Top News

අත්තනගල්ල පෙතියකන්ද වත්තේ අක්කර 194ක හරිත කර්මාන්තපුරයක්

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කර්මාන්තපුර 32ක් මේ වන විට රට පුරා පවත්වාගෙන යන අතර, පෞද්ගලික ආ‍යෝජකයින් විසින් රුපියල් මිලියන 36,500ක් පමණ එම කර්මාන්තපුරවල ආයෝජනය කර ඇත. මෙම කර්මාන්තපුරවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රජය විසින් රුපියල් මිලියන 4,517ක් පමණ වැය කර ඇති අතර, ඒවායේ ජනනය වී ඇති රැකියා අවස්ථා ගණන 18,600ක් පමණ වේ. බස්නාහිර…

(0)Comments | September 17, 2020 2:45 pm

‘තායි සුමේධා‘ කැනඩාවට

මෙරට ප්‍රමුඛ පෙලේ හඳුන්කූරු නිෂ්පාදන සමාගමක් වන ‘තායි සුමේධා ආයතනය’ තම විදෙස් වෙළඳපොළ තව දුරටත් පුළුල් කරමින් කැනඩාවට ද හඳුන්කූරු අපනයනය ඊයේ (16) ආරම්භ කළේය. එම අවස්ථාව උත්සවාකාරයෙන් සැමරීමට මාධ්‍ය හමුවක් හා සුහද හමුවක් පිටකෝට්ටේ රැෆාල් උත්සව ශාලාවේ දී පැවැත්විණි. එහි දී අපනයනයට සූදානම් කර තිබූ හඳුන්කූරු තොගය සංකේතාත්මකව කර්මන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ වෙළඳ…

(0)Comments | September 17, 2020 1:18 pm

බොර තෙල් බැරල් ලක්ෂ 84ක කොන්ත්‍රාත්තුවක් සිංගප්පූරුවේ Emirates National Oil Company වෙත

අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, 2020.10.01 සිට 2021.05.31 දින දක්වා මාස අටක (08) කාලයක් සඳහා මර්බන් බොර තෙල් බැරල් 8,400,000+/-5%ක් මිල දී ගැනීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ M/s Emirates National Oil Company (ENOC) වෙත ප්‍රදානය කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

(0)Comments | September 17, 2020 1:13 pm

පාස්පෝට් මුද්‍රණය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට

විදේශ ගමන් බලපත්‍ර හා රජයට අවශ්‍ය රහස්‍ය ලේඛන දැනට විදේශීය මුද්‍රණ ආයතන වෙතින් මුද්‍රණය කිරීම හේතුවෙන් රටින් පිටතට ගලා යන විදේශ විනිමය රට තුළ රඳවා ගැනීමට හැකිවන පරිදි එවැනි ලේඛන රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙතින් මුද්‍රණය කරවා ගැනීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ මිල දී ගැනීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලන…

(0)Comments | September 17, 2020 12:46 pm

හේතුවක් නැහැ – කොටස් මිලෙහි අසාමාන්‍ය ඉහළ යාම ගැන එක්ස්පෝලංකා කරුණු පැහැදිලි කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත සමාගමක් වන එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් අසාමාන්‍ය අයුරින් ගනුදෙනු වීම සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂ (සමූහ මූල්‍ය), මුස්ටාක් අහමඩ් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත කරුණු දක්වා සිටී. ගනුදෙනු මෙහෙයුම්, වෙළෙඳපොළ ආවේක්ෂණ හා ආයතනික කටයුතු ප්‍රධානී නිලූපා පෙරේරා වෙත ලිපියක් යවමින් එක්ස්පෝලංකා අධ්‍යක්ෂවරයා පවසන්නේ, මේ සම්බන්ධයෙන් අනාවරණය නොකළ මිල සංවේදී තොරතුරු කිසිවක් නොමැති…

