1971 අංක 29 දරන නිවාඩු පනතේ 4 වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව 2024 වර්ෂය සඳහා රජයේ සහ බැංකු නිවාඩු දිනයන් දක්වමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ඇමෙරිකානු ඩොලර් මිලියන 211ක ආයෝජන ස්ථිර වශයෙන් ලැබී ඇති බව වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. එසේම මෙම වසරේ ජනවාරි මාසයේ සිට ජූලි මාසය තෙක් ලැබුණු ආයෝජන යෝජනා අතුරින් ඇමෙරිකානු ඩොලර් මිලියන 682ක වටිනාකමින් යුතු ආයෝජන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් අනුමත කර ඇති බවද…
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් “මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ අනුකූලතා වගකීම් සහ නව ප්‍රවණතාවයන්” යන මැයෙන් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය දැනුම්වත් කිරීමේ වැඩසටහනක් 2023 ජූලි 04 වන දින සංවිධානය කරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති/ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ…
අද (20) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ තවත් සුවිශේෂී කඩඉමක් පසුකරනු ලැබීය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 11,000 සීමාව අභිබවා ගිය අතර 2022 මාර්තු 04 දිනෙන් පසු සියලු කොටස් මිල දර්ශකය මෙම සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙසින් මෙය වාර්තා වේ. අද දින ඒකක 99.54 ක වර්ධනයක් සියලු කොටස් මිල දර්ශකයෙහි වාර්තා වූ…
අද (20) දිනයේ දී විවෘත කරන ලද UB ෆිනෑන්ස් කම්පැනි ලිමිටඩ් හි මූලික මහජන මහජන කොටස් නිකුතුව සඳහා ආරම්භක දිනයේ දීම අධිදායකත්වයක් ලැබී ඇති බව එම නිකුතුවේ රෙජිස්ට්‍රාර් සමාගම වන PW කෝපරේට් පවසයි. කොටසක් රු. 1 බැගින් කොටස් මිලියන 55 ක් මෙලෙස මහජනයා සඳහා විවෘත වූ අතර එම ප්‍රමාණය ඉක්මවා ඉල්ලුම්පත් මේ වන විට ලැබී…
අද (20) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 316.30 ක් සහ විකුණුම් මිල රු. 330.29 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2023 අප්‍රේල් 06 දිනෙන් පසු මහ බැංකු විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයක විකුණුම් මිල රු. 330 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වේ. දිනය සඳහා දෛනික විනිමය අනුපාතික සටහන ප්‍රකාශයට පත්…
හේලීස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත Dipped Products PLC, තිරසාර සහ ගුණාත්මක අත්වැසුම් නිෂ්පාදනයේ ගෝලීය පුරෝගාමියෙකු ලෙස කටයුතු කරයි. DPL ආයතනය බියගම ආයෝජන කලාපය තුළ අභිනවයෙන් ඉදිකරන ලද අති නවීන කී‍්‍රඩා අත්වැසුම් නිෂ්පාදන කර්මාන්තශාලාව පසුගියදා සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලදි. DPL ආයතනය සතු දිගුකාලීන අත්වැසුම් නිපදවීමේ විද්‍යාත්මක හා තාක්ෂණික විශේෂඥතාව උපයෝගී කරගනිමින්, 2023 වසරේ දී ඔවුන්ගේ…
FAO විසින් ශ්‍රී ලංකාවේ සහල් ක්ෂේත්‍රය නංවාලීම සඳහා යුරෝපා සංගමයේ අරමුදල් ලත් ව්‍යාපෘතිය යටතේ කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරීන් 300 දෙනෙකු පුහුණු කිරීම ආරම්භ කරයි. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO), ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය (MASL) සමඟ සහයෝගයෙන්, 2021-2022 දී අඛණ්ඩව කන්න දෙකක දුර්වල අස්වැන්න හේතුවෙන් ආහාර සුරක්ෂිතතාවයට ඇතිවූ තර්ජනයට පිළියම් යෙදීම පිණිස,…
දේශගුණ විපර්යාස අවම කිරීමේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය පහසුකම් සැපයීම සඳහා සුවිශේෂී අවස්ථාවක් DFCC බැංකුව Green Climate Fund (GCF) සහතිකකරණය හිමිකරගත් ප්‍රථම ශ්‍රී ලාංකික ආයතනය බවට පත්වීමට පසුගියදා සමත් විය. මෙමගින් DFCC බැංකුවට ශ්‍රී ලංකාවේ පරිසර හිතකාමී ව්‍යාපෘතිවලට සහනදායී මූල්‍ය සේවාවන් සැපයීම සඳහා GCF වෙතින් ඇමරිකානු ඩොලර් 250 ක් දක්වා මූල්‍ය පහසුකමක් හිමි වේ. ඉතා…
ඩිල්මා තේ නිර්මාතෘ මෙරිල් ජේ ප්‍රනාන්දු මහතා අද (20) උදෑසන අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට ඔහු 93 වන වියේ පසු විය. ලොව පුරා රටවල් රැසකට ශ්‍රී ලංකාවේ උසස්ම තත්ත්වයේ තේ රැගෙන ගිය පළමු පුද්ගලයා ඔහුයි.
Video Story