Top News

2024 වසරේදී ධන ආර්ථික වර්ධන වේගයක් ඇති කර ගැනීමට හැකියාව තිබෙනවා – නලින් ප්‍රනාන්දු 

ආර්ථිකය සංකෝචනය වීම අවම කිරීමට පියවර ගැනීමත් සමග 2024 වසරේදී 1.8% හෝ 1.9% ක ධන ආර්ථික වර්ධන වේගයක් කරා ගමන් කිරීමට හැකි වනු ඇති බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. පසුගිය සමයේ රජය විසින් ගනු ලැබූ නිවැරදි ප්‍රතිපත්තිමය තීන්දු තීරණ හේතුවෙන් රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වී උද්ධමනය තනි ඉලක්කමකට ගෙනවිත්…

(0)Comments | October 5, 2023 9:38 am

බදු පරිපාලනයේ විශාල දුර්වලතාවයක් තිබෙනවා – මුදල් ලේකම්

බදු පරිපාලනයේ විශාල දුර්වලතාවයක් තිබෙන බවත්, බදු ප්‍රතිපත්තියේ ප්‍රතිසංස්කරණ සිදුකර බදු පරිපාලනය ශක්තිමත් කිරීමෙන් වැඩි ප්‍රමාණයක් බදු දැලට අරගත යුතු බවත් භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසයි. අද (04) කොළඹ දී පැවති මාධ්‍ය ආයතන නියෝජිතයින් දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමින් ලේකම්වරයා මේ බව පැවසීය. එම ඉසව්ව මුදල් අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කමිටුව විසින් සංවිධානය…

(0)Comments | October 4, 2023 6:03 pm

EPF/ETF මුදල් පිටරට ආයෝජනය කරන්න ජනපතිගෙන් යෝජනාවක්

සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල එකට එකතු කර ස්වාධීන මණ්ඩලයක් යටතේ එය කළමනාකරණය කිරීමට බලාපොරොත්තු වන බවත්, එය ශ්‍රී ලංකාවේ විශාලතම අරමුදල වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (04) දින පාර්ලිමේන්තුවේ දී කරුණු දක්වමින් ජනාධිපතිවරයා මේ බව පැවසූ අතර එහිදී වැඩිදුරටත් ඔහු පැවසුවේ, එම අරමුදලින් කොටසක් පිටරට ආයෝජනය කිරීමට ද…

(0)Comments | October 4, 2023 5:22 pm

මහ බැංකුවෙන් වැදගත් තීරණයක් හෙට. මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මුල් වරට අද රැස්වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අද (04) දින පස්වරුවේ දී රැස්වීමට නියමිතව තිබේ. 2023 වසරේ අංක 07 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය සඳහා මෙලෙස මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය රැස්වනු ඇත. මුදල් ප්‍රතිපත්ති විවරණ තීරණය වෙනුවෙන් අලුතින් පිහිටුවන ලද මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය රැස්වන පළමු අවස්ථාව මෙයයි. මෑතක දී නීතිගත කරන ලද 2023 අංක 16 දරන ශ්‍රී…

(0)Comments | October 4, 2023 3:37 pm

රාජ්‍ය අමාත්‍ය දිලුම්ගේ චීන සංචාරය රටට අවශ්‍ය ආයෝජන ගෙන එයි

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පසුගියදා චීනයේ පැවැති ආයෝජන ප්‍රවර්ධන සමුළු කිහිපයකට සහභාගි විය. එහදී මෙරට ආයෝජන අවස්ථා පිළිබදව චීන ව්‍යාපාරිකයන් හා ආයෝජකයන් දීර්ඝ ලෙස දැනුවත් කළහ. රාජ්‍ය අමාත්‍යවරයා සීමාසහිත CZK Harui Economy and Trade Development (Beijing) Company Limited සමාගම සමග පැවැත්වූ සෘජු සාකච්චාවන්හි ප්‍රතිඵලයක් ලෙස සති කිහිපයක් ඇතුළත සමාගමේ උප සභාපතිනි සොෆියා…

