ශ්‍රීලංකන් ගුවන් සේවය ‘වර්ජින් ඔස්ට්‍රේලියා’ ගුවන් සේවය සමග එක් වී ඔස්ට්‍රේලියාව තුළ ගුවන් ගමන් සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. ශ්‍රීලංකන් ගුවන් සේවය වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සේවය සමග මෙවැනි හවුල්කාරීත්වයකට එළඹුණු ප්‍රථම අවස්ථාව මෙයයි. මෙමගින් ගුවන් මගීන්ට ශ්‍රීලංකන් ගුවන් සේවය හරහා වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සේවයේ අභ්‍යන්තර හා ජාත්‍යන්තර ගුවන් ගමන් වාරවල ආසන වෙන්කරවාගත හැකි…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකාව අතර පවත්නා ගිවිසුමේ කරුණු කාරණා සම්බන්ධයෙන් යළි සලකා බැලීමක් සිදුවිය යුත්තේ එහි අවසාන අරමුණු සාක්ෂාත් කර ගැනීමේ හැකියාව මත බව, IMF ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා පවසයි. අද (27) දින කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් බෘෘවර් මහතා මේ…
ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය ස්ථාපිත කිරීම දිවයිනේ පළාත් 8ක ලබන ඔක්තෝබර් මස 03 වන දින සිට ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව වයඹ, දකුණ, උතුරු මැද, මධ්‍යම, සබරගමුව, නැගෙනහිර, උතුර සහ ඌව යන පළාත්වල පළමුව මෙම නව පද්ධතිය ක්‍රියාත්මක කෙරෙනු ඇත. බස්නාහිර පළාත තුළ දැනට ක්‍රියාත්මක වාහන ආදායම් බලපත්‍ර…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ නිල සංචාරයක් සඳහා අද (27) අලුයම දිවයිනෙන් පිටත්ව ගිය අතර ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින කාල සීමාව තුළ එතුමා යටතේ පවතින අමාත්‍යාංශවල වගකීම් අදාළ රාජ්‍ය අමාත්‍යවරුන්ට පවරා තිබේ. ඒ අනුව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය…
ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ මහ ලේකම් යොහාන් ලෝරන්ස් 2023 The State of Fashion Report හි, ගෝලීය උපදේශන සමාගමක් වන McKinsey හි වාර්තාවකින් ඇස්තමේන්තු කර ඇත්තේ විලාසිතා කර්මාන්තය ආකාර දෙකකින් වර්ධනය වනු ඇති බවයි. ඒ අනුව සුඛෝපභෝගී විලාසිතා අංශය 5-10% ත් අතර වර්ධනය වන අතර අනෙකුත් විලාසිතා අංශ පෙර වසරට සාපේක්ෂව සියයට 2%කින් පහත වැටීමක් දැකිය…
ශ්‍රී ලංකා මහ බැංකුවේ මාණ්ඩලික පංතියේ 1 ශ්‍රේණියට මාණ්ඩලික නිලධාරීන් ලෙස ඇතුළත් කර ගැනීම සඳහා යොවුන් වෘත්තිකයින්, කළමනාකරණ අභ්‍යාසලාභීන් (MANAGEMENT TRAINEES) ලෙස බඳවා ගැනීමට තීරණය කර තිබේ. ඒ අනුව වයස අවුරුදු 30ට නොවැඩි විශ්වවිද්‍යාල උපාධි සහ වෙනත් වෘත්තීය සුදුසුකම් සහිත යෞවනයින් වෙනුවෙන් මෙම ඇබෑර්තු විවෘතව පවතී. මේ පිළිබඳ සම්පූර්ණ නිවේදනයක් පහතින් දැක්වේ.
– පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රටට බදු ආදායම් උපයා දෙන ආයතන අධීක්ෂණය කිරීම සදහා විශේෂ ඒකකයක් ස්ථාපිත කළ යුතු බව ජාතික ආර්ථික හා භෞතික සැළසුම් කටයුතු ක්‍රියාත්මක කිරීමේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. රාජ්‍ය බදු ආදායම ඉහළ දැමීමට කටයුතු නොකරන නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට…
ඒ යටතේ ආයෝජන මණ්ඩලය ආර්ථික කොමිෂන් සභාව ලෙස පරිවර්තනය කිරීමට ද පියවර – ජනපති. ශ්‍රී ලංකාව තුළ කාර්යක්ෂමව ආරවුල් විසඳීම සඳහා දැනට පවතින ක්‍රමවේදයේ වෙනසක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. අධිකරණ තුළ දීර්ඝකාලීනව නඩු විභාග වෙමින් පැවතීම ගැටළුවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ආරවුල් විසඳීමේ විකල්ප ක්‍රම හඳුනාගෙන ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද අවධාරණය…
ඇඹිලිපිටිය මහවැලි ඉඩම්වල පශ්චාත් අස්වනු නෙළන කාලය තුළ මැණික් ගැරීමේ කටයුතු සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කොට අවසර ලබාදීම පිළිබඳ කර්මාන්ත අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. මේ පිළිබඳ සාකච්ඡා වූයේ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති කර්මාන්ත අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය. ඇඹිලිපිටිය ප්‍රදේශයේ මහවැලි අධිකාරියට අයත්…
ඩිජිටල්කරණය වූ නවීන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළට සමගාමීව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ‘INFOTEL තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය’ නොවැම්බර් මස 03 වනදා සිට 05 වනදා දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වේ. ‘ඩිජිටල් ආර්ථිකය සවිබල ගැන්වීම’ වන තේමාව යටතේ පැවැත්වෙන ප්‍රදර්ශනය තාක්ෂණ රාජ්‍ය…
Video Story