Top News

අධ්‍යාපනයට විශ්වවිද්‍යාලයක්

ශ්‍රී ලංකාවේ සමස්ත ගුරු ප්‍රජාවම උපාධිධාරින් බවට පත් කිරීමේ අරමුණින් දැනට ක්‍රියාත්මක ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාල පීඨ තත්ත්වයට උසස් කිරීම සඳහා අනුගමනය කළ යුතු පරිපාලන හා නෛතික ක්‍රමවේදය පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස 2019 12 04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගුණපාල නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥ කමිටුවක් පත් කරනු ලැබ ඇත. එකී…

(0)Comments | October 3, 2023 4:05 pm

නව වාණිජ මහාධිකරණයක්

සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ දී රට තුළ වඩා යහපත් ආයෝජන වාතාවරණයක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගත යුතුව ඇති බව රජය පවසයි. එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් වාණිජ කරුණු සම්බන්ධයෙන් දැනට පවතින අධික නඩු ප්‍රමාණය කඩිනමින් විසඳා අවසන් කිරීම තහවුරු කිරීම පිණිස නව වාණිජ මහාධිකරණයක් පිහිටුවීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව අදාළ වාණිජ මහාධිකරණය…

(0)Comments | October 3, 2023 1:51 pm

තිරිඟු පිටි මිල නියාමනයට මිල සූත්‍රයක්

ලංකාවේ ගබඩා වල දැනට පවතින තිරිඟු පිටි ප්‍රමාණයන් පිළිබඳවද ගණනය කර, තිරිඟු පිටි ගැටලුව සම්බන්දයෙන් මාස 2ක් තුල වාර්තාවක් ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විගණකාධිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නේය. මිල සූත්‍රයක් තිරිඟු පිටි සඳහාද පවතීනම් එක් එක් පාර්ශ්‍ව වල අභිමතය පරිදි මිල ගණන් තීරණය කිරීමට අවස්ථාව නොලැබෙන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ…

(0)Comments | October 3, 2023 1:25 pm

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පළමු අදියරේ මෙහෙයුම් 2024 ජූනි මස ඇරඹෙයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පළමු අදියරේ ඉදිකිරීම් අවසන් කර එහි මෙහෙයුම් කටයුතු ලබන 2024 ජූනි මස පළමුවැනිදා සිට අරඹන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පැවසීය. ඒ බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති,පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය (සංශෝධන) පනත්…

(0)Comments | October 3, 2023 1:13 pm

ඇඟලුම් අපනයන 20%කින් පහළට

2023 වසරෙ මෙතෙක් වාර්තා වූ ඉහළම මාසික අපනයන ආදායම අගෝස්තු මාසයේ දී වාර්තා වී තිබේ. කෙසේවෙතත් වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම 2023 වසරේ අගෝස්තු මාසයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත එක්සත් ජනපද ඩොලර් මිලියන 1,119ක් දක්වා සියයට 8.7කින් පහළ ගොස් ඇති බව, 2023 අගෝස්තු මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තාව නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි….

(0)Comments | October 3, 2023 12:45 pm

ඔක්තෝබර් 07 වැනිදා සිට ජනතාවට නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව

ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය (eRL 2.0) හඳුන්වාදීම මේ මස 07 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය. මෙම වැඩසටහන බස්නාහිර පළාත හැර සෙසු සියලුම පළාත්වල ක්‍රියාත්මක වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම නව ක්‍රමය මගින් නිවසේ සිට මෝටර් රථවාහන ආදායම් බලපත්‍ර…

(0)Comments | October 2, 2023 5:23 pm

කොටස් වෙළෙඳපොළේ දරුණු පසුබැස්මක්

අද (02) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකයන් හි දැවැන්ත පහළ යාමක් වාර්තා වී තිබේ. එහි දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 171.85 කින් පහළ ගොස් ඒකක 11,163.76 ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 47.01 කින් පහළ ගොස් ඒකක 3,150.71 ක් ලෙසත් වාර්තා විය. පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී අද දින සමාගම්…

(0)Comments | October 2, 2023 4:56 pm

අඩුම පොලියට ණය දෙන බැංකුව මෙන්න

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකයන් (Average Weighted Prime Lending Rate – AWPR) තවදුරටත් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මහ බැංකුව ප්‍රකාශයට පත් කළ නවතම වාර්තාවක සඳහන් වන්නේ පසුගිය සතිය වන විට මෙරට බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය 14.67% ක් දක්වා පහළ ගොස් ඇති…

(0)Comments | October 2, 2023 1:39 pm

ඩොලර් ඉපයීමේ කංසා වගාවට කැබිනට් අනුමැතිය. ගැසට් පත්‍රය සති දෙකකින් – ඩයනා

වසර අවසන් වන විට සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරනවා. සංචාරක ආකර්ෂණය වැඩි නගර නොනිදන නගර බවට පත් කළ යුතුයි – රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මෙම වසර අවසන් වන විට විදෙස් සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය….

(0)Comments | October 2, 2023 11:46 am

කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය 2023 සැප්තැම්බර් මාසයේ දී කැපී පෙනෙන පහළ යෑමක් වාර්තා කරයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 අගෝස්තු මාසයේ වාර්තා වූ සියයට 4.0හි සිට 2023 සැප්තැම්බර් මාසයේ දී සියයට 1.3 දක්වා පහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, 2023 ජූලි මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපේක්ෂා කරන ලද පුරෝකථනයන්ට බොහෝ දුරට අනුකූල වේ. අඛණ්ඩව තෙවන…

(0)Comments | September 29, 2023 3:13 pm