බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය නැවත ගොඩනැඟීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ හැර වෙනත් මගක් නොමැති බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය බිඳ දැමුවහොත් මුළු රටම නැවත කඩාවැටෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. බලය ලබා ගැනීමේ අරමුණින් බොහෝ දේශපාලනඥයන් ජනතාව ඉදිරියේ මවන සුරංගනා කතා ගැන රටම පරිස්සම් විය යුතු බවත්,…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මාස 48ක විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ පළමු සමාලෝචනය ඊයේ (12) දින සම්පූර්ණ කරන ලදී. මෙම පළමු සමාලෝචනය සම්පූර්ණ කිරීම මගින් විශේෂ ගැනුම් හිමිකම් (SDR) මිලියන 254 ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 337 ක ප්‍රමාණයක් වහාම ශ්‍රී ලංකාව වෙත මුදා හැරීමට ඉඩ සලසනු ඇත. ඒ අනුව මෙම පහසුකම යටතේ…
2025 වසරේ දී දේපළ බදු ක්‍රමයක් ක්‍රියාවට නැංවීම, රජයේ ආදායම් ඉහළ නැංවීමේ ක්‍රියාවලියේ වැදගත් කොටසක් වනු ඇති බවත් ඊට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් බවත්, IMF ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වූ මාස 48ක විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ…
මෙරට බලපත්‍රලාභී වානිජ බැංකුවල, බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය (AWPR) 12.79% ක් දක්වා පහළට පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. වාර්තාවක් නිකුත් කරමින් මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ පූර්ව සතියේ දී එම අනුපාතිකය 13.03% ක් ලෙසින් පැවති බවයි. මීට වසරකට පෙර මෙම අනුපාතිකය 28.51% ක් තරම් ඉහළ අගයයක් විය. මේ අනුව බලපත්‍රලාභී…
වසර 2030 වන විට ජාතිකව නිර්ණය කළ දායකත්ව ඉලක්ක සපුරා ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත. දැනට පවතින ක්‍රමවේද අනුගමනය කරමින් එවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ගත වන කාලය මෙන්ම එකී ක්‍රමවේද අනුව කටයුතු කිරීමේදී උනන්දුවක් දක්වන ආයෝජකයින්ට මුහුණ පෑමට සිදු වන අපහසුතා සැලකිල්ලට ගෙන, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති…
යාපනය අර්ධද්වීපයේ ඩෙල්ෆ්, නයිනතිව් සහ අනලතිව් යන දූපත්වල පදිංචිකරුවන්ට විදුලිය සැපයුම ලබා දීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 11ක පාර්ශ්වීය ප්‍රදානයක් ශ්‍රී ලංකා රජයට සැපයීමට ඉන්දීය රජය කැමැත්ත පළ කර තිබේ. ඒ අනුව, එළඹි අවබෝධතා ගිවිසුමේ කොන්දේසි අනුව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියානු කොන්ත්‍රාත්කරුවන්ගෙන් පමණක් ලංසු කැඳවා ඇත. ඒ සඳහා ඉදිරිපත් කරන ලද යෝජනාව ඇගයීමට…
2024-01-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බදු සඳහා ලියාපදිංචි වීමේ සීමාව වර්ෂයකට බදු අය කළ හැකි සැපයුම්වල සමස්ත වටිනාකම රුපියල් මිලියන 80 සිට රුපියල් මිලියන 60 දක්වා අඩු කිරීම සඳහාත්, එකතු කළ අගය මත බදු අනුපාතය 15% සිට 18% දක්වා වැඩි කිරීම සඳහාත් විධිවිධාන පනවමින් 2002 අංක 14 දරන එකතු කළ…
2023 දෙසැම්බර් මුල් දින 10 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 57,394 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. ඒ අනුව 2023 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් ප්‍රමාණය 1,334,345 ක් ලෙසින් වාර්තා වී තිබේ. පසුගිය දෙසැම්බර් 10 වන දින 8,696 ක සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ…
ආසියානු සංවර්ධන බැංකු අරමුදල් මඟින් ක්‍රියාත්මක වන දුම්රිය කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රත්මලාන දුම්රිය ඩීසල් බලවේග කට්ටල කර්මාන්තශාලාව සැලසුම් කර ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා ජාත්‍යන්තර ලංසු කැඳවා ඇත. ඒ අනුව, ලංසු 09ක් ඉදිරිපත් වී ඇති අතර ලංසු 02ක් ප්‍රතික්ෂේප වී තිබේ. ඉතිරි ලංසු 07 ඇගයීමට ලක් කිරීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන…
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා තෙල් සහ ලිහිසි තෙල් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය සඳහා ජාතික තරඟකාරී ලංසු කැඳවා ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් එක් එක් අයිතමය සත පදනම්ව Lanka IOC PLC සහ Chevron Lubricants Lanka PLC වෙතින් අදාළ තෙල් සහ ලිහිසි තෙල් මිල දී ගැනීම නිර්දේශ කර…
Video Story