Top News

ඉන්දුනීසියාව සමඟ වරණීය වෙළඳ ගිවිසුමක්

අග්නිදිග ආසියාවේ විශාලතම ආර්ථිකය වන ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාවට ප්‍රතිලාභදායී ‌වෙළඳ සබඳතා ගොඩනගා ගැනීමට සුදුසු විභවයක් සහිත වෙළඳ හවුල්කරුවෙකු ලෙස හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, දිගුකාලීනව එරට සමඟ නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹීමේ අරමුණින් එහි මූලික පියවරක් වශයෙන් වරණීය වෙළඳ ගිවිසුමකට එළඹීම පිණිස සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

(0)Comments | July 11, 2023 12:34 pm

සතොස ප්‍රතිව්‍යූහගත කිරීමට කැබිනට් අනුමැතිය

සමූපකාර තොග වෙළඳ සංස්ථාව (සතොස) ආයතනය පිහිටුවීමේ අපේක්ෂිත අරමුණු ඉටු වී නොමැති වීමත්, ඒම ආයතනයෙන් ආර්ථිකයට ඵලදායී අයුරින් දායකත්වයක් ලබා නොලැබීමත් යන කරුණු සැලකිල්ලට ගෙන සතොස ආයතනය ප්‍රතිව්‍යූහගත කිරීමේ අවශ්‍යතාව හදුනාගනු ලැබ තිබේ. ඒ් අනුව, සමූපකාර තොග වෙළඳ සංස්ථාව (සතොස) ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ කටයුතු ඉටු කිරීම පිණිස මෙහෙයුම් හා අධීක්ෂණ කමිටුවක් පත් කර යෝජිත ප්‍රතිව්‍යූහගත…

(0)Comments | July 11, 2023 12:26 pm

මාස තුනක් ඇතුළත පොල් වෙන්දේසිය ඔන්ලයින් කරන්න නියෝගයක්

පොල් වෙන්දේසියේ ඒකාධිකාරය නතර කොට විනිවිද බව ඇති කිරීමට ඔන්ලයින් ක්‍රමවේදය නැවත ක්‍රියාත්මක කිරීමට පසුගිය දා රැස් වූ කෝප් කමිටු රැස්වෙීමේ දී සාකච්ඡා වී ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් 2023.07.06 දින රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට මෙරට පොල් වගාව සහ කර්මාන්තය ආශ්‍රිත ප්‍රධාන ආයතන ත්‍රිත්වය වන පොල් සංවර්ධන අධිකාරිය, පොල් වගා…

(0)Comments | July 11, 2023 10:18 am

කොළඹ යූනියන් පෙදෙසේ ඓතිහාසික ගොඩනැගිල්ලක් හෝටලයක් කිරීමට ගිවිසුම් අත්සන් තබයි

ඓතිහාසික විසුම්පාය ගොඩනැගිල්ල Boutique හෝටලයක් බවට පරිවර්තනය කිරීම සඳහා ගිවිසුම් අත්සන් තැබීම පසුගිය දා සිදුවිය. කොළඹ 02, යූනියන් පෙදෙස ජයික් හිල්ටන් හෝටල් පරිශ්‍රයට යාබදව පිහිටි මෙම විසුම්පාය ගොඩනැගිල්ල, අතීතයේ දී හඳුන්වන ලද්දේ ‘ඇක්ලන්ඩ් හවුස්’ නමිනි. යටත් විජිත සමයේදී ලංකා රයිෆල් රෙජිමේන්තුවේ නිලධාරින්ගේ භෝජනාගාරයක් වශයෙන් ඉදි කරන ලද දෙමහල් ගොඩනැඟිල්ලක් වන ‘ඇක්ලන්ඩ් හවුස්’ (‘විසුම්පාය’) ගෙඩනැඟිල්ල මේ…

(0)Comments | July 11, 2023 9:34 am

තෙල් සංස්ථාවට මාස 04ක දී බිලියන 43 ක ලාභයක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) 2023 වසරේ මුල් මාස 04 තුළ දී රු. බිලියන 43.4 ක ලාභයක් වාර්තා කර ඇති බව මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද 2023 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්ව වාර්තාව පෙන්වා දේ. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ 2022 දෙසැම්බරයේ දී බැරලයකට ඩොලර් 81 ක්ව පැවති ගෝලීය වෙළඳපොලේ බොරතෙල් සාමාන්‍ය ආනයන මිල,…

