Top News

මහජනතාවට දැනුම් දීමක්. ලීසිං පහසුකම් දිය හැකි ආයතන මෙන්න. ලියාපදිංචිය නැතිනම් දඬුවම්

2000 අංක 56 දරණ කල්බදු මූල්‍යකරණ පනත යටතේ කල්බදු මූල්‍යකරණ පහසුකම් ලබා දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ලියාපදිංචි වී ඇති ආයතන ලැයිස්තුවක් මහ බැංකුව ප්‍රසිද්ධියට පත් කර තිබේ. මේ අතර එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ලියාපදිංචියකින් තොරව, කල්බදු මූල්‍යකරණ කටයුතු (finance leasing business) පවත්වා ගෙන යාම කල්බදු මූල්‍යකරණ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවයි….

(0)Comments | October 16, 2020 12:30 pm

නිෂ්පාදන – සේවා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සැප්තැම්බර් මාසයේ දී ඉහළට

2020 අගෝස්තු මාසයට සාපේක්ෂ ව 2020 සැප්තැම්බර් මාසයේ දී නිෂ්පාදන ක්‍රියාකාරකම් ඉහළ වේගයකින් වර්ධනය විය. විශේෂයෙන් ම ආහාර හා පාන වර්ග නිෂ්පාදන සහ රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන උප අංශවල, නිෂ්පාදනය සහ නව ඇණවුම්වල සිදු වු ඉහළ යාම නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ මෙම ඉහළ යාම කෙරෙහි ප්‍රධාන වශයෙන් හේතු විය. සේවා අංශයෙහි වර්ධනයක් අඛණ්ඩ ව…

(0)Comments | October 16, 2020 12:00 pm

රාජ්‍ය අංශයේ IT සැපයීම් ටෙන්ඩර් වැඩි අවස්ථා දේශීය Startup ව්‍යවසායකයින්ට

තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රයේ රාජ්‍ය අංශයට අවශ්‍යය සැපයීම් ටෙන්ඩර් වැඩි අවස්ථා දේශීය කර්මාන්ත ව්‍යාපාරිකයින්ට ලබා දීමට රජය තීරණය කරයි. ඒ සදහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මේ පිලිබඳව වූ චක්‍රලේඛය මුදල් අමාත්‍යාංශය විසින් (9.10.2020) නිකුත් කර ඇත. පරිගණක මෘදුකාංග හා දෘඩාංග, ඉදිකිරීම් කර්මාන්තය හා ගෘහ භාණ්ඩ හා ආශ්‍රිත නිපැයුම් මීට ඇතුලත් වේ. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රුපියල් මිලියන…

(0)Comments | October 15, 2020 6:28 pm

ශ්‍රී ලංකා – පාකිස්ථාන හවුල් සමාගම් ඇරඹීමේ සූදානමක්

දෙරටටම වාසිදායක වන සේ පේෂකර්ම, සිමෙන්ති, සීනි, ඖෂධ වැනි කර්මාන්ත ආශ්‍රිතව ශ්‍රී ලංකා – පාකිස්ථාන හවුල් සමාගම් ඇරඹීමේ හැකියාව පවතින බවත් ඒ සඳහා පාකිස්ථාන ආයෝජකයන් කැමැත්තෙන් සිටින බවත් පාකිස්ථාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජනරාල් මුහම්මඞ් සාද් කතක් මහතා පැවසීය. ඒ සඳහා ශ්‍රී ලංකාව තුළ කටයුතු කිරීමේ දී ආයතනික සහ නීතිමය බාධාවන් පවතින බවත් එවැනි බාධාවන්…

(0)Comments | October 15, 2020 4:53 pm

ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අපනයනකරුවන්ගේ අඛණ්ඩ ක්‍රියාකාරිත්වය සහතික කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලයෙන් පියවර

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය යටතේ, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලබන මාර්ගෝපදේශයන්ට යටත්ව ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල අපනයන කර්මාන්තවලට බාධාවකින් තොරව ක්‍රියාත්මක වීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පහසුකම් සපයයි. ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල පිහිටා ඇති අපනයන සමාගම්වලට අදාළ ප්‍රදේශවල පොලිස් ස්ථානවලින් ඇඳිරි නීති බලපත්‍ර ලබා ගැනීම අපනයන සංවර්ධන…

(0)Comments | October 15, 2020 3:59 pm

බලපත්‍රලාභී මුදල් සමාගම් 9ක තත්ත්වය අයහපත්

සමස්ත මූල්‍ය පද්ධතියෙහි ස්ථායිතාවය සහ සුරක්ෂිතතාවය පවත්වා ගෙන යාම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ ප්‍රතිපාදන අනුව සහ ඒ යටතේ නිකුත් කරන ලද විධාන අනුව, බලපත්‍රලාභී මුදල් සමාගම් නියාමනය සහ අධීක්ෂණය සිදුකරනු ලබයි. කෙසේ වෙතත් තමන් විසින් සිදුකරනු ලබන නියාමනය සහ අධීක්ෂණය, බලපත්‍රලාභී මුදල් සමාගම් ද ඇතුලුව කිසිදු…

(0)Comments | October 15, 2020 1:37 pm

ශ්‍රී ලංකාවේ ඛනිජ ආශ්‍රිත කර්මාන්ත ප්‍රවර්ධනයට ඉරානයේ සහයෝගය

ශ්‍රී ලංකාවේ ඛනිජ ආශ්‍රිත කර්මාන්ත ප්‍රවර්ධනය පිණිස තාක්ෂණ දැනුම සහ සහයෝගය ලබා දීමට තම රජය සූදානම් බව මෙරට ඉරාන තානාපති හෂීම් අෂ්ජසාඬේ මහතා පවසයි. ඊයේ (14) 73/1, ගාලු පාර, කොළඹ 03 යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා හමු වූ අවස්ථාවේ දී ඒ මහතා එසේ පැවසීය. ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය…

(0)Comments | October 15, 2020 12:03 pm

ඩීමෝ, දඹුල්ල කෘෂි තාක්ෂණික උද්‍යානය සමග කෘෂි සංචාරක ක්ෂේත්‍රයට පිවිසෙයි

ඩීමෝ හි කෘෂි ව්‍යාපාර සඳහා වූ අංශය වන, DIMO Agribusinesses ඔවුන් සතු දඹුල්ල කෘෂි උද්‍යානය හරහා කෘෂි සංචාරක ක්ෂේත්‍රයට ප්‍රවිශ්ඨ වෙයි DIMO Agribusinesses සතු කෘෂි තාක්ෂණික උද්‍යාන තුනක් ශ්‍රී ලංකාවේ දඹුල්ල ප්‍රදේශයේත්, පහත රට නිකවැරටිය ප්‍රදේශයේ හා කඳුරට තෙත් කලාපයේ ලිඳුල ප්‍රදේශයේත් පිහිටා තිබේ. මේ සෑම ප්‍රදේශයකම මෙම කෘෂි තාක්ෂණික උද්‍යාන ආදර්ශ ගොවිපොළවල් වශයෙන් පවත්වාගෙන…

(0)Comments | October 15, 2020 11:51 am

සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීම සඳහා පද්ධතීන් සහ ක්‍රියාවලීන් සරල කිරීමට පියවර

සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීම සඳහා පවතින ඇතැම් බාධක වශයෙන් පහත සඳහන් කරුණු හඳුනාගෙන ඇත. ප්‍රතිපත්තිමය කරුණු හෝ නියාමන අවශ්‍යතාවන් ‍සඳහා නොවන, සාමාන්‍ය කරුණු සඳහා ආයතන කිහිපයකින් සහ අවසානයේදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සඳහා අමාත්‍යාංශ විසින් කටයුතු කළ යුතු වීම. පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන් වෙත කළ යුතු ගෙවීම් ප්‍රමාද වීම හේතුවෙන් සංවර්ධන කටයුතුවල ප්‍රමාදයන් සිදු…

(0)Comments | October 14, 2020 12:50 pm

සැප්තැම්බරයේ දී නිල සංචිත වත්කම් ඩොලර් මිලියන 777 කින් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2020 සැප්තැම්බර් 30 දිනට ඇති නිල සංචිත වත්කම් වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 6,652.8 ක් ලෙසින් වාර්තා වේ. 2020 අගෝස්තු 31 දිනට මෙම අගය පැවතියේ ඩොලර් මිලියන 7,430.1 ක් ලෙසිනි. මේ අනුව පසුගිය සැප්තැම්බර් මාසය තුළ දී මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන…

(0)Comments | October 14, 2020 12:23 pm