Top News

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමීමට හේතු වූ කරුණු මෙන්න

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (JICA) අරමුදල් යටතේ ශ්‍රී ලංකාවේ බස්නාහිර කලාපය තුළ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධති (LRT) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. එහෙත් පහත සඳහන් හේතූන් මත එම ව්‍යාපෘතියෙන් අපේක්ෂිත ප්‍රතිඵල අත්කර ගැනීමට නොහැකි වන බව නිරීක්ෂණය වී තිබෙන බව රජය පවසයි. * ව්‍යාපෘතියේ මූලික සැලසුම් අනුව පෞද්ගලික මෝටර් රථ…

(0)Comments | September 29, 2020 12:19 pm

ඇමතිවරුන්ට හිතූ මනාපයට උපදේශකවරුන් පත් කරන්න බැහැ – සම කැබිනට් ප්‍රකාශක

අමාත්‍යවරුන් හට තම අභිමතය පරිදි උපදේශකවරුන් පත් කර ගත නොහැකි බවත්, ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිර්ණායක 3ක් හඳුන්වා දී ඇති බවත්, සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. අද (29) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සම කැබිනට් ප්‍රකාශක…

(0)Comments | September 29, 2020 12:08 pm

වැරදි විශ්ලේෂණයක් – Moody’s තීරණයට ශ්‍රී ලංකා රජයෙන් ක්ෂණික ප්‍රතිචාර

ඊයේ (28) දිනයේ දී ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Moody’s Investor Services විසින් ශ්‍රී ලංකාවේ ශ්‍රේණිය B2 සිට Caa1 දක්වා පහත හෙලීමට ගත් තීරණය සාධාරණ නොවූ එකක් බවත්, එසේම එය වැරදි විශ්ලේෂණ මත පදනම්ව ගත් තීරණයක් බවත් ශ්‍රී ලංකා රජය ඒ සම්බන්ධයෙන් ක්ෂණික ප්‍රතිචාර දක්වමින් කියා සිටී.  මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ…

(0)Comments | September 29, 2020 11:42 am

Moody’s  ශ්‍රී ලංකාවේ ශ්‍රේණිය පහළ දමයි

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Moody’s Investors Service විසින් ශ්‍රී ලංකා රජයේ දිගුකාලීන විදේශ මුදල් නිකුතු (long-term foreign currency issuer) සහ ජ්‍යෙෂ්ඨ අනාරක්ෂිත ශ්‍රේණිගත කිරීම් (senior unsecured ratings) ස්ථාවරය, B2 සිට Caa1 දක්වා පහත දමා ඇත. මෙයත් සමඟ 2020 අප්‍රේල් 17 වන දින ආරම්භ කරන ලද පහත හෙලීම සඳහා වූ සමාලෝචනය අවසන් වේ. Moody’s …

(0)Comments | September 29, 2020 11:10 am

ශ්‍රී ලංකාවෙන් අපනයනය කරනවාට වඩා ඉන්දියාවෙන් ආනයනය කරනවා. දෙරට අතර වෙළඳ පරතරය රජයේ අවධානයට – රාජ්‍ය අමාත්‍ය කබ්රාල්

ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර පසුගිය දා පැවති අන්තර්ජාල ද්විපාර්ශවීය සාකච්ඡාව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ (28) දින කැඳවා තිබිණ. එහිදී අදහස් දැක්වූ මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය, අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේ, ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවට අපනයනය කරන භාණ්ඩ තොගයේ…

(0)Comments | September 29, 2020 11:08 am

සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට Carson සමූහය හේතුවුණු හැටි

Carson සමූහයේ සමාගම් 10 ක කොටස් මිල ගණන් සුවිශේෂී ලෙස ඉහළට අද (28) දින කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 169.16 ක දැවැන්ත වර්ධනයක් වාර්තා කළ අතර ඒ සඳහා මෙරට පැරණිතම සමාගම් සමූහයක් වන Carson සමූහයට අයත් සමාගම් 10 ක මිල ගණන් සුවිශේෂී ලෙස ඉහළ යාම ප්‍රධාන වශයෙන් දායක විය. එහිදී සියලු කොටස්…

(0)Comments | September 28, 2020 5:14 pm

පැල්වත්ත සමාගමෙන් ගෘහස්ත දියර කිරි ඉල්ලුම සපුරාලීමේ ජනපති දැක්ම සාක්ෂාත් කරලීමට පුර්ණ සහාය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයෙකු වන පැල්වත්ත ඩේරි සමාගම මෙරට දේශීය කිරි ඉල්ලුම සහ දේශීය කිරි ගොවීන්ගේ සමාජ ආර්ථික තත්ත්වය ඉහළ නංවාලීම සඳහා නව්‍ය  මෙහෙයුමක් දියත් කර තිබේ. මෙම නව මෙහෙයුම් කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ශ්‍රී ලංකාවේ දේශීය කිරි කර්මාන්තය සවිබල ගැන්වීමේ සහ ඉදිරි දශකය තුළ දේශීය දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ දැක්ම…

(0)Comments | September 28, 2020 4:07 pm

කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක්. සියලු කොටස් හයදහසේ කඩඉම පසුකරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ අද (28) දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 169.16 ක දැවැන්ත ඉහළ යාමක් වාර්තා කළේය. මෙම වර්ධනයත් සමඟම 2020 ජනවාරි 07 දිනෙන් පසු මුල්වරට සියලු කොටස් මිල දර්ශක අගය අද (28) දිනයේ දී ඒකක 6,000 සීමාව ඉක්මවා යන ලදී. මේ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල…

(0)Comments | September 28, 2020 3:19 pm

තේ කර්මාන්තයේ සිදුකෙරන අකටයුතුකම් සම්පූර්ණයෙන් නිශේධනය කරනවා – වැවිලි ඇමති

තේ කර්මාන්තය හා බැඳුනු යම් යම් ගැටළු පවතින බවත්, එහිදී ලංකාවේ Pure Ceylon Tea නාමය ආගාධයකට ලක් කරන සිදුවීම් පිළිබඳව තමන් දැනුවත් බවත් වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. ශ්‍රී ලංකාෙව් තේ කර්මාන්තශාලා හිමියන්ගේ 30 වන වාර්ෂික මහා සම්මේලනයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා කියා සිටියේ මෙරට තේ කර්මාන්තයේ සිදුවන…

(0)Comments | September 28, 2020 2:01 pm

මුදල් ප්‍රතිපත්ති විවරණය සතියකින් කල්යයි

‘2020 සහ ඉදිරිය සඳහා මුදල් හා මූල්‍ය අංශ ප්‍රතිපත්ති‘ මැයෙන් පෙර දැක්මේ දී ප්‍රකාශ කළ පරිදි 2020 ඔක්තෝබර් 08 වැනි දින නිකුත් කිරීමට නියමිතව තිබූ මුදල් ප්‍රතිපත්ති විවරණය 2020 ඔක්තෝබර් 16 වන සිකුරාදා පෙරවරු 7.30ට නිකුත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී සිටී. මුදල් ප්‍රතිපත්තිය යනු මිල ස්ථායිතාව ළඟා කර ගැනීම යන සාර්ව ආර්ථික…

(0)Comments | September 28, 2020 11:20 am