යෝජිත දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට අද (28) දින කැඳවා තිබේ. මේ සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ හෙට (29) දිනයේ දී ඒ සඳහා බැංකු,…
2023 මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය 2023 අප්‍රේල් මාසයට සාපේක්ෂව 2023 මැයි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 989.7 දක්වා 16.6% කින් වැඩි විය. කෙසේ වෙතත්, එය 2022 මැයි මාසයට සාපේක්ෂව 5.59% ක අඩුවීමකි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) මේ බව කියා සිටී. එම නිවේදනයේ වැඩිදුරටත්…
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් රු. මිලියන 130,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ඊයේ (27) දිනයේ දී කැඳවා තිබුණි. මේ සඳහා රු. මිලියන 185,745 ක ලංසු ලැබී තිබුණ ද එහි දී පිළිගෙන තිබුණේ රු. මිලියන 55,434 ක ලංසු ප්‍රමාණයක් පමණි. එනම් වෙන්දේසියට ඉදිරිපත් කළ ප්‍රමාණය මෙන් 42% කි. එක් එක් පරිණත කාලයන්ට අදාළ…
පාරිභෝගික වස්තුභංගත්වය සහ සංස්ථාගත නොකළ කුඩා ව්‍යාපාර වස්තුභංගත්වය සම්බන්ධ විධිවිධාන 1853 වස්තුභංගත්වය පිළිබඳ ආඥාපනතේ ද, සමාගම් වස්තුභංගත්වය ආශ්‍රිත විධිවිධාන 2007 අංක 7 දරන සමාගම් පනතේ ද ඇතුළත්ව පවතී. එම නීති යටතේ පවතින විධිවිධාන වර්තමාන අවශ්‍යතාවන්ට ප්‍රමාණවත් නොවන බැවින්, නව ඒකාබද්ධ වස්තුභංගත්වය පිළිබඳ නීතියක් හඳුන්වා දීමේ අවශ්‍යතාව පෙනී ගොස් තිබේ. ඒ අනුව, අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා…
තිරසර ආර්ථික වර්ධනයට සහාය වන ගතික සහ ඔරොත්තු දීමේ හැකියාවක් සහිත බැංකු අංශයක් පවත්වාගෙන යාමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් 1988 අංක 30 දරන බැංකු පනත සංශෝධනය කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව, හඳුනාගනු ලැබ ඇති සංශෝධන ඇතුළත් කරමින් 1988 අංක 30 දරන බැංකු පනත සංශෝධනය කිරීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම…
මෙරට බැංකු පද්ධතියේ ස්ථායීතාවයට හෝ කිසිඳු රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවක ස්ථායීතාවයට ද ඉන් බලපෑමක් නැහැ. මිලියන 50කට අධික බැංකු තැන්පත්කරුවන්ගේ කිසිඳු තැන්පතුවකට හෝ ඒ සඳහා ගෙවන පොලියකට බලපෑමක් එල්ල නොවේ. විදේශීය මෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා හෙට කැබිනට් මණ්ඩලයට – ජනපති ගම්පහදී කියයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු කිසිඳු…
දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකට ම ඩිජිටල් පහසුකම් සමාන ආකාරයෙන් බෙදී යාම සහ විෂමතාවන් අවම කර ගනිමින් ඵලදායී ඩිජිටල් සංවර්තනයක් ඇති කිරීමට අවශ්‍ය උපාය මාර්ග හඳුන්වා දීමට ස්ථාපිත කරන ලද දිස්ත්‍රික් ඩිජිටල් සංවර්තන කමිටු (District Digital Transformation Committee) සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සැකසේ. දිස්ත්‍රික් ඩිජිටල් සංවර්තන කමිටු මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 21ක ස්ථාපිත කර අවසන් අතර දිස්ත්‍රික්කයේ…
Lanka Premier League 2023 තරඟවාරයේ දී B-Love Kandy ක්‍රිකට් කණ්ඩායමේ හිමිකාරීත්වය සුපිරි බොලිවුඩ් නළු සංජේ දත් විසින් හිමි කර ගෙන ඇති බව වාර්තා වේ. LPL නිල සමාජ මාධ්‍ය හරහා මේ බව නිවේදනය කර ඇත.
සූදු ක්‍රීඩා මඟින් අපේක්ෂිත බදු ආදායම් නිසි පරිදි අයකරගැනීම, සූදු ක්‍රියාකාරකම් හා සම්බන්ධ අපරාධ ක්‍රියාවන් වැළැක්වීම, සූදු ක්‍රීඩාවන් මඟින් පුද්ගලයින්ට හා සමාජයට සිදු වන අයහපත් ප්‍රතිවිපාක අවම කිරීම වැනි කාර්යයන් සඳහා සියලුම සූදු ක්‍රීඩා ක්‍රියාකරුවන්ට බලපාන පරිදි සූදු ක්‍රීඩා නියාමනය කිරීමේ අධිකාරිය නමින් නියාමන ආයතනයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, සූදු ක්‍රීඩා…
සංවර්ධන ප්‍රතිපත්ති මූල්‍යකරණ වැඩසටහන මඟින් ආර්ථික ස්ථායීකරණ සහ ප්‍රතිසාධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස ලෝක බැංකුවේ සහාය ලබා ගැනීම 2023 සිට 2024 දක්වා වසර 02ක කාලයක් සඳහා සංවර්ධන ප්‍රතිපත්ති මූල්‍යකරණ වැඩසටහන යටතේ ලෝක බැංකුවේ සහාය ලබා ගැනීම පිණිස අදාළ සාකච්ඡා 2023 05 17 දින පවත්වනු ලැබ ඇත. එකී වැඩසටහන යටතේ 2023 වර්ෂය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන…
Video Story