Top News

සාමවිනිසුරු පදවියට සාමාන්‍ය පෙළ අනිවාර්යයි

අධිකරණ අමාත්‍යාංශය විසින් සාමදාන විනිශ්චයකාරවරුන් වශයෙන් පත්වීම් ලබා දීමේ දී මින් ඉදිරියට එවැනි පත්නීම් සඳහා වයස අවුරුදු 60ට අඩු අයට සාමාන්‍ය පෙළ විභාගය සමත්වීම අනිවාර්යය බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. අද (24) දින පාර්ලිමේන්තුවේ දී අධිකරණ අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. “සාමදාන විනිශ්චයකාරවරුන් පත් කිරීමේ දී දැනට තියෙන කරුණු අනුව අවම සුදුසුකමක් නැහැ.“…

(0)Comments | September 24, 2020 11:30 am

මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් දුම්රිය ටිකට්පත් මුද්‍රණයට අවධානය

දුම්රිය ප්‍රවේශ පත්‍ර මුද්‍රණය ශ්‍රී ලංකාව තුළම සිදුකිරීම සඳහා අවධානය යොමු කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි. අද (24) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා විසින් යොමුකළ වාචික ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. පා.ම. හේෂා විතාන – දුම්රිය ප්‍රවේශ පත්‍ර මුද්‍රණයට විශාල මුදලක් වැය කරනවා….

(0)Comments | September 24, 2020 11:05 am

වසර 28කට පසු අපනයන සංවර්ධන සභාව රැස්වෙයි

අපනයනයකරුවන්ට නව වෙළෙඳපොළ ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් සමාලෝචනය කෙරේ ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය නව්‍යකරණයට අපනයන සංවර්ධන සභාව වසර 28කට පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී තිබේ. 1979 අපනයන සංවර්ධන පනත මඟින් අපනයන සංවර්ධන සභාව ස්ථාපනය කෙරුණු අතර, අපනයනකරුවන් ශක්තිමත් කර ක්ෂේත්‍රයේ ගැටලු විසඳීම ඉන් අපේක්ෂා කරනු ලැබීය. ප්‍රතිපත්ති සම්පාදනය අනුමැතිය සහ…

(0)Comments | September 24, 2020 10:26 am

නවෝත්පාදන අංශයෙන් ඉහළ රටක් බිහි කරනවා – ජනපති කියයි

උසස් අධ්‍යාපන පනත සංශෝධනයට පියවර … නවෝත්පාදන එකම ආයතනයක් යටතට … නවෝත්පාදන අංශයෙන් ලොව ඉහළින්ම සිටින රටක් බිහි කිරීමට  පරිසරය නිර්මාණය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. දේශීය සහ ලෝක වෙළෙඳපොළේ ඇති ඉල්ලුමට සරිලන පරිදි අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුත් “සුහුරු තාක්ෂණවේදීන් ” ( Smart Technocrats) නිර්මාණය කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවක් බව  එතුමා පෙන්වා දෙයි. සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ හෝ…

(0)Comments | September 24, 2020 8:10 am

සියැට් කැළණි නිෂ්පාදනය වර්ධනය කිරීම හමුවේ දේශීය රබර් කර්මාන්තයේ ආදායම් ඉහළට

සැප්තැම්බර් මාසයේ රබර් මිලදීගැනීම් වලින් පමණක් දේශීය නිෂ්පාදකයින්ට රුපියල් මිලියන 150 ක ආදායමක් ටයර් සඳහා දේශීය ඉල්ලූම සපුරාලීම සඳහා සිය නිෂ්පාදන ධාරිතාවය වර්ධනය කිරීම හමුවේ දේශීය වෙළඳපොළින් මාසිකව මිලදී ගන්නා ස්වභාවික රබර් ප‍්‍රමාණය සැප්තැම්බර් මාසය වන විට 35% කින් වර්ධනය වී ඇතැයි මෙරට ප‍්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම අනාවරණය කර ඇත. සිය…

