Top News

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2020 දෙසැම්බර් මාසයේ දී පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 නොවැම්බර් මාසයේ පැවති සියයට 5.2හි සිට 2020 දෙසැම්බර් මාසයේ දී සියයට 4.6 දක්වා පහළ ගියේ ය. 2019 දෙසැම්බර් මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020…

(0)Comments | January 22, 2021 12:34 pm

ඔන්ලයින් තාක්ෂණයෙන් තවත් කෝප් කමිටු රැස්වීමක්

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) මාර්ගගත ( ඔන්ලයින්) තාක්ෂණය උපයෝගී කර ගනිමින් තවත් කමිටු රැස්වීමක් ඊයේ (21) පැවැත්විය. පොල් සංවර්ධන අධිකාරියේ මූල්‍ය කටයුතු විමර්ශනය සදහා එම අධිකාරියේ නිලධාරීන් ඊයේ කෝප් කමිටුව හමුවට කැදවා තිබිණි. මෙහිදී ප්‍රාදේශීය කාර්යාලවල නිලධාරීහු ඔන්ලයින් තාක්‍ෂණය හරහා රැස්වීමට සහභාගී වූහ. මහාචාර්ය චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම රැස්වීමට අමාත්‍ය මහින්ද…

(0)Comments | January 22, 2021 12:21 pm

ශ්‍රී ලංකාව යළි සංචාරකයින්ට විවෘත බව ඉන්දියාවට කියයි

ජාත්‍යන්තර සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාව නැවත විවෘත කිරීම නිවේදනය කිරීම සඳහා සංචාරක කර්මාන්තය පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් අන්තර්ජාලය හරහා ඉකුත් 19 වැනි දින බටහිර ඉන්දියාවේ දී පැවැත්විණ. ඊයේ (21) සිට ශ්‍රී ලංකාව නැවත  සංචාරකයින් සඳහා  විවෘත කිරීම හා සම්බන්ධ “ආරක්ෂිත පිළිවෙත්” පිළිබඳව අගැයීම සඳහා ඉන්දියානු වෙළඳපොළ සඳහා සංවිධානය කරන ලද පළමු දැනුවත් කිරීමේ සැසිය මෙය විය. ශ්‍රී…

(0)Comments | January 22, 2021 11:55 am

මහ බැංකුව අනතුරු අඟවයි

අන්තර්ජාලය පදනම් කරගත් මුල්‍ය වංචා වලින් ප්‍රවේශම් වන්න ශ්‍රී ලංකා මහ බැංකුව වෙත සමාජ ජාල, අන්තර්ජාලය පදනම් කර ගත් සහ ජංගම දුරකතන යෙදුම් හරහා විවිධ වර්ගයේ මුල්‍ය වංචා සිදු කෙරෙන බව තොරතුරු ලැබී ඇත. මෙම වංචා බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කරගන්නා අන්තර්ජාලය හෝ ජංගම දුරකතන පදනම් කර ගත් පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදු කෙරේ. එවැනි…

(0)Comments | January 22, 2021 9:24 am

ධම්මිකගේ ධනය දවසක දී කෝටි 1,500 කින් ඉහළට

මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහ දෙකක් වන හේලීස් පීඑල්සී සහ වැලිබල් වන් පීඑල්සී හි කොටස් මිල ගණන් අද දිනයේ දී සුවිශේෂී ලෙස ඉහළ යාම හේතුවෙන් එම සමාගම් හි ප්‍රධානතම කොටස් හිමියා වන මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ගේ වත්කම් අද දිනය තුළ දී පමණක් රු. බිලියන 15.33 කින් හෙවත් රු. කෝටි 1,533 කින් ඉහළ ගොස්…