(0)Comments | July 10, 2023 4:41 pm

කොන්දේසිවලට අවනත නොවූ මුදල් හුවමාරු කරන්නන් 15කට වැඩ වරදී

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පහත නම් සඳහන් කර ඇති මුදල් හුවමාරු කරන්නන් පහළොස් දෙනා වෙත නිකුත් කරන ලද මුදල් හුවමාරු කිරීමේ බලපත්‍ර 2023 වර්ෂය සඳහා අළුත් නොකිරීමට තීරණය කරන ලද අතර එය 2022 වර්ෂය සඳහා නිකුත් කරන ලද මුදල් හුවමාරු බලපත්‍රවල කොන්දේසියකට අනුකූල නොවීම හේතුවෙන් සිදුකරන ලදී. තවද එය 2023.02.22 වන දින ඔවුන්…

(0)Comments | July 10, 2023 3:05 pm

හේලීස් වැවිලි සමාගමේ මූලිකත්වයෙන් වැවිලි කර්මාන්තය සඳහා වන පළමු Global Plantation Summit පැවැත්වෙයි

ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය කළමනාකරණය කිරීමේ ප‍්‍රමුඛයන් වන හේලීස් වැවිලි සමාගම ප‍්‍රථම වරට ජාත්‍යන්තර තිරසාර සමුළුවක් පවත්වන බව නිවේදනය කර ඇත. මෙම සමුළුව පැවැත්වීමේ අරමුණ වන්නේ මෙම කර්මාන්තයේ සිටින දේශීය හා ගෝලීය ප‍්‍රවීනයන්ට තම දැනුම බෙදාහදා ගැනීමට සහ තවත් දශක ගණනාවක් පුරා වැවිලි කර්මාන්තය සංවර්ධනය කිරීමට හැකියාව ඇති නව්‍ය අදහස් ඉදිරිපත් කිරීමයි. අධ්‍යාපනික, රාජ්‍ය සහ…

(0)Comments | July 10, 2023 3:00 pm

සීනි ආනයන වියදමේ දැවැන්ත වැඩිවීමක්

ශ්‍රී ලංකාවට සීනි හා රසකැවිලි ආනයනය වෙනුවෙන් 2023 වසරේ දී මෙතෙක් දරා ඇති වියදම විශාල වශයෙන් වැඩි වී ඇති බව නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතක දී ප්‍රකාශයට පත් කරන ලද විදේශීය අංශ ක්‍රියාකාරීත්ව වාර්තාවට අනුව 2023 මැයි මාසයේ දී මෙරටට සීනි හා රසකැවිලි ආනයනය සඳහා දරා ඇති වියදම ඩොලර් මිලියන…

(0)Comments | July 10, 2023 2:06 pm

තායිලන්තයේ එයාර් ඒෂියා ගුවන් සේවය යළි ශ්‍රී ලංකාවට

තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර අඩු වියදම් ඍජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කර තිබේ. ඒ අනුව, ඊයේ (09) රාත්‍රියේ 10.10ට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.අයි.කිව්- 140 දරන ගුවන් යානය ප්‍රථම ගුවන් ගමන ආරම්භ කරමින් තායිලන්තයේ දොන් මුවාන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත. එය ඒ- 320 එයාර්බස් වර්ගයේ ගුවන් යානයකි. එම…

(0)Comments | July 10, 2023 12:55 pm

ඉදිරි දශකය තුළ රටට විදේශ විනිමය උපයා දෙන ප්‍රමුඛ ක්ෂේත්‍රයක් බවට සංචාරක කර්මාන්තය පත් කරනවා

බිම්ස්ටෙක් කලාපය දියුණු සංචාරක කලාපයක් බවට පරිවර්තනය කර ගැනීමට එක්ව කැප වෙමු – ජනපති ඉන්දියානු සංචාරක සම්මේලනය අමතමින් පවසයි. චෙන්නායි – යාපනය ගුවන් ගමන් මෙම ජූලි 16 වනදා සිට සතියේ සෑම දිනකම – ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ. ඉදිරි දශකය තුළ රටට විශාල විදේශ විනිමයක් ගෙන එන ක්ෂේත්‍රයක් බවට සංචාරක කර්මාන්තය පත් කරන…

(0)Comments | July 8, 2023 10:21 am