මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දත්ත ඩිජිටල්කරණය කිරීමේ කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ (Bill and Melinda Gates foundation) සාමාජිකයන් ද එක්ව සිටියහ. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නවීකරණය, පෝෂණය, දේශගුණික විපර්යාසවලට මුහුණදීම සහ මූල්‍ය සුරක්ෂිතතාවය යන ක්ෂේත්‍ර…
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යනු ලබන ප්‍රයත්නයට චින රජයේ පූර්ණ සහාය ලබාදෙන බව චින විදේශ කටයුතු උප අමාත්‍ය සන් වෙයිඩොං (Sun Weidong) මහතා අවධාරණය කළේය. දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් චීනය උනන්දුවෙන් පසුවන බව ද ඊයේ (30) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ…
පිරමීඩකාර ව්‍යාපාරවල නිරත වීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර සිටී. නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව පවසන්නේ තමන් වෙත ලැබුණු පැමිණිලිවලට අනුව කළ විමර්ශනයන් හි ප්‍රතිඵලයක් ලෙසින්, බැංකු පනත උල්ලංඝනය කරමින් තහනම් යෝජනා ක්‍රම ක්‍රියාත්මක කළ ආයතන 8 ක් හඳුනාගෙන ඇති බවයි. එම ආයතන වන්නේ, 1. Tiens Lanka Health Care…
2023 වසරේ මැයි 28 දින දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුළු විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 516,946 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කර සිටී. 2023 මැයි මස මුල් දින 28 තුළ දී 75,769ක සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමත් සමඟම මෙලෙස දිවයිනට පැමිණ ඇති මුළු සංචාරකයින් ප්‍රමාණය පන්ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබේ. මැයි මාසය තුළ…
මෙම වසරේ මුල් කාර්තුව තුළ මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේ ක්‍රමික පහළ යාමක් වාර්තා වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව පවසන පරිදි 2022 වසර අවසාන වන විට ශ්‍රී ලංකාවේ මුළු සක්‍රීය ක්‍රෙඩිඩ් කාඩ්පත් ගණන 1,952,991 කි. එය 2023 ජනවාරි මාසයේ දී කාඩ්පත් 1,942,272 ක් දක්වා ත්, 2023 පෙබරවාරි මාසය අවසන් වන විට 1,940,872 ක් දක්වාත් පහළ…
අද (30) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (SPOT Exchange Rate) රු. 296.68 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. ඊයේ දිනයේ දී මෙම අගය රු. 299.11 ක් ලෙසින් වාර්තා වී තිබුණි. 2022 මාර්තු 31 දිනෙන් පසු එක්සත් ජනපද ඩොලරයක නිරූපිත එතැන් විනිමය අනුපාතිකයෙහි වාර්තා වූ අඩුම වටිනාකම මෙය වේ. එ. ජ. ඩොලරයේ…
අද (30) දිනයේ දී මෙරට ප්‍රධාන පෙළේ වානිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ. ලංකා බැංකුව – රු. 290.00 – රු. 304.00 මහජන බැංකුව – රු. 289.95 – රු. 302.04 සම්පත් බැංකුව – රු. 291.00 – රු. 303.00 කොමර්ෂල් බැංකුව – රු. 291.00 – රු….
රේගු කටයුතුවලට අදාළ සහයෝගීතාව හා අන්‍යෝන්‍ය සහාය ශක්තිමත් කිරීම, ප්‍රවර්ධනය කිරීම හා වැඩිදියුණු කිරීම සහ දෙපාර්ශ්වය අතර අන්‍යෝන්‍ය අවබෝධය හා සන්නිවේදනය ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර රේගු කටයුතු පිළිබඳ සහයෝගීතාව හා අන්‍යෝන්‍ය සහාය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇත. ඒ සඳහා කෙටුම්පත් කරනු ලැබ ඇති අවබෝධතා ගිවිසුමට නීතිපතිවරයාගේ නිෂ්කාශනය…
විදේශ ගමන් බලපත්‍රය දින තුනෙන් නිවසටම රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළට අනුව විදේශ ගමන් බලපත්‍රය අන්තර්ජාලය ඔස්සේ අයඳුම් කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේ දී හඳුන්වාදෙන බව ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසීය. ඒ අනුව දිවයිනේ ඕනෑම පළාතක පදිංචි අයෙකුට තම විදේශ ගමන් බලපත්‍රය දින තුනක් වැනි කෙටි කාලