Top News

පැල්වත්ත සමාගමෙන් ගෘහස්ත දියර කිරි ඉල්ලුම සපුරාලීමේ ජනපති දැක්ම සාක්ෂාත් කරලීමට පුර්ණ සහාය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයෙකු වන පැල්වත්ත ඩේරි සමාගම මෙරට දේශීය කිරි ඉල්ලුම සහ දේශීය කිරි ගොවීන්ගේ සමාජ ආර්ථික තත්ත්වය ඉහළ නංවාලීම සඳහා නව්‍ය  මෙහෙයුමක් දියත් කර තිබේ. මෙම නව මෙහෙයුම් කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ශ්‍රී ලංකාවේ දේශීය කිරි කර්මාන්තය සවිබල ගැන්වීමේ සහ ඉදිරි දශකය තුළ දේශීය දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ දැක්ම…

(0)Comments | September 28, 2020 4:07 pm

කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක්. සියලු කොටස් හයදහසේ කඩඉම පසුකරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ අද (28) දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 169.16 ක දැවැන්ත ඉහළ යාමක් වාර්තා කළේය. මෙම වර්ධනයත් සමඟම 2020 ජනවාරි 07 දිනෙන් පසු මුල්වරට සියලු කොටස් මිල දර්ශක අගය අද (28) දිනයේ දී ඒකක 6,000 සීමාව ඉක්මවා යන ලදී. මේ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල…

(0)Comments | September 28, 2020 3:19 pm

තේ කර්මාන්තයේ සිදුකෙරන අකටයුතුකම් සම්පූර්ණයෙන් නිශේධනය කරනවා – වැවිලි ඇමති

තේ කර්මාන්තය හා බැඳුනු යම් යම් ගැටළු පවතින බවත්, එහිදී ලංකාවේ Pure Ceylon Tea නාමය ආගාධයකට ලක් කරන සිදුවීම් පිළිබඳව තමන් දැනුවත් බවත් වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. ශ්‍රී ලංකාෙව් තේ කර්මාන්තශාලා හිමියන්ගේ 30 වන වාර්ෂික මහා සම්මේලනයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා කියා සිටියේ මෙරට තේ කර්මාන්තයේ සිදුවන…

(0)Comments | September 28, 2020 2:01 pm

මුදල් ප්‍රතිපත්ති විවරණය සතියකින් කල්යයි

‘2020 සහ ඉදිරිය සඳහා මුදල් හා මූල්‍ය අංශ ප්‍රතිපත්ති‘ මැයෙන් පෙර දැක්මේ දී ප්‍රකාශ කළ පරිදි 2020 ඔක්තෝබර් 08 වැනි දින නිකුත් කිරීමට නියමිතව තිබූ මුදල් ප්‍රතිපත්ති විවරණය 2020 ඔක්තෝබර් 16 වන සිකුරාදා පෙරවරු 7.30ට නිකුත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී සිටී. මුදල් ප්‍රතිපත්තිය යනු මිල ස්ථායිතාව ළඟා කර ගැනීම යන සාර්ව ආර්ථික…

(0)Comments | September 28, 2020 11:20 am

වීරවිල නවතම තරු පහේ හෝටලය “Double Tree” විවෘත කෙරේ

කේ.ඩී.යූ. ඇඩ්වෙන්චර්ස් (KDU adventures (Pvt) Ltd) සමාගම වීරවිල ප්‍රදේශයේ ඉදි කළ නවතම තරු පහේ හෝටලය වන “Double Tree” – වීරවිල රජවර්ණ රිසෝට් සංචාරකයන්ට විවෘත කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (2020.09.24) දින එක් විය. වීරවිල වැව් ඉස්මත්තේ ඉදි කර ඇති මෙම හෝටල් සංකීර්ණය වර්ග අඩි 21,000ක භූමියක පැතිර තිබේ. සුඛෝපභෝගී අවන්හල් ත්‍රිත්වයකින් යුතු මෙම…

(0)Comments | September 25, 2020 1:12 pm

Swap වලින් පාඩු වුණොත්? හර්ෂගේ පැනයට කබ්රාල් දුන් පිළිතුර

රටට විදේශ විනිමය ගෙන ඒම සඳහා රජය විසින් හඳුන්වා දී ඇති විනිමය හුවමාරු හෙවත් Swap arrangement පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊයේ (24) දින පාර්ලිමේන්තුවේ දී සිදුකළේය. කෙසේ වෙතත් මෙහිදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විමසා සිටියේ, මේ හරහා…

(0)Comments | September 25, 2020 11:25 am

අලුත් දාහක්

රුපියල් දහසේ නව මුදල් නෝට්ටුවක් අද දින එළිදක්වන ලදී. මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා රුපියල් දහසේ නව මුදල් නෝට්ටුව අද (2020.09.24) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වූයේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් මහතා අතර මෙම හමුව පැවැතියේ විජේරාම අග්‍රාමාත්‍ය නිල නිවසේදීය. එහිදී අග්‍රාමාත්‍යතුමා සහ මහ බැංකු අධිපතිවරයා රටේ…

(0)Comments | September 24, 2020 6:49 pm

ඉඩම් දත්ත යටිතල පහසුකම් සහ ඉඩම් තොරතුරු සේවා පද්ධතිය පිහිටුවීමට කොරියාවෙන් ඩොලර් මිලියන 60ක්

ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවාවන් වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමේ අරමුණින් නව තාක්ෂණය භාවිත කර දෙපාර්තමේන්තුවේ පාලන ජාල ස්ථාපනය කිරීම හා එමඟින් මැනුම් සිදු කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම හා ඵලදායීතාව ඉහළ නැංවීමට සැලසුම් කර ඇත. ඒ අනුව ඉඩම් තොරතුරු භාවිත කරන පාර්ශ්වයන්ට ඔවුන්ගේ සේවාවන් සඳහා එම තොරතුරු භාවිත කිරීමට පහසුවන අයුරින් දියුණු යටිතල පහසුකම් සහිත ඉඩම්…

(0)Comments | September 24, 2020 5:26 pm

පාර්ලිමේන්තුවේ මෝටර් බයිසිකල් විවාදය – කබ්රාල්ගෙන් සජිත්ට පිළිතුරු

ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන භාණ්ඩ ගණනාවකටම මේ වන විට ආනයන සීමා පනවා ඇති පසුබිමක, මෝටර් බයිසිකල් ආනයනය තහනම් කිරීම හේතුවෙන් ඒම කර්මාන්තයේ යෙදෙන විශාල පිරිසක් සහ මෝටර් බයිසිකල් පරිහරණය කරනු ලබන විශාල සංඛ්‍යාවක් අපහසුතාවයට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අද (24) දින පාර්ලමේන්තුවේ දී විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කරමින්…

(0)Comments | September 24, 2020 3:42 pm

2021 දී ජන සංගණනයක්

ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනය වසර 10 කට වරක් පවත්වනු ලබන අතර, සංගණන ආඥාපනතින් ලැබී ඇති බලතල ප්‍රකාරව, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මීළඟ සංගණනය 2021 වර්ෂයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත. එම සංගණනය මඟින් ජාතික ප්‍රතිපත්ති සම්පාදනයට හා සැලසුම් සකස් කිරීමට අවශ්‍ය වන ජන සංඛ්‍යාව, එහි භූගෝලීය ව්‍යාප්තිය, ජන වාර්ගික ව්‍යාප්තිය සහ ජනගහනයේ ප්‍රජා…

(0)Comments | September 24, 2020 1:29 pm