Top News

ත්‍රීවීල් මොඩිෆයි කරන්න ආණ්ඩුවෙන් ඉඩ

ත්‍රීරෝද රථවල අමතර උපාංග සවි කිරීම හා අලංකරණය සඳහා ‌මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අනුමැතිය ලබා දී තිබේ. මෙහිදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ ත්‍රීරෝද රථවල අමතර උපාංග සවි කිරීම හා අලංකරණය සඳහා ත්‍රීරෝද රථ සංගම් හා මහජනතාව කළ ඉල්ලීම් ප්‍රකාරව, ‌දෙපාර්තමේන්තුව විසින් නිර්ණායකයන් කිහිපයක් යටතේ මෙම අනුමැතිය ලබා දී ඇති බවයි. මෙහිදී ත්‍රීරෝද රථ…

(0)Comments | July 13, 2023 10:58 am

පොලී යලි නගී

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් රු. මිලියන 160,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද (12) දිනයේ දී කැඳවා තිබුණි. මේ සඳහා රු. මිලියන 194,890 ක ලංසු ලැබී තිබුණ ද එහි දී පිළිගෙන තිබුණේ රු. මිලියන 99,660 ක ලංසු ප්‍රමාණයක් පමණි. පූර්ව වෙන්දේසිය හා සැසදීමේ දී එක් එක් පරිණත කාලයන්ට අදාළ ඵලදා අනුපාතිකයන් හි…

(0)Comments | July 12, 2023 4:44 pm

ටොයෝටා Yaris, 141 වාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්

ටොයෝටා ලංකා (පුද්ගලික) සමාගම විසින්, Corolla 141 සහ Yaris මෝටර් රථයන්හි, ඉදිරිපස මගී වා මලූව (Front passenger air bag) නැවත ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වි‌ශේෂ සේවා වැඩසටහනක් දියත් කර ඇති බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත. ඒ අනුව තම පාරිභෝගිකයන්ගේ පහසුව වෙනුවෙන් සහ මෙම වැඩසටහන සුමටව සහ කාර්යක්ෂම අන්දමින් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ,…

(0)Comments | July 12, 2023 3:45 pm

තෙල් කාන්දු නිරීක්ෂණයට චන්ද්‍රිකා තාක්ෂණය

නාවික කර්මාන්තයේ වර්ධනය සහ වරාය සංවර්ධනය හේතුවෙන් ශ්‍රී ලංකා ජල තීරයේ යාත්‍රා කරන නෞකා සංඛ්‍යාව ඉහළ යමින් පවතින බැවින්, නෞකා මඟින් සිදු වන තෙල් විසිරීම් පිළිබඳව ඉක්මණින් තොරතුරු ලබා ගැනීම සඳහා ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. එවැනි ක්‍රමවේදයක් පැවතීම මඟින් නෞකා මඟින් සිදු වන සමුද්‍ර දූෂණය වැළැක්වීම සදහා ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීමටත්, ඒ සදහා…

(0)Comments | July 12, 2023 11:47 am

SVAT අහෝසි කිරීමේ රජයේ තීන්දුවට ඒකාබද්ධ ඇඟළුම් සංසදයේ අප්‍රසාදය

මෙතෙක් කලක් සාර්ථකව ක්‍රියාත්මක වූ සරල කරන ලද එකතු කළ අගය මත අයකළ බදු ක්‍රමය (SVAT ) අහෝසි කිරීමට රජය ගෙන ඇති තීන්දුව පිළිබඳව ඒකාබද්ධ ඇඟළුම් සංසද සම්මේලනය සිය දැඩි අවධානය යොමු කරමින් මෙම තීරණ කෙරෙහි සිය අපප්‍රසාදය පළ කරන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසා සිටී. රජය විසින් ගනු ලැබූ මේ පියවර හේතුවෙන්…

(0)Comments | July 12, 2023 11:21 am

ජනාධිපති කාර්ය මණ්ඩලයට 60ක්

ජනාධිපති කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරීන් 60 දෙනෙකු ජනාධිපතිවරයා විසින්, ජනාධිපති කාර්ය මණ්ඩලයට පත්කරනු ලැබ ඇත. මීට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය ඊයේ (11) දින ප්‍රකාශයට පත් කර තිබෙන අතර එම ගැසට් නිවේදනය පහතින් දැක්වේ.  

(0)Comments | July 12, 2023 11:13 am

වතු සමාගම් කිහිපයක් EPF ගෙවීම පැහැර හැරලා

වැවිලි සමාගම් කිහිපයක් EPF ගෙවීම පැහැර හැර ඇති බව විදේශ රැකියා සහ ශ්‍රමය පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය වෙයි වතු ක්ෂේත්‍රයේ වැවිලි සමාගම් කිහිපයක් EPF ගෙවීම පැහැර හැර ඇති බවත් හිග මුදල් විශාල ප්‍රමාණයක් සේවක අර්ථසාධක අරමුදලට ගෙවීමට ඇති බවත් විදේශ රැකියා සහ ශ්‍රමය පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය විය. වතු ක්ෂේත්‍රයේ සමාගම්…

(0)Comments | July 12, 2023 10:47 am

ව්‍යවසායික රාජ්‍යයක් නිර්මාණය කිරීම ජනපතිගේ අරමුණයි

“අස්වැසුම” අවසන් ඉලක්කය දිළිඳු බවින් තොර රටක් නොව, දියුණු රටක්. ඉදිරි වසර සඳහා අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීමට අයදුම් පත් කැඳවීම අගෝස්තු 01 දා සිට – සමාජ සවිබලගැන්වීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවෙල්. සුබසාධන රාජ්‍යයක සිට ව්‍යවසායික රාජ්‍යයක් දක්වා ශ්‍රී ලංකාව ගෙන යාම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ බවත් “අස්වැසුම” වැඩසටහනේ අවසන් ඉලක්කය සවිබල ගැන්වුණ ව්‍යවසායක…

(0)Comments | July 12, 2023 10:17 am

රක්ෂණ සංස්ථාව, කැන්විල් හෝල්ඩිංග්ස්, හොටෙල් ඩිවෙලොපර්ස් සහ ලිට්‍රො ඉදිරි අනාගතය තීරණය වෙන්නේ මෙහෙමයි

2023-03-13 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඉහත සඳහන් සමාගම් ප්‍රතිව්‍යූහගත කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, එම කාර්යය සඳහා ගනුදෙනු උපදේශකයන් තෝරාගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින්, අභිමතය ප්‍රකාශ කිරීම් (EOI) සහ යෝජනා ඉල්ලීම් (RfP) කැඳවා ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් කෙටි ලැයිස්තුගත…

(0)Comments | July 11, 2023 1:58 pm

හම්බන්තොටට Master Plan එකක්

ප්‍රධාන වර්ධන කේන්ද්‍රයන් සඳහා විසල් හම්බන්තොට ප්‍රාදේශීය ආකෘති සැලසුමක් සහ සවිස්තරාත්මක ප්‍රධාන සැලසුමක් පිළියෙල කිරීම පිණිස උපදේශක සේවා ලබා ගැනීමේ කාර්යය සර්බානා ජුරොංග් (පෞද්ගලික) සමාගම වෙත පැවරීමට 2018-06-26 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති නමුත් එකී තීරණය පරිදි මෙතෙක් කටයුතු කර නොමැත. හම්බන්තොට දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීමේ කටයුතු සඳහා ප්‍රමුඛතාව ලබා දීමට රජය…

(0)Comments | July 11, 2023 1:45 pm