ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත යටතේ හෝ ඔ්නෑම පනතක විධිවිධාන යටතේ ශ්‍රී ලංකාව තුළ නිකුත් කර ඇති ස්කන්ධ හෝ සුරැකුම්පත් හිමියෙකුට 2023 ජූනි මස 28 වැනි දින වන විට පවතින ස්කන්ධ හෝ සුරැකුම්පත් මුළුමනින්ම හෝ ඉන් කොටසක් පරිවර්තනය කිරීමට හෝ හුවමාරු කිරීමට අදාළ බලය මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් සහ රාජ්‍ය ණය…
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 මැයි මාසයේ වාර්තා වූ සියයට 25.2හි සිට 2023 ජූනි මාසයේ දී සියයට 12.0 ක් දක්වා කැපීපෙනෙන ලෙස පහළ ගොස් තිබේ. එහිදී ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 මැයි මාසයේ පැවති සියයට 21.5 හි සිට 2023 ජූනි මාසයේ දී සියයට 4.1…
ජනපති ව්‍යාපාරික ප්‍රජාවගෙන් සහ වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලයි. දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ සත්‍ය තත්ත්වය ජනතාව හමුවේ තැබීමේ සුවිශේෂ කාර්යභාරයක් ව්‍යාපාරික ප්‍රජාවට සහ වෘත්තීය සමිති නියෝජිතයින් වෙත පැවරී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. සැබෑ තත්ත්වය පැහැදිළි කිරීමෙන් ණය ප්‍රශස්තකරණය පිළිබඳ මෙරට ශ්‍රම බලකාය මෙන්ම සමස්ත ජනතාව තුළ ඇති අනවබෝධය සහ අනිසි බිය දුරු කළ…
පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව 2023.06.23 වැනිදා කොළඹ පිහිටි ශ්‍රී ලංකා රේගු මූලස්ථානය ඇතුළු පරිශ්‍රයන්හි නිරීක්ෂණ චාරිකාව නිරත විය. රජයේ ආදායම වැඩිකිරීම ඇතුළු සාධනීය පියවරයන් නිර්දේශ කිරීම සදහා වන ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව අදාළ ආයතන පරිශ්‍රයන් වෙත ගොස් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ලැබී ඇති බලතල ප්‍රකාරව මෙම…
සේවක අර්ථසාධක අරමුදල්වලට අත තබන්නේ නැහැ දේශීය ණය ප්‍රශස්තකරණයේ දී දැනටමත් 50%කට වැඩි බදු මගින් භාණ්ඩාගාරයට සහ ආර්ථිකයට දායක වන බැංකු පද්ධතිය මත තවදුරටත් බරක් පටවන්නේ නැති බවත් මිලියන 57ක් වන මෙරට රාජ්‍ය සහ පෞද්ගලික බැංකු තැන්පතු ආරක්ෂා කරන බවට සහතික වන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කළේය. රටේ බැංකු ක්ෂේත්‍රයේ…
UNICEF Sri Lanka සංවිධානය මෙරටේ ළමා අයිතිවාසිකම් සහ තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ව්‍යාපාරික කවුන්සිලය පසුගියදා එළිදක්වනු ලැබීය. එය UNICEF සහ ඉහළ පෙළේ ව්‍යාපාරික ප්‍රධානීන් හා තීරකයින් අතර උපායමාර්ගික වශයෙන් ඇතිකර ගනු ලැබූ හවුල්කරීත්වයකි. අභිනවයෙන් පිහිටුවන ලද ව්‍යාපාරික කවුන්සිලය ළමා අයිතිවාසිකම් සහ ශ්‍රී ලංකාවේ ළමා හා තරුණ ප්‍රජාවගේ සුභ සාධනය වෙනුවෙන් කැපවී ක්‍රියා කරන අතර…
ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල (ISB) ආයෝජන කර ඇති දේශීය බැංකු සමාගම්, ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියේ දී විදේශීය ණය හිමියන් ලෙසින් සලකනු ලබන බවත්, වානිජ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ දී ඒ පිළිබඳව වෙනමම සලකා බැලීමට සිදුවනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියේ දී ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවල ආයෝජනය කර ඇති දේශීය…
දේශීය ණය ප්‍රශස්ථකරණ ක්‍රියාවලියට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් තොගය භාණ්ඩාගාර බැඳුම්කරවලට පරිවර්තනය කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. දේශීය ණය ප්‍රශස්ථකරණය පිළිබඳව මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම සඳහා අද (29) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවක දී අධිපතිවරයා මේ බව කියා සිටියේය. “දේශීය වශයෙන්…
ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මූල්‍ය අංශයේ ස්ථායීතාව පවත්වාගෙන යනු ඇති බවට කරන ලද සහතිකය හා ඒ සම්බන්ධ අදාළ ක‍්‍රියාවලිය පිළිබඳව සපයන ලද පැහැදිළි කිරීම ශී‍්‍ර ලංකා බැංකු සංගමය (SLBA) සාදරයෙන් පිළිගෙන ඇත. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ ආචාර්ය වීරසිංහගේ එම ප‍්‍රසිද්ධ නිවේදනය මගින් වැදගත් ගැටළු ආවරණය…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යාමක් අද (28) දිනයේ දී වාර්තා විය. අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 74.04 කින් ඉහළ ගොස් ඒකක 9,442.95 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 18.73 කින් ඉහළ ගොස් ඒකක 2,713.65 ක් ලෙසින් වාර්තා වී තිබුණි. අද දින වාර්තා…
Video Story