අද (02) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකයන් හි දැවැන්ත පහළ යාමක් වාර්තා වී තිබේ. එහි දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 171.85 කින් පහළ ගොස් ඒකක 11,163.76 ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 47.01 කින් පහළ ගොස් ඒකක 3,150.71 ක් ලෙසත් වාර්තා විය. පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී අද දින සමාගම්…
ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකයන් (Average Weighted Prime Lending Rate – AWPR) තවදුරටත් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මහ බැංකුව ප්‍රකාශයට පත් කළ නවතම වාර්තාවක සඳහන් වන්නේ පසුගිය සතිය වන විට මෙරට බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය 14.67% ක් දක්වා පහළ ගොස් ඇති…
වසර අවසන් වන විට සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරනවා. සංචාරක ආකර්ෂණය වැඩි නගර නොනිදන නගර බවට පත් කළ යුතුයි – රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මෙම වසර අවසන් වන විට විදෙස් සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය….
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 අගෝස්තු මාසයේ වාර්තා වූ සියයට 4.0හි සිට 2023 සැප්තැම්බර් මාසයේ දී සියයට 1.3 දක්වා පහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, 2023 ජූලි මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපේක්ෂා කරන ලද පුරෝකථනයන්ට බොහෝ දුරට අනුකූල වේ. අඛණ්ඩව තෙවන…
ශ්‍රීලංකන් ගුවන් සේවය ‘වර්ජින් ඔස්ට්‍රේලියා’ ගුවන් සේවය සමග එක් වී ඔස්ට්‍රේලියාව තුළ ගුවන් ගමන් සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. ශ්‍රීලංකන් ගුවන් සේවය වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සේවය සමග මෙවැනි හවුල්කාරීත්වයකට එළඹුණු ප්‍රථම අවස්ථාව මෙයයි. මෙමගින් ගුවන් මගීන්ට ශ්‍රීලංකන් ගුවන් සේවය හරහා වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සේවයේ අභ්‍යන්තර හා ජාත්‍යන්තර ගුවන් ගමන් වාරවල ආසන වෙන්කරවාගත හැකි…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකාව අතර පවත්නා ගිවිසුමේ කරුණු කාරණා සම්බන්ධයෙන් යළි සලකා බැලීමක් සිදුවිය යුත්තේ එහි අවසාන අරමුණු සාක්ෂාත් කර ගැනීමේ හැකියාව මත බව, IMF ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා පවසයි. අද (27) දින කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් බෘෘවර් මහතා මේ…
ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය ස්ථාපිත කිරීම දිවයිනේ පළාත් 8ක ලබන ඔක්තෝබර් මස 03 වන දින සිට ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව වයඹ, දකුණ, උතුරු මැද, මධ්‍යම, සබරගමුව, නැගෙනහිර, උතුර සහ ඌව යන පළාත්වල පළමුව මෙම නව පද්ධතිය ක්‍රියාත්මක කෙරෙනු ඇත. බස්නාහිර පළාත තුළ දැනට ක්‍රියාත්මක වාහන ආදායම් බලපත්‍ර…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ නිල සංචාරයක් සඳහා අද (27) අලුයම දිවයිනෙන් පිටත්ව ගිය අතර ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින කාල සීමාව තුළ එතුමා යටතේ පවතින අමාත්‍යාංශවල වගකීම් අදාළ රාජ්‍ය අමාත්‍යවරුන්ට පවරා තිබේ. ඒ අනුව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය…
ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ මහ ලේකම් යොහාන් ලෝරන්ස් 2023 The State of Fashion Report හි, ගෝලීය උපදේශන සමාගමක් වන McKinsey හි වාර්තාවකින් ඇස්තමේන්තු කර ඇත්තේ විලාසිතා කර්මාන්තය ආකාර දෙකකින් වර්ධනය වනු ඇති බවයි. ඒ අනුව සුඛෝපභෝගී විලාසිතා අංශය 5-10% ත් අතර වර්ධනය වන අතර අනෙකුත් විලාසිතා අංශ පෙර වසරට සාපේක්ෂව සියයට 2%කින් පහත වැටීමක් දැකිය…
ශ්‍රී ලංකා මහ බැංකුවේ මාණ්ඩලික පංතියේ 1 ශ්‍රේණියට මාණ්ඩලික නිලධාරීන් ලෙස ඇතුළත් කර ගැනීම සඳහා යොවුන් වෘත්තිකයින්, කළමනාකරණ අභ්‍යාසලාභීන් (MANAGEMENT TRAINEES) ලෙස බඳවා ගැනීමට තීරණය කර තිබේ. ඒ අනුව වයස අවුරුදු 30ට නොවැඩි විශ්වවිද්‍යාල උපාධි සහ වෙනත් වෘත්තීය සුදුසුකම් සහිත යෞවනයින් වෙනුවෙන් මෙම ඇබෑර්තු විවෘතව පවතී. මේ පිළිබඳ සම්පූර්ණ නිවේදනයක් පහතින් දැක්වේ.
Video Story