කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 නොවැම්බර් මාසයේ වාර්තා වූ සියයට 3.4හි සිට 2023 දෙසැම්බර් මාසයේ දී සියයට 4.0 දක්වා ඉහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම ඉහළ යෑම, 2023 නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපේක්ෂා සිදු කරන ලද පුරෝකථනයන්ට බොහෝ දුරට අනුකූල වේ. මාස…
ඩිජිටල් මුල්‍ය ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මොබයිල් ඇප් එකක් වන Pay&Go සමගින් එක්ව, මහනුවර නගර සභාව (KMC), මුල්‍ය ගනුදෙනු සම්බන්ධ නවතම පෙරළිය සමගින් එක්ව තිබේ. Pay&Go හා ඩිජිටල් හවුල්කාරිත්වයට එළඹෙමින් නගර සභාව, ප්‍රදේශයේ ජනතාවට ස්වකීය මුල්‍ය ගනුදෙනු එනම්, බිල්පත්, වරිපනම් බදු මෙන්ම, අනෙකුත් ගෙවීම් සඳහා ද වඩාත්ම පහසු හා කාර්යක්ෂම අවකාශ සලසා දී…
2023 වසරේ සැප්තැම්බර් මස අවසානය දක්වා වූ දත්ත ආවරණය කරමින් සම්පාදනය කර ඇති 2023 වසරේ මූල්‍ය ස්ථායීතා විවරණය තුළ මූල්‍ය පද්ධතියෙහි වර්ධනයන් හඳුනාගනු ලැබූ අවදානම් හා දුර්වලතා සහ එවැනි අවදානම් අවම කිරීම සඳහා මහ බැංකුව සහ අනෙකුත් නියාමන ආයතන විසින් සලකා බලනු ලබන කාල සීමාව තුළ ගනු ලැබූ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ඇතුලත් වේ.
ලොව ප්‍රමුඛතම ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදන සමාගමක් වන චීනයේ Xiaomi විසින් පළමු වරට මෝටර්රථ කර්මාන්තය වෙත සිය ප්‍රවේශය සනිටුහන් කරමින් එහි පළමු ඉලෙක්ට්‍රික් මෝටර් රථය ඊයේ (28) දින එළිදක්වන ලදී. Xiaomi SU7 ලෙසින් නම් කර ඇති මෙම රථය සඳහා Speed Ultra යන යෙදුම කෙටි කර SU7 යන නාමය තබා ඇත. Tesla සහ Porsche ඉලෙක්ට්‍රික් කාර්රථවලට…
මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා මහත්මිය. බදු සංශෝධනය හේතුවෙන් පවුලක මාසික වියදම තවත් රුපියල් 40,000කින් පමණ ඉහළ යන බවට පළවන මත සාවද්‍යයි. එකතු කළ අගය මත බද්ද (VAT) යටතට ගැනෙන භාණ්ඩ හා සේවා මත පනවා ඇති වෙනත් බදු ඉවත් කර සුදුසු බදු ගැලපීම් සිදු කරමින් වැට් බදු සංශෝධනය හමුවේ සිදුවන බලපෑම අවම කිරීමට…
ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව 2023 ඔක්තෝම්බර් මාසයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය 2023 නොවැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 968.8 දක්වා 4.4% කින් වැඩි වී ඇත.කෙසේ වෙතත්, එය 2022 නොවැම්බර් මාසයේ වාර්තා වූ අගයට සාපේක්ෂව 2.67% ක අඩුවීමකි. රූපය 1: මාසික වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය 2020 –…
මුස්ලිම් ආගමික අධ්‍යාපන ගැටළුවට කඩිනම් විසඳුම්. කඳුකර ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න කෙරෙහි විශේෂ අවධානයක්. ත්‍රස්තවාදයට සම්බන්ධයක් නැති, රටේ විප්ලවයක් ඇති කිරීමට හේතු නොවන අදහස් ප්‍රකාශ කිරීම්වලට ඉඩ ලැබිය යුතුයි. සමෘද්ධිමත්, එක්සත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් එක්ව කැපවෙමු- ජනපති සියලු දේශපාලන පක්ෂ වෙත යළි ඇරයුම් කරයි. රට තුළ ස්ථාවර ආර්ථිකයක් ගොඩනැඟීම සහ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීම අද රට…
පසුගිය මාස දෙකක පමණ කාලය තුළ දී එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වුණු අඩුම රුපියල් අගය අද (27) දින වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 320.53 ක් හා විකුණුම් මිල රු. 330.38 ක් ලෙසින් සටහන් වී ඇත. මෙලෙස ඩොලරයේ…
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය රජයට අනතුරු අඟවයි 2024 ජනවාරි 01 දා සිට ක්‍රියාත්මක ආනයනික නොකැපූ මැණික් මත සහ ශ්‍රී ලංකාවේදී සංචාරකයන්ට අළෙවිකරන මැණික් සහ මැණික්ද යොදා ගනිමින් නිපදවන ස්වර්ණාභරණ මත 18% වැට් බද්ද පැනවීමෙන් බරපතල හානියක් සිදුවන බවට ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ (Sri Lanka Gem and Jewellery Association – SLGJA) සාමාජිකයෝ…
– ජනාධිපති කාර්යාලය තීරණය කරයි කොවිඩ්-19 ව්‍යාප්තව පැවති අවධියේ ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට හා අරමුදල් රැස්කිරීම සඳහා භාවිතා කළ itukama.lk වෙබ් අඩවිය තව දුරටත් පවත්වා ගෙන නොයාමට ජනාධිපති කාර්යාලය තීරණය කර ඇත. කොවිඩ් රෝග ව්‍යාප්තිය පාලනය කිරීමෙන් පසුව එම වෙබ් අරමුදලට බැර වූ මුදල් පිළිබඳ විස්තර වාර්තාව වෙබ් අඩවියේ මුල් පිටුවේ මත ඉදිරිපත් කරමින් 2022….
Video Story