Top News

ඖෂධ නිෂ්පාදන අංශය සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ සහය ලබාදීමට උපදේශන කමිටුවක්

ඖෂධ නිෂ්පාදන අංශයේ කර්මාන්තවල ගැටළු වලට විසදුම් ලබාදීමට උපදේශක කමිටුවක් පත් කිරීම සහ ඔවුන්ගේ ගැටළු පිළිබද සාකච්ජා කිරීමේ අරමුණින් ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන්ගේ සහභාගිත්වයෙන් සාකච්ජාවක් ඊයේ (07) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේදී පැවැත්විණි. කර්මාන්ත ක්ෂේත්‍ර වලට අදාළව කර්මාන්තකරුවන්ගේ ගැටළු වලට විසදුම් ලබා දීමත්, එම කර්මාන්ත සදහා සහය ලබාදෙමින් කර්මාන්ත ක්ෂේත්‍ර නගා සිටුවීමත් අරමුණු…

(0)Comments | January 8, 2021 12:58 pm

රටට මුල් තැන දී කටයුතු කරන ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය ගුවන් නියමුවන්ගේ සංසදයේ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටියි

ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් ලොව පුරා COVID-19 වසංගතය ව්‍යාප්ත වී යාම ආරම්භ වූ අවස්ථාවේ සිට ලෝකයේ සෙසු රටවල්  සමඟ අත්‍යවශ්‍ය වෙළඳ සම්බන්ධතා පවත්වා ගනිමින් ජාතික ආර්ථිකයට සහයෝගය ලබාදීමේ වැදගත් කාර්යභාරයක් ඉටු කර තිබේ. එසේම 2020 මාර්තු මාසයේ දී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වසා දැමූ අවස්ථාවේ සිට මේ දක්වාම විදෙස් රටවල අතරමං වූ ශ්‍රී ලාංකිකයින් දිවයිනට රැගෙන…

(0)Comments | January 8, 2021 11:00 am

කොළඹ කොටස් හුවමාරුවෙහි Tick size අගය හෙට සිට වෙනස් වෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි අධ්‍යක්ෂ  මණ්ඩලය විසින් ස්වයංක්‍රීය  වෙළෙද පද්ධතියෙහි සිට ගනුදෙනුවන කොටස් ප්‍රමාණය  සදහා අදාළ වන ඇනවුම් දෙකක් අතර මිලෙහි අවම අගය  (Tick size) වෙනස් කිරීමට තීරණය කර ඇත. ශ්‍රී  ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙහි අනුමැතිය ඇතිව මෙම වෙනසට පහසුකම් සැලසීම සඳහා කොළඹ කොටස් හුවමාරුව විසින් අවශ්‍ය නීති රීති වෙනස්කම් සිදුකර ඇත. මෙම වෙනස්වීම…

(0)Comments | January 7, 2021 5:51 pm

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 9 ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ අද (07) දින ගනුදෙනු අවසානයේ දී දෛනික පිරිවැටුම රු. බිලියන 9.14 ක් ලෙසින් වාර්තා විය. මේ අතර සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 64.08 කින් ඉහළ ගොස් දිනය අවසානයේ දී එය ඒකක 7,097.84 ක් ලෙසින් සටහන් වූ අතර අඛණ්ඩව සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයක් සටහන් වූ 7 වෙනි දවස අදයි. කෙසේ වෙතත්…

(0)Comments | January 7, 2021 5:11 pm

ලොතරැයිවලින් බිහිවූ කෝටිපතියන් දෙදෙනෙකුට ත්‍යාග මුදල් අගමැති අතින්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක සහ ජයෝදා ලොතරැයිපත්වලින් බිහි වූ සුපිරි කෝටිපති ජයග්‍රාහකයින් දෙදෙනෙකු සඳහා අද (07) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අදාළ චෙක්පත් ප්‍රදානය කරන ලදී. කෝටිපති කප්රුක 652 වන වාරයේ සුපිරි ජයමල්ල රු. 87,991,625/-ක මුදල දිනාගත් අඹන්පොල කුමාර පතිරන්නැහැලාගේ සුනිල් මහතාට හා ජයෝදා 1717 වන වාරයේ සුපිරි ජයමල්ල රු….

