප්‍රචලිත නැහැ. ඒකට ප්‍රධානතම හේතුවක් වුනේ මේ වනතෙක් Google Map Street View ලංකාව සඳහා සහාය දැක්වූයේ නැති නිසයි. නමුත් ඒ අවස්ථාව ලාංකිකයින් වන අපට උදාවෙනවා. මේ වන විට රටවල් 63ක් ආවරණය කර ඇති ගූගල් ස්ට්‍රීට් විව් වැඩසටහන ගූගල් සිතියම් වල ඉතාමත්…

(0)Comments | December 12, 2014 1:17 pm

අළුත්ම මහජන කොටස් නිකුතුව ගොඩේ ගොඩ

කොටසක් රුපියල් 12 ක් බැගින් සාමාන්‍ය ඡන්ද සහිත කොටස් මිලියන 6.6 ක මහජන කොටස් නිකුතුවක් කිරීම මගින් රුපියල් මිලියන 79 කට ආසන්න මුදලක් රැස්කර ගැනීමට ආපිකෝ ඉන්ෂුවරන්ස් ලිමිටඩ් සිදුකළ මහජන කොටස් නිකුතුවට අධි ඉල්ලුමක් ලැබී තිබේ. මේ නිසා, මෙම නිකුතුව අද පස්වරු 4.30 ට අවසන් කරන බව සඳහන්ය. මෙම කොටස් නිකුතුව දිරිසවි පුවරුවේ ලයිස්තුගත කිරීමට…

(0)Comments | December 12, 2014 6:10 am