මෙරට නිශ්චිත ස්ථිර බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීම ආයෝජකයන් මෙන්ම කර්මාන්තකරුවන් අධෛර්යමත් වීමට හේතුවක් වන බව රජයේ මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. ගැසට් පත්‍ර ත්‍රිත්වයක නියෝග 2023.09.19 වැනිදා පැවති රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සාකච්ඡාවට ගනු ලැබූ අවස්ථාවේදී කමිටු සභාපතිවරයා මේ බව පැවසීය. 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ…
දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයට දී ඇති නොපියවූ ණය නිශ්චිත කල්පිරීමක් සහිත, ගනුදෙනු කළ හැකි සුරැකුම්පත් බවට පරිවර්තනය කිරීම 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ අංක 129(2) වගන්තියට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයට දුන් නොපියවූ තාවකාලික අත්තිකාරම් සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රාථමික…
2023 අංක 16 දරන මහ බැංකු පනතේ විධිවිධාන යටතේ පිහිටුවන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ නව පාලක මණ්ඩලය ඊයේ, 2023 සැප්තැම්බර් 21 වැනි දින, පළමු රැස්වීම පවත්වන ලදී. මුදල් නීති පනතේ විධිවිධාන යටතේ මීට පෙර ක්‍රියාත්මක වූ මුදල් මණ්ඩලය අහෝසි වීමෙන් අනතුරුව මෙම නව පාලක මණ්ඩලය පිහිටුවා තිබේ. මහ බැංකුවේ නව පාලක මණ්ඩලයේ රැස්වීම පහත…
එම ඉලක්කය කරා ළගාවීමට ශ්‍රී ලාංකීය ජනතාවගේ සේම ජාත්‍යන්තර ප්‍රජාවගේ ද විශ්වාසය සහ සහාය හිමිවනු ඇතැයි අපේක්ෂා කරනවා – ජනපති ජගත් සමුළුව අමතමින් අවධාරණය කරයි. වත්මන් මෙන්ම අනාගත පරම්පරාවන්ට ද සාමයෙන් හා සංහිදියාවෙන් යුත් සෞභාග්‍යයමත් අනාගතයක් සහතික කරමින්, රටේ සියලු ජන කොටස්වලට ප්‍රතිලාභ සැලසෙන තිරසර සහ ස්ථාවර වර්ධනයක් කරා රට මෙහෙයවීම තම අභිප්‍රාය බව ජනාධිපති…
වසර 40කට පසු ප්‍රාථමික ගිණුම් ශේෂයේ අතිරික්තයක්. විදෙස් සංචාරකයන්ගේ පැමිණීමේ ඉහළ වර්ධනයක්. විදෙස්ගත ලාංකිකයින් මෙරටට එවන මුදල් ප්‍රමාණයේත් ඉහළ යාමක් – වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා. නව ප්‍රතිසංස්කරණ රැසක් සමඟ රටේ ආර්ථිකය ගොඩනැඟීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන ශක්තිමත් වැඩපිළිවෙළ නිසා ගතවූ වසරක් වැනි කාලයක් තුළ මෙරට උද්ධමනය 62.1%කින් අඩු වී ඇති…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් සමූහයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී හි අනුබද්ධිත සමාගමක් වන LOLC Mauritius Holdings Limited විසින් රුවන්ඩාවේ ක්ෂුද්‍ර මූල්‍ය බැංකුවක් වන Unguka Bank PLC හි බහුතර කොටස් අයිතිය මිල දී ගැනීමට කටයුතු කර තිබේ. පසුගිය සැප්තැම්බර් 14 වන දින මෙම සමාගම් අත්පත් කර ගැනීම සිදුව ඇති අතර එහිදී LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී විසින්…
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2023 ජූලි මාසයේ දී වාර්තා වූ 4.6% සිට 2023 අගෝස්තු මාසයේ දී 2.1% ක් දක්වා පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. එහිදී ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 ජූලි මාසයේ දී වාර්තා වූ -2.5% සිට 2023 අගෝස්තු මාසයේ දී -5.4% ක් දක්වා…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මැලේසියා අගමැති අන්වර් බින් ඊබ්‍රහීම් (Anwar bin Ibrahim) මහතා අතර නිල හමුව එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව ඊයේ (20) නිව්යෝර්ක් නුවරදී සිදු විය. ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර ආර්ථික සහ වෙළඳ සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී නායකයන් දෙපළ දීර්ඝ ලෙස සාකච්ඡා කළහ. ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා…
2024 වර්ෂයේ වැටුප් අත්තිකාරම්, වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමට නියමිත දිනයන් ප්‍රකාශයට පත් කරමින් මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාර මෙහෙයුම් අංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඊට අනුව 2024 වසරේ දී රජයේ නිලධාරීන්ගේ වැටුප් අත්තිකාරම් හා වැටුප් ගෙවන දිනයන්, ත්‍රිවිධ හමුදා සහ ගුරු සේවයේ වැටුප් ගෙවන දිනයන්, විශ්‍රාම වැටුප් ගෙවන දිනයන් ප්‍රකාශයට පත් කර ඇත. ඊට අදාළ…
නැගෙනහිර පළාතේ එරාවුර් නගරය කේන්ද්‍ර කරගනිමින් ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ එරාවුර් රෙදිපිළි නිෂ්පාදන කර්මාන්ත පුරය මෙරට ඇඟළුම් ක්ෂේත්‍රයේ තිරසාර බව පිළිබඳ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් දේශීය රෙදි පිළි අවශ්‍යතාවෙන් 35%ක් සපුරාලීමට හැකි වනු ඇති බව ඒකබද්ධ ඇඟළුම් සංසදය පවසයි. වර්තමානයේදී මෙරට ඇඟළුම් කර්මාන්තය සඳහා අවශ්‍ය රෙදිපිළිවලින් 90%කට අධික ප්‍රතිශතයක් ආනයනය කරන අතර මේ…
Video Story