(0)Comments | October 4, 2023 2:07 pm

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය FACETS Sri Lanka 2024 ඉදිරිපත් කරයි

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) සහ අපනයන සංවර්ධන මණ්ඩලය (EDB)  එක්ව සංවිධානය කරනු ලබන ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka  ප්‍රදර්ශනය  2024 වසරේ ජනවාරි 6 සිට 8 දක්වා Cinnamon Grand හෝටල් පරිශ්‍රයේ Atrium Lobby හිදී පැවැත්වෙන බව සතුටින් දන්වා සිටියි.  2002 දී පිහිටුවන…

(0)Comments | October 4, 2023 11:38 am

ජර්මනියේ Deutsche Welle මාධ්‍ය ආයතනය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූ අදහස්

ප්‍රශ්නය ජනාධිපතිතුමනි Deutsche Welle වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. අප සමඟ එක්වීම පිළිබඳ ඔබට ස්තූතියි. බර්ලින් සංවාදයෙන් දින දෙකකට පසු ඔබේ රටට යන විට රැගෙන යන්න හොඳ ආරංචියක් තිබෙනවාද? පිළිතුර මට මෙහි සිට ආපසු රැගෙන යාමට තිබෙන දෙය නම් අප අතර ඇති පරතරය අවම වීම තුළ ඉහළ යන අවබෝධයයි, විශේෂයෙන් යුරෝපීය පාර්ශවයත් සමග. මට පැරිස් දේශගුණ…

(0)Comments | October 4, 2023 11:33 am

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟා සිටුවීමට රජය පුළුල් වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා – ප්‍රසන්න රණවීර

රටේ ජනගහණයෙන් 2%ක් පමණක් වන ව්‍යවසායකයන් ප්‍රමාණය ඉදිරි වසර පහ තුළ 10%ක් දක්වා ඉහළ නැංවීම රජයේ අරමුණ බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසීය. එසේම සාමාන්‍ය පෙළ සමත්ව ‍ත්‍රිරෝද රථ රියැදුරන් ලෙස රැකියාවෙහි නිරතව සිටින තරුණයන් හට දෙවැනි පෙළ රැකියා අවස්ථා උදාකරදීම සඳහා ඔවුන්ට වෘත්තිය පුහුණුවක් ලබාදීමට ද කටයුතු…

(0)Comments | October 4, 2023 11:29 am

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාව ගැන සුභවාදී පුරෝකථනයක්

2024 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 1.7% ක වර්ධනයක් අත්පත් කරගනු ඇති බවට අපේක්ෂා කරන බව ලෝක බැංකුව පවසයි. ලෝක බැංකුව විසින් වසරකට දෙවරක් සිදුකරනු ලබන යාවත්කාලීන කිරීමේ වාර්තාවක් මගින් මේ බව අනාවරණය කර ඇත. එහිදී ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇත්තේ 2023 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 3.8% කින් සංකෝචනය වනු ඇති බවයි. ශ්‍රී ලංකාවේ…

(0)Comments | October 3, 2023 5:56 pm

සිංගප්පූරුවෙන් එන භාණ්ඩ රැසක බදු පහළට

සිංගප්පුරු නිදහස් වෙළඳ ගිවිසුම යටතේ භාණ්ඩ රැසක බදු අඩු කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ. ඒ රේගු ආඥාපනත යටතේ, 2023 ජූනි 30 වන දින අංක 2338/54 අති විශේෂ ගැසට් පත්‍රය සාකච්ජාවට ගත් අවස්ථාවේදීය. ඒ යටතේ 15%ව පැවති බදු ගාස්තු 5% දක්වා අඩු කිරීමට යෝජනා කර තිබුණි. ඒ සඳහා අනුමැතිය ලබා දෙමින් කමිටුව…

(0)Comments | October 3, 2023 4:14 pm