(0)Comments | January 7, 2021 4:44 pm

රබර් ඉඩම් කැබලිකර විකිණිම නතර කිරීම සඳහා නව වැඩපිළිවෙලක්

රබර් ඉඩම් කැබලිකර විකිණිම නතර කිරීම සඳහා ඉදිරියේදී නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේ දී අද (07) පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයක අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් නව ටයර් කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට නුදුරේදීම කටයුතු…

(0)Comments | January 7, 2021 4:27 pm

B P P L Holdings කොටස් අයිතිය අත්හැරීමට LOLC Investments තීරණය කරයි

B P P L Holdings PLC හි දෙවැනියාට විශාලතම කොටස් හිමියා වූ LOLC Investments Ltd , සිය කොටස් හිමිකාරීත්වය අද (07) දිනයේ දී සම්පූර්ණයෙන් අලෙවි කර තිබේ. B P P L Holdings PLC ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් 26.25% ක් හෙවත් කොටස් 80,546,372 ක් LOLC Investments Ltd සතුව පැවති අතර එම සම්පූර්ණ කොටස් ප්‍රමාණය, කොටසක් රු. 16.00…

(0)Comments | January 7, 2021 3:28 pm

බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් විශාලතම ලැයිස්තුගත සමාගම් අතර 5 වෙනි තැනට

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් අතුරින් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව 5 වැනියට විශාලතම සමාගම බවට බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී පත්ව තිබේ. මෙහිදී බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී, මෙරට විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුවේ, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ සීමාව අභිබවා ගොස් තිබීම විශේෂත්වයකි. කොමර්ෂල් බැංකුව මෙම ලැයිස්තුවේ 6 වැනි තැනට පත්ව තිබේ. අද (07) දින ගනුදෙනු අවසානයේ දී බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස්…

(0)Comments | January 7, 2021 3:16 pm

Spectrify AI ශ්‍රී ලංකාවේ කෘෂි තාක්ෂණ විප්ලවයකට සැරසෙයි

අඩු වියදම් ‘Spectral Imaging’ තාක්ෂණයේ නවතම ප්‍රවණතා සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණයන් ඒකාබද්ධ කරයි සැපයුම් දාමය පුරාම ක්ෂුද්‍ර මට්ටමින් තත්ත්වය පාලනය කළ කෘෂි නිෂ්පාදන පොහොර, කෘමිනාශක හා වල්නාශක යෙදීම කළමනාකරණය කිරීමේ හැකියාව සමග අස්වැන්න සහ තත්ත්වය පුරෝකථනය කිරීමේ හැකියාව ගෝලීය මට්ටමින් දැනටමත් පේටන්ට් බලපත්‍ර සඳහා අයදුම් කර ඇත ශ්‍රී ලංකාවේ වේගයෙන්ම දියුණු වන AI තාක්ෂණ සමාගම…

(0)Comments | January 7, 2021 1:15 pm

LC විවෘත කිරීමේ දී බැංකුවල ප්‍රශ්න තියෙනවා නම් කියන්න – කබ්රාල්ගෙන් අභියෝගයක්

ණයවර ලිපි (LC) විවෘත කිරීමේ දී මෙරට බැංකු පද්ධතියේ ගැටළු ඇති වී ඇත්නම් ඒවා තමන් වෙත දැනුම් දෙන ලෙස තමා අභියෝග කරන බවත්, මෙරට බැංකුවක ගැටළුවක් හේතුවෙන් එවැනි දෙයක් සිදුවී නොමැති බව පැහිදිලිව කිව හැකි බවත් මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින්…

(0)Comments | January 7, 2021 12:35 pm