Top News

ශ්‍රි ලංකාවේ තේ අපනයනයේදී අප්‍රිකාවෙන් තිරුබදු සහන

ශ්‍රී ලංකා තේ සඳහා වසර තුනකට නොවැඩි කාලයකට තීරුබදු පහත හෙළීම සඳහා කෙරෙන ඉල්ලීම හැකි අයුරින්  සලකා බලන බව ශ්‍රි ලංකාවේ අප්‍රිකානු මහ කොමසාරිස් රොබීනා පී. මාර්ක්ස් මහත්මිය පැවසුවාය. ඇය මේ බව සඳහන් කළේ ලක්ෂ්මන් කදිර්ගමාර් ජාත්‍යන්තර සබඳතා හා ක්‍රමෝපායික අධ්‍යයන ආයතනය (LKI), සංවිධානය කර තිබූ  ‘ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ව්‍යාපාර ප්‍රවර්ධන රැස්වීම’ ආමන්ත්‍රණය කරමින්ය. ශ්‍රි ලංකාවේ සේවය අවසන්…

(0)Comments | December 28, 2020 9:49 am

දේශපාලන පක්ෂපාතීත්වයෙන් තොරව ලබාගත් වෙළෙඳ අවස්ථාවක් – සීනි ආනයනය ගැන පිරමිඩ් විල්මාර් කියයි

“පිරමිඩ් විල්මාර්, සතොස සහ දේශපාලකයන් එක්ව සිදු කළ දූෂිත සීනි ගනුදෙනුවකින් සිදුවුනු රුපියල් බිලියන 10ක අලාභය“ යන මැයෙන් පුවත්පතක පළ කරන ලද ලිපියක් සම්බන්ධයෙන් පිරමිඩ් විල්මාර් සමාගම කරුණු පැහැදිලි කර සිටී. සතිඅන්ත පුවත්පත් හි දැන්වීමක් මාර්ගයෙන් අදාළ සමාගම වැඩිදුරටත් මෙසේ පවසයි. ඉහත මැයෙන් යුත් පුවත්පත් ලිපියෙහි සඳහන්ව තිබුණේ පිරමිඩ් විල්මාර් (පුද්ගලික) සමාගම සහ එහි අධ්‍යක්ෂවරුන්…

(0)Comments | December 28, 2020 9:42 am

ඉදිරියේ දී ඩොලරය රු. 185 න් පහළට එනු ඇතැයි මහ බැංකුව කියයි. රුපියල අනවශ්‍ය ලෙස අවප්‍රමාණය වීම වැළැක්වීමට පියවර

විනිමය අනුපාතිකයේ උච්චාවචනය මෑත දී වැඩිවීම අනවශ්‍ය හා පිළිගත නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහසයි. ඒ අනුව, වෙනත් ක්‍රියාමාර්ග අනුගමනය කරන අතරම, මෙතැන් සිට ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළඳපොළෙහි මෙම උච්චාවචනය පාලනය කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගනු ඇත. මෙම ක්‍රියාමාර්ගත් අත්‍යාවශ්‍ය නොවන ආනයන සීමා කිරීම අඛණ්ඩව පවත්වා ගැනීමත් හේතුවෙන් ඉදිරි දින කිහිපය…

(0)Comments | December 24, 2020 7:14 pm

රුපියල මත පීඩනය තවදුරටත්. ඩොලරයේ විකුණුම් මිල රු. 194 පසුකරයි

විදේශ විනිමය වෙළෙඳපොළේ ශ්‍රී ලංකා රුපියල මත යළිත් වරක් යම් ආකාරයක පීඩනයක් එල්ල වී ඇති බව දෛනික විනිමය අනුපාතික පිරික්සීමේ දී පෙනී යයි. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව, අද (24) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 189.08 ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල දැක්වුණේ රු. 194.66 ක්…

(0)Comments | December 24, 2020 1:27 pm

මූල්‍ය සමාගම් දෙකක් ඒකාබද්ධ කිරීමට මහ බැංකුවේ අනුමැතිය

මෙරට ලැයිස්තුගත මූල්‍ය සමාගම් දෙකක් වන ආපිකෝ ෆයිනෑන්ස් කම්පැනි පීඑල්සී හා ඇසෝසියේටඩ් මෝටර් ෆයිනෑන්ස් කම්පැනි පීඑල්සී යන මූල්‍ය සමාගම් දෙක ඒකාබද්ධ කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලික අනුමැතිය හිමිව තිබේ. 2020 දෙසැම්බර් 22 දින අදාළ අනුමැතීන් ලද බව එම සමාගම් දෙක කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී. ආපිකෝ ෆයිනෑන්ස් කම්පැනි පීඑල්සී හි 94.02%…

