Top News

කොළඹ විශ්වවිද්‍යාලයට කෝප් කමිටුවේ ප්‍රසාදය

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් 2023.09.21  දින රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) කොළඹ විශ්වවිද්‍යාලය කැඳවා තිබිණි. මෙහිදී 2020 සහ 2021 වර්ෂය සදහා විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සිදුවූ අතර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා‌වේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්. ඩී….

(0)Comments | September 26, 2023 2:19 pm

බැංකු ණය පොලී 15% න් පහළට

පසුගිය සතිය වන විට මෙරට බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකයන් (Average Weighted Prime Lending Rate – AWPR) 15% මට්ටමෙන් පහළ පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරමින් මහ බැංකුව පවසන්නේ පසුගිය සතියේ දී එය 14.81% මට්ටමට පැමිණ ඇති බවත් ඊට පෙර සතියේ දී එම අනුපාතිකය…

(0)Comments | September 26, 2023 2:18 pm

ශ්‍රී ලංකාව තුළ ඉන්ධන සැපයුම ශක්තිමත් කරන බව Sinopec අවධාරණය කරයි

Sinopec විසින් ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳපොළ වෙත සිය නිල ප්‍රවේශය 2023 සැප්තැම්බර් 25 වන දින කොළඹ දී දේශීය බෙදා හැරීමේ නියෝජිතයින් වෙනුවෙන් පැවති උත්සවයක දී නිවේදනය කරනු ලැබිණි.  මෙම සුවිශේෂී අවස්ථාවේ දී ම Sinopec වෙතින් ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන සැපයීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම ද සනිටුහන් විය.  මෙහි දී  Sinopec විසින් ශ්‍රී ලංකාව වෙත…

(0)Comments | September 26, 2023 1:23 pm

අයවැය නොවැම්බර් 13

2024 සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝබර් දෙවැනි සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අයවැය දෙවැනි වර කියවීම නොවැම්බර් මස 13 වැනි දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කිරීමට නියමිත බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඒ අනුව අයවැය දෙවැනි වර කියවීමේ විවාදය නොවම්බර් 14 සිට 21 දක්වා පැවැත්වෙන අතර 21 දා…

(0)Comments | September 26, 2023 1:10 pm

ඩීසල් නැව් 4ක් Petrochina International වෙතින්

2023-11-01 දින සිට 2024-02-29 දින දක්වා වන ඉදිරි මාස (04) කාලය තුළ ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව සඳහා ඩීසල් නැව් තොග 04ක් මිල දී ගැනීම වෙනුවෙන් දිගුකාලීන කොන්ත්‍රාත්තු ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු 05ක් ඉදිරිපත් වී තිබේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කම්ටුවේ නිර්දේශය මත පදනම්ව M/s Petrochina International…

(0)Comments | September 26, 2023 11:49 am

2023 අගෝස්තු වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් බිලියනය ඉක්මවයි

2023 අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්තවලට අනුව 2023 ජූලි මාසයට සාපේක්ෂව 2023 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 1,091.6 දක්වා 6.98% කින් වැඩි විය. කෙසේ වෙතත්, එය 2022 අගෝස්තු මාසයේ වාර්තා වූ අගයට සාපේක්ෂව 10.91% ක අඩුවීමකි. විශේෂයෙන්ම ඇඟලුම් සහ…

(0)Comments | September 26, 2023 11:26 am

ස්වාධීන රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයක්

2022 වර්ෂයේ අතුරු අයවැය මඟින් ආයතනික ප්‍රතිසංස්කරණයක් ලෙස ස්වාධීන රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම අවධාරණය කරනු ලැබ ඇති අතර ණය කළමනාකරණය ඉහළ නැංවීම සහ පාරදෘශ්‍යභාවය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ද ප්‍රමුඛතාගත ක්ෂේත්‍රයන් ලෙස හඳුනාගනු ලැබ ඇත. යෝජිත රාජ්‍ය ණය කළමනාකරණ ආයතනය ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව…

(0)Comments | September 26, 2023 10:28 am

පෝට් සිටියට ආයෝජකයින් ගෙන්වන්න ඩේවිඩ් කැමරන් පෙරමුණට එයි

ඩේවිඩ් කැමරන් මහතා විසින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජන අවස්ථා  ඉදිරිපත් කිරීමේ උත්සවයේදී, කොළඹ වරාය නගරය තුළ පවතින ආයෝජන අවස්ථා පිළිබඳ ව ගෝලීය ආයෝජකයින් දැනුවත් කිරීමේ සූදානමක. ගෝලීය ආයෝජකයින් වෙත කොළඹ වරාය නගර ව්‍යාපෘතිය තුළ පවතින ආයෝජන අවස්ථා හඳුන්වා දීම සහ ඔවුන් ආයෝජන සඳහා  දිරිගැන්වීම අරමුණු  කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජන අවස්ථා පිලිබඳ උත්සවයක්…

(0)Comments | September 25, 2023 10:32 am

ජාතික තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සතිය ඔක්තෝබර් 11,12 සහ 13 තෙදින සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලාවේ දී

ජාතික තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සතිය (National IT and BPM Week) ආරම්භ කරමින් එහි ප්‍රධාන වැඩසටහන 2023 ඔක්තෝබර් 11,12 සහ 13 යන තෙදින කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේ දී පැවැත්වේ. රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ වේගවත් කරමින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙන අතර තොරතුරු තාක්ෂණ ව්‍යවසායකත්වය…

(0)Comments | September 25, 2023 10:27 am

කාබනික කෘෂිකර්මය සඳහා වන ජාතික කාබනික පාලන ඒකකයේ නිල වෙබ් අඩවිය එළිදැක්වේ

ශ්‍රී ලංකාවේ කාබනික කෘෂිකර්මය සඳහා වන පාලන ආයතනය වන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) යටතේ ක්‍රියාත්මක, ජාතික කාබනික පාලන ඒකකයේ (NOCU) නිල වෙබ් අඩවිය වන www.nocu.lk ජනගත කිරීම කොළඹ 02, නවම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩල ප්‍රධාන කාර්යාලයේදී පසුගිය දා (22 දා) සිදුවිය. මෙය ශ්‍රී ලංකාවේ කාබනික කෘෂිකාර්මික අංශය ප්‍රවර්ධනය සහ නියාමනය කිරීම…

(0)Comments | September 25, 2023 9:28 am