ආර්ථිකය ගොඩනැගීමේ අසීරු තීරණ මේ වන විට ගෙන අවසන්. ජනතාවට කඩිනම් සහන ලබාදීම රජයේ අරමුණයි – ජනපති නව ගුවන් හමුදා මූලස්ථානය විවෘත කරමින් පවසයි. නිවැරදි තීන්දු තීරණ සමඟ මෙම වසර තුළ ශ්‍රී ලංකාව සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ඒ වෙනුවෙන් වු අසීරු තීරණ තමා මේ වන විට…
සුරාබදු ආඥාපනතේ 22 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මත්පැන් සඳහා වූ සුරාබදු නිවේදනයන් හි සංශෝධන සිදුකරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඊට අනුව පහත පරිදි අදාළ බදු ඉහළ දමා ඇත. ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද බලපත්‍රලත් යම් නිෂ්පාදනාගාරයක නිපදවනු ලැබ ඉන් නිකුත් කරනු ලබන්නා වූ විශේෂ අරක්කු මත්පැන් මධ්‍යසාර සෑම…
2023 දෙසැම්බර් මසය තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් ප්‍රමාණය 210,352 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අද (01) දින නිල වශයෙන් දැනුම් දෙන ලදී. ඒ අනුව 2023 වසරේ මෙරටට පැමිණි සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 1,487,303 ක් වේ. එහිදී 2023 දෙසැම්බර් මාසයේ අවසන් දින 10 තුළ දී 82,305 ක සංචාරකයින් පිරිසක් මෙරටට…
කොමර්ෂල් බැංකුව සංකේතානුසාරයෙන් මෙන්ම වචනානුසාරයෙනුත් තිරසාර බව සඳහා වූ කැපවීම හුවා දක්වමින් 2024 වසර ආරම්භ කර ඇත. දුටු පමණින් හඳුනා ගතහැකි නිල් පාටින් යුත් කොමර්ෂල් බැංකු ලාංඡනයට මින් පසු කොළ පැහැ අංගයක්ද එකතු වේ. ඒ තිරසාර බව, විවිධත්වය, අන්තර්ගතකරණය, යහ පාලනය, විනිවිදභාවය, සමාජ සමානාත්මතාව, වගවීම හා පරිසර හිතකාමී විසඳුම් ආදී වූ බැංකුවේ බහුවිධ කැපවීම පෙන්නුම්…
ලොව විශාලතම ලොජිස්ටික් සමාගමක් වන DHL විසින්, ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් කටයුතු සඳහා Mahindra Ideal City PickUp ට්‍රක් රථ තෝරා ගෙන තිබේ. මේ පිළිබඳව X සටහනක් තබමින් Ideal Motors හි නිර්මාතෘ සහ විධායක සභාපති නලින් වෙල්ගම මහතා පවසන්නේ, ශ්‍රී ලංකාව තුළ භාණ්ඩ බෙදාහැරීමේ කටයුතු වෙනුවෙන් දේශීයව එකළස් කරන ලද Mahindra Ideal City PickUp ට්‍රක් රථ…
අද (2024 ජනවාරි 01) සිට ක්‍රියාත්මක වන පරිදි අද දිනට හෝ අද දිනට පසු වයස අවුරුදු 18 සම්පූර්ණ වන පුද්ගලයින්, වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී, බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් (Taxpayer Identification Number – TIN) ලබා ගැනීම අනිවාර්යය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. තවද, තක්සේරු වර්ෂයක් (එක් වර්ෂයක අප්‍රේල් මස…
බැංකු විසින් ණය ගැනුම්කරුවන්ගෙන් ණය ආපසු ලබා ගැනීමට නීතිමය ක්‍රියාමාර්ග (‘පරාටේ’ නීතිය) ක්‍රියාත්මක කරන්නේ තම තැන්පත්කරුවන්ගේ මුදල් ආරක්ෂා කිරීම සඳහා බවත්, එසේ නීතිමය පියවර ගන්නේ අවසාන විකල්පය ලෙස බවත් ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) ප්‍රකාශ කරයි. බැංකු විසින් මෙසේ තැන්පත්කරුවන්ගේ මුදල් ආරක්ෂා කිරීමට ගන්නා පියවරයන්වලට එරෙහිව ණය ගැනුම්කරුවන් පිරිසක් සිදු කරන බලපෑම් වලට ප්‍රතිචාරයක් ලෙස…
කොළඹ කොටස් වෙළෙඳපොළ අද (01) දිනයේ දී දෛනික ගනුදෙනු සඳහා විවෘත නොවන බව වාර්තා වේ. කොටස් වෙළෙඳපොළ දින දර්ශනයට අනුව සෑම වසරකම ජනවාරි 01 වන දා කොටස් වෙළෙඳපොළ සඳහා සම්ප්‍රදායික නිවාඩු දිනයක් වන බැවින් මෙලෙස අද දින කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා විවෘත නොවනු ඇත. ඒ අනුව 2024 වර්ෂය වෙනුවෙන් හෙට (02) දිනයේ සිට කොළඹ කොටස්…
පසුගිය 2023 වසර තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ 25.50% ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් වී තිබේ. 2023 වසරේ අවසාන ගනුදෙනු දිනය වූ පසුගිය දෙසැම්බර් 29 වන සිකුරාදා දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් නිකුත් කරන ලද දෛනික ගනුදෙනු සටහන් වාර්තාවෙහි මේ බව සඳහන් වේ. ඊට අනුව කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන…
2023 දෙසැම්බර් මාසයේ දින 28 ක කාලයක් තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 189,605 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිල වශයෙන් නිවේදනය කර සිටී. මේ අනුව 2023 වසරේ දෙසැම්බර් 28 දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී මෙරටට පැමිණ තිබෙන සමස්ත සංචාරකයින්ගේ ප්‍රමාණය 1,466,556 ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර සංචාරක අමාත්‍ය…
Video Story