(0)Comments | December 24, 2020 12:43 pm

‘අලුත් රටට අලුත් බෙහෙත්‘ – Flucloxacillin  ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය ඇරඹෙයි

රටේ අනාගතය ගැන බලාපොරොත්තු තබා ගැනීමට නම් හැම අංශකින් ම රට ස්වයං පෝෂිත කළ යුතුයි – අගමැති රත්මලානේ පිහිටි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව හෝමෝන පෙති හා කරල් නිෂ්පාදානාගාරය විවෘත කිරීමේ උත්සව අවස්ථාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) සිදුවිය. ‘අලුත් රටට අලුත් බෙහෙත්‘ සංකල්පය යටතේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් අලුතින් නිෂ්පාදනය ඇරඹූ…

(0)Comments | December 24, 2020 11:45 am

කලාපීය වැවිලි සමාගම් වතුකරයේ ඉපැයීම් ඉහළ දැමීම අරමුණු කරගත් නව යෝජනා ඉදිරිපත් කරයි

කුඩා තේ වතු හිමියන්ගේ ක්ෂේත‍්‍රයේ සාර්ථකත්වය පිළිබඳව සිහි තබා ගනිමින් මෙරට කලාපීය වැවිලි සමාගම් (RPCs) කම්කරු අමාත්‍ය හා වෘත්තීය සමිති නායකයින් සමඟ මෑතකදී සිදු කළ සාකච්ඡුා අතරතුර වතු කම්කරුවන්ගේ දෛනික ඉපැයීම් ඉහළ දැමීම අරමුණු කරගත් සාම්ප‍්‍රදායෙන් බැහැර වූ නව යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇත. සාම්ප‍්‍රදායික දෛනික වැටුප් ආකෘතිය සහ කුඩා තේ වතුහිමියන්ගේ ක්ෂේත‍්‍රයේ විශාල සාර්ථකත්වයක්…

(0)Comments | December 24, 2020 11:21 am

මාස 07කට පසු ඩොලරයේ වැඩිම රුපියල් අගය අද. විකුණුම් මිල රු. 193 ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව, අද (23) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 188.01 ක් හා විකුණුම් මිල රු. 193.05 ක් ලෙසින් සටහන් විය. මෙය 2020 මැයි 04 වනදායින් පසු එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ වැඩිම ගැණුම් හා විකුණුම් මිල ගණන් වේ. එදින ඩොලරයක ගැණුම් මිල රු. 188.37…

(0)Comments | December 23, 2020 1:24 pm

හේමාස් සමාගමෙන් ජාතික රෝහලට PCR යන්ත්‍රයක්

COVID-19 දුරලීමේ ජාතික ක්‍රියාන්විතය වෙනුවෙන් ගත් කාලෝචිත පියවරක් COVID-19 රෝගීන් පරික්ෂා කිරීමට හඳුනා ගැනීමට හැකි PCR යන්ත්‍රයක් ජාතික රෝහලට හිමි වූ ප්‍රථම අවස්ථාව වෛද්‍ය පරියේෂණ ආයතනයෙන් පරීක්ෂණ වාර්තා පැමිණීම සඳහා ගතවන පැය 48 ක කාලය මෙමගින් පැය හයකට සීමා කෙරේ පවතින ගෝලීය වසංගත තත්ත්වය හමුවේ රෝගීන් හඳුනා ගැනීමේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා හේමාස් සමාගම කොළඹ…

(0)Comments | December 23, 2020 11:37 am

ඒ්සියා කැපිටල් නැවතත් කොටස් තැරැව්කරණ ව්‍යාපාරයට

මෙරට ප්‍රමුඛතම ආයෝජන බැංකු සමාගමක් වන ඒසියා කැපිටල් පීඑල්සී විසින් නවරා කැපිටල් පාර්ට්නර්ස් ලිමිටඩ් හි 70% ක කොටස් අයිතිය අත්පත් කර ගන්නා බව ඊයේ (22) නිවේදනය කර සිටියේය. මේ සමඟම නැවත වරක් ඒසියා කැපිටල් සමාගම, කොටස් තැරැව්කරණ ව්‍යාපාරය සඳහා ප්‍රවේශ වීමට කටයුතු කරන බව එහි ප්‍රධාන විධායක ස්ටෙෆාන් අබේසිංහ මහතා සඳහන් කරයි. මේ වන විට…

(0)Comments | December 23, 2020 9:23 am