Top News

කොටස් වෙළෙඳපොළ තවත් කඩඉමක් පසුකරයි. සියලු කොටස් 10,500 අභිබවයි

අද (14) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ තවත් සුවිශේෂී කඩඉමක් පසුකරනු ලැබීය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 10,500 සීමාව අභිබවා ගිය අතර 2022 මාර්තු 14 දිනෙන් පසු සියලු කොටස් මිල දර්ශකය මෙම සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙසින් මෙය වාර්තා වේ. අද දින ඒකක 103.50 ක වර්ධනයක් සියලු කොටස් මිල දර්ශකයෙහි වාර්තා වූ…

(0)Comments | July 14, 2023 3:40 pm

Sinopec සමඟ ගිවිසුම් අත්සන් තබයි

ශ්‍රී ලංකාව තුල ඉන්ධන පිරවුම්හල් ස්ථාපිත කිරීම ක්‍රියාත්මක කිරීම හා ඉන්ධන බෙදා හැරීම සඳහා Sinopec සමඟ BOI ගිවිසුමකට එළඹෙයි Sinopec Energy Lanka (පුද්) සමාගම සහ ලංකා ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකාව තුළ ඉන්ධන බෙදා හැරීම සඳහා අද (14 ජූලි, 2023) දින ගිවිසුමක් අත්සන් කර ඇත. Sinopec විසින් ඉන්ධන ආනයනය, ගබඩා කිරීම සහ අලෙවිය ඇතුළත් ව්‍යාපෘතිය සඳහා…

(0)Comments | July 14, 2023 2:27 pm

ආර්ථික වර්ධනය උදාකර ගැනීමට නම් ශ්‍රී ලංකාව ලෝකයට විවෘත විය යුතුයි – ජනපති ඉන්දීය ව්‍යාපාරික හමුවේ දී පවසයි

ආර්ථික වර්ධනය උදාකර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ලෝකයට විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් ඊට අදාළ නීති ප්‍රතිසංස්කරණ කඩිනමින් ගෙන එන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. දැඩි තරඟකාරී ආර්ථික රටාවකට ලංකාව නතු කිරිම තම අපේක්ෂාව බව සඳහන් කළ ජනාධිපතිවරයා හරිත හා ඩිජිටල් ආර්ථිකයක් තුළින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගිය හැකි බවද පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…

(0)Comments | July 14, 2023 2:18 pm

මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ ක්‍රියාමාර්ගයන් දැඩි කිරීමට නිශ්චල දේපළ නියෝජිතයින්ට උපදෙස්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් “මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ අනුකූලතා බැඳීම් සහ නව ප්‍රවණතාවයන්” මැයෙන් නිශ්චල දේපළ වෙළෙඳාම් අංශය දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023 ජුනි 26 වන දින සංවිධානය කරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති/ මුදල් විශුද්ධිකරණය වැලැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති…

(0)Comments | July 14, 2023 2:04 pm

මහ බැංකුවේ නිල සංචිතය පොඩ්ඩක් අඩුවෙයි

2023 ජූනි මාසය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණයෙහි 0.7% ක සුළු පහළ යාමක් වාර්තා වී තිබේ. ඒ අනුව 2023 මැයි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 3,491 ක් ලෙසින් වාර්තා වූ නිල සංචිත වත්කම් වටිනාකම 2023 ජූනි මාසයේ දී ඩොලර් මිලියන 3,468 ක් ලෙසින් සටහන්ව තිබේ. මෙම සංචිත වත්කම්…

(0)Comments | July 14, 2023 12:17 pm

සියලු පුරවැසියන්ට නව ඩිජිටල් හැඳුනුම්පතක්

ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයට රැගෙන යාමේ DIGIECON 2030 වැඩසටහන එළැඹෙන ඔක්තෝබර් මාසයේ දී ආරම්භ කරනවා. කලා උපාධිධාරීන් සඳහා සය මාසික තොරතුරු තාක්ෂණ පාඨමාලාවක් – තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්. ශ්‍රී ලංකාව කඩිනම් ඩිජිටල්කරණයට රැගෙන යෑමේ අරමුණින් DIGIECON 2030 වැඩසටහන එළැඹෙන ඔක්තෝබර් මාසයේදී ආරම්භ කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ…

(0)Comments | July 14, 2023 11:29 am

රට ගොඩනැඟීමට නම් මූල්‍ය විනයක් අත්‍යාවශ්‍යයි

රාජ්‍ය වියදම් පාලනයට මෙන්ම රාජ්‍ය නව ආදායම් උත්පාදනයට විධිමත් ක්‍රමවේද කඩිනමින් – ජනපති අවධාරණය කරයි. රාජ්‍ය නව ආදායම් මාර්ග උත්පාදනය සඳහා උපාය මාර්ග සෙවීමට පත් කළ කමිටුවේ වාර්තාව ජනපතිට. රට ගොඩනැඟීමට නම් මූල්‍ය විනයක් අත්‍යාවශ්‍ය බවත්, රාජ්‍ය වියදම් පාලනයට මෙන්ම රාජ්‍ය නව ආදායම් උත්පාදනයට විධිමත් ක්‍රමවේද කඩිනමින් හඳුන්වා දෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය…

(0)Comments | July 14, 2023 9:12 am

යලිත් ඉහළ යන ඩොලරයේ අද මිල

අද (13) වන විට මෙරට වානිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතික පිරික්සීමේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 311.00 ක් දක්වා ත් විකුණුම් මිල රු. 326.00 ක් දක්වා ත් ඉහළ ගොස් තිබුණු අයුරු නිරීක්ෂණය කළ හැකි විය. ඒ අනුව අද (13) පෙරවරුවේ දී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම්…

(0)Comments | July 13, 2023 11:51 am

අද කොටස් වෙළෙඳපොළෙන් කෝටි 230ක දැවැන්ත ගනුදෙනුවක්. දංකොටුව විකුණයි

මෙරට ‌ප්‍රමුඛතම පෝසිලේන් පිඟන් භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන දංකොටුව පෝසිලේන් හි බහුතර කොටස් අයිතිය අද (13) පෙරවරුවේ දී විකුණා දමන ලදී. ඒ අනුව දංකොටුව පෝසිලේන් හි මවු සමාගම වන ඇම්බියන් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් තමන් සතුව තිබූ 72.51%ක් වූ දංක‌ොටුව පෝසිලේන් සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් 50.1% ක ප්‍රමාණයක් අද දින අලෙවි කරනු ලැබීය. මෙලෙස හුවමාරු වූ කොටස්…

(0)Comments | July 13, 2023 11:48 am

මෙරට පෞද්ගලික ආදායම් බදු ලිපිගොණු ලක්ෂ 05න් බදු ගෙවන්නේ 31,000ක් පමණයි – මහින්දානන්ද අලුත්ගමගේ 

• දේශීය ආදායම් බදු පනත සංශෝධනය කිරීමට සහ බදු අභියාචනා කොමිෂන් සභාව අහෝසි කිරීමට සාකච්ඡා • බදු අදායම් ලැබීම නියාමනය කිරීම සඳහා ක්‍රමවත් යාන්ත්‍රණයක් ‍ස්ථාපිත කිරීමට යෝජනා මෙර මෙරට පෞද්ගලික ආදායම් බදු ලිපිගොණු ලක්ෂ 05ක් පැවතියද එයින් බදු ගෙවනු ලබන්නේ 31,000ක් පමණක් බව ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මහින්දානන්ද…

(0)Comments | July 13, 2023 11:31 am