(0)Comments | January 21, 2021 6:01 pm

මෙරටට පැමිණි කෝටිපති ආයෝජකයා ශ්‍රී ලංකාව ගැන මෙසේ කියයි

පසුගිය දා ශ්‍රී ලංකාවේ සංචාරකය නිරත වූ ලොව සුප්‍රකට ව්‍යාපාරිකයෙකු සහ රොත්ස්චයිල්ඩ් පවුලේ සාමාජිකයෙකු වන නතෑන්යල් රොත්ස්චයිල්ඩ් මහතා සිය සංචාරය සාර්ථකව අවසන් කළ බව ට්විටර් සටහනක් තබමින් කියා සිටී. ඉලෙක්ට්‍රොනික නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකාවේ යෝග්‍යභාවය පිළිබඳව හැදෑරීම මෙම සංචාරයේ ප්‍රමුඛ අරමුණ වූ බව ඔහු එහිදී කියා සිටී. ශ්‍රී ලංකාවේ සංචාරය අතරතුර දී මෙරට ප්‍රමුඛතම රැහැන්…

(0)Comments | January 21, 2021 4:53 pm

ශ්‍රී ලංකාව අද සිට විදෙස් සංචාරකයින්ට නැවතත් විවෘත වේ

අද (21) දින සිට ශ්‍රී ලංකාව නැවතත් ජාත්‍යන්තර සංචාරකයින් පිළිගැනීමට සූදානමින් සිටී. කොවිඩ් 19 වසංගතය නිසා සංචාරකයින් හට මෙරට පැමිණීමට අවස්ථාව උදා වන්නේ මාස 10 කට පමණ කාලයකට පසුව වීම විශේෂත්වයකි. මෙලෙස ජාත්‍යන්තර සංචාරකයින් හට මෙරට සංචාරය සඳහා දොරටු විවර වන්නේ සංචාරකයින්ගේ මෙන්ම ශ්‍රී ලාංකික ජනතාවගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව මූලික කරගත් ආරක්ෂණ වැඩපිළිවෙල සහ ක්‍රියාමාර්ග…

(0)Comments | January 21, 2021 3:45 pm

ඉතිහාසයේ මුල් වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,000 ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,000 සීමාව ඉක්මවා යාමට අද (21) සමත් විය. මීට පෙර අවස්ථා කිහිපයක දී ගනුදෙනු අතරවාරයේ දී කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,000 සීමාව ඉක්මවා වාර්තා වුවද, දිනයක ගනුදෙනු අවසානයේ එය ඒකක 8,000 සීමාව ඉක්මවා සටහන් වූ පළමු අවස්ථාව මෙයයි. මෙහිදී පෙර දිනයට…

(0)Comments | January 21, 2021 3:24 pm

හේලීස් සමූහයෙන් කොටස් වෙළෙඳපොළට දැවැන්ත උත්තේජනයක්

හේලීස් සමූහයට අයත් සියලුම සමාගම් විසින් කොටස් ද්‍රවශීලතාවය ඉහළ නැංවීම වෙනුවෙන් පවතින කොටස් සඳහා අනුබෙදුම් ලබා දීමට තීරණය කර තිබේ. මෙහිදී එක් එක් සමාගමේ දැනට පවතින කොටස් පහත පරිදි අනුබෙදුම්වලට (sub division) භාජනය වේ. HAYLEYS PLC – 1 ට 10ක්, DIPPED PRODUCTS PLC – 1 ට 10 ක් ALUMEX PLC – 1 ට 2 ක්…

(0)Comments | January 21, 2021 1:58 pm

GRI ඩොලර් මිලියන 100ක ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කරයි – මෙරට විශාලතම විශේෂිත ටයර් කර්මාන්තශාලාව

බඩල්ගම දී නව නිෂ්පාදන කම්හලක් සහිත ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ව්‍යාපෘතියක දෙවන අදියර සඳහා මුල් අඩිතාලම දැමීම සඳහා GRI සමාගම (ග්ලෝබල් රබර් ඉන්ඩස්ට්‍රීස්) 2021 දී ආරම්භ කළේ ය. නිෂ්පාදන සඳහා වන ගෝලීය ඉල්ලුම සපුරාලීම සඳහා මෙම පහසුකම මගින් ටයර් නිෂ්පාදන හැකියාව පුළුල් කරනු ඇත. මෙම නව කර්මාන්තශාලාව GRIහි වේගවත් නිෂ්පාදන ක්‍රමවේදය පුළුල් කිරීමේ මීළඟ…

(0)Comments | January 21, 2021 11:01 am