(0)Comments | September 16, 2020 2:54 pm

ජූලි මාසයේ දී ජංගම දුරකථන, ඖෂධ, සීනි, පරිප්පු ආනයන වියදම් ඉහළට

2020 ජූලි මාසයේ දී පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව විදුලි සංදේශ මෙවලම් (ප්‍රධාන වශයෙන් ජංගම දුරකථන) ආනයන වියදම 75.1%කින්, බෙහෙත් හා ඖෂධිය නිෂ්පාදිත ආනයන වියදම 24.9%කින්, සීනි හා රසකැවිලි ආනයන වියදම 206.4%කින්, එළවළු ආනයන වියදම 7.8% කින් හා වෙනත් ආහාර හා පාන වර්ග ආනයන වියදම 50.7% කින් වැඩි වී තිබේ. 2020 මාර්තු මාසයේ සිට පැවති…

(0)Comments | September 16, 2020 12:04 pm

ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ ඉහළ යාමක්

2020 අගෝස්තු මාසයේ දී නිෂ්පාදන සහ සේවා යන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක වර්ධනය විය. රටේ ව්‍යාපාරික කටයුතු යථාවත් වීම හේතුකොටගෙන 2020 අගෝස්තු මාසයේදී නිෂ්පාදන ක්‍රියාකාරකම්වල සිදුවූ අඛණ්ඩ වර්ධනය, නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයෙන් පිළිබිඹු විය. නව ඇණවුම් සහ නිෂ්පාදන යන උපදර්ශක දෙකම 2020 අගෝස්තු මාසයේදී ඉහළ ගිය අතර සේවා නියුක්තිය උපදර්ශකයේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබුණි….

(0)Comments | September 16, 2020 10:46 am

ලංකාව ලොව ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට දියුණු කරන්න පිළිවන් – ජනපති නිලධාරීන්ට පෙන්වා දෙයි

පිහිටීම ප්‍රයෝජනයට ගෙන ශ්‍රී ලංකාව ලොව ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. තවද ලෝකයේ දියුණුතම වරායන් ආදර්ශයට ගෙන මෙරට වරාය පහසුකම් සංවර්ධනය කිරීමෙන් සංවර්ධන ඉලක්ක කඩිනමින් ලඟාකරගත හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. එමෙන්ම බහලුම් 24,000ක් ප්‍රවාහනය කළහැකි ලොව විශාලතම නෞකා ආකර්ෂණය කර ගැනීමට ඉවහල් වන අයුරින් මෙරට…

(0)Comments | September 15, 2020 6:00 pm

වසර 10කට පසු අඩුම මාසික රථවාහන ආනයන වියදම 2020 ජූලි මාසයේ දී

2009 වසරේ දෙසැම්බර් මාසයට පසුව අඩුම මාසික රථවාහන ආනයන වියදම වාර්තා කරමින් 2020 වසරේ ජූලි මාසයේ දී පෞද්ගලික රථවාහන ආනයන වියදම සියයට 93.6කින් සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව 2020 ජූලි මාසයේ දී පෞද්ගලික රථවාහන ආනයනය වෙනුවෙන් දරා ඇති වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන  6.1ක් වන අතර…

(0)Comments | September 15, 2020 3:50 pm

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු බරපතල ලෙස අවුල් වෙයි – උපකුලපති වෙනුවට ඇමති GL ගෙන් නිසි බලධාරියෙක්

ශ්‍රී ලංකාවේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු බරපතල ලෙස අවුල් වී ඇති බවට සහ එය යථා තත්ත්වයට නැවත පත් කිරීමට එම විශ්වවිද්‍යාලයේ බලධාරීන් අපොහොසත් වී ඇති බව සෑහීමට පත්වීමෙන් පසු, එහි උපකුලපති වෙනුවට නිසි බලධරයා වශයෙන් සම්මානීත මහාචාර්ය වීරකෝන් මුදියන්සේලාගේ අබේරත්න බණ්ඩාර මහතා 2020 සැප්තැම්බර් 13 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා…

(0)Comments | September 15, 2020 1:04 pm