(0)Comments | September 23, 2020 10:34 am

විදේශිකයන්ට රජයේ සුරැකුම්පත් ආයෝජනය සඳහා අවදානම් රහිත වැඩපිළිවෙලක්

රට තුළට විදේශ මුදල් ගලා ඒම දිරිමත් කිරීමේ අරමුණින් නේවාසික නොවන ආයෝජකයින්ට රජයේ සුරැකුම්පත්වල සහ අනෙකුත් අංශයන්හි ආයෝජනය කිරීමට හැකිවන පරිදි පහසුකම් සැලසීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, ‘වසරක සිට වසර දෙකක කාලයක් දක්වා ඇමරිකානු ඩොලර්/ ශ්‍රී ලංකා රුපියල් මිල දී ගැනීමේ – විකිණීමේ මුදල් හුවමාරු‘ පහසුකම් හඳුන්වා දීමට…

(0)Comments | September 23, 2020 8:24 am

බොරැල්ල එලියට් පෙදෙස නිවාස ව්‍යාපෘතියේ රු. බිලියන 9ක කොන්ත්‍රාත්තුව ඇක්සෙස් ඉංජිනියරින් වෙත

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මධ්‍යම පාන්තික ආදායම්ලාභීන් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස ඒකක 400කින් යුත් බොරැල්ල, එලියට් පෙදෙස නිවාස ව්‍යාපෘතිය සැලසුම් කර ඉදි කිරීම හා මූල්‍යයනය සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කරන ලද සමාගමේ ඇති වූ මූල්‍ය ගැටලු හේතුවෙන් සැලසුම් කළ පරිදි ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවීම නිසා අදාළ කොන්ත්‍රාත්තුව අවසන් කර ඇත. මෙම…

(0)Comments | September 23, 2020 8:11 am

ඩොලර් මිලියන 29 ක ආයෝජනයකින් මහනුවරට කාමර 160ක සුඛෝපභෝගී හෝටලයක්

මහනුවර කාමර 160 කින් යුත් තරු තුනේ සුඛෝපභෝගී හෝටලයක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුම් අත්සන් කිරීම පසුගිය දා සිදුවිය. ජෝන් කීල්ස් හොටේල්ස් පීඑල්සී හා ඉන්ද්‍රා ට්‍රේඩර්ස් ලිමිටඩ් අතර බද්ධ ව්‍යාපාරයක් ලෙසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. ආයෝජන මණ්ඩල සභාපති සුසන්ත රත්නායක මහතා සහ Indra Hotels and Resorts Kandy (Pvt) Ltd සභාපති ඉන්ද්‍රා සිල්වා…

(0)Comments | September 22, 2020 4:49 pm

ගුවන්තොටුපලේ ට්‍රැවල් කවුන්ටර්ස් අහෝසි කිරීමට නීති.  දිවයින පුරා සංචාරක රියදුරන් ලියාපදිංචිය හා පුහුණුව අනිවාර්යයි

දිවයින පුරා සිටින සංචාරක රියදුරන් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචිය හා පුහුණුව ලැබීම අනිවාර්ය කෙරේ. මෙරටට පැමිණෙන සංචාරකයන්ට ප්‍රමිතියෙන් යුත් උසස් සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම පියවර ගැනීමට රජය තීරණය කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. කටුනායක ගුවන්තොටුපලේ ට්‍රැවල් කවුන්ටර්ස් ක්‍රමය අහෝසි කර සංචාරක මාර්ගෝපදේශ රියදුරන් සූරාකෑම සම්පූර්ණයෙන්ම නතර කිරීමට අවධානය යොමුව ඇතැයි බව පැවසූ…

(0)Comments | September 22, 2020 2:09 pm

බැඳුම්කර වෙළෙඳපොළට විදෙස් ආයෝජකයින්ගේ අවධානය නැවතත්

2020 සැප්තැම්බර් 16 දින වන විට මෙරට රජයේ සුරැකුම්පත් හි විදෙස් ආයෝජන ප්‍රමාණය රු. මිලියන 13,505 ක් ලෙසින් වාර්තා වේ. 2020 සැප්තැම්බර් 09 දින වන විට මෙම අගය රු. මිලියන 12,647 ක් ලෙසින් වාර්තා විය. මේ අනුව අදාළ සතිය තුළ දී රජයේ සුරැකුම්පත්වල විදෙස් ආයෝජන ප්‍රමාණය රු. මිලියන 858 කින් ඉහළ ගොස් තිබේ. 2020 ජනවාරි…

(0)Comments | September 22, 2020 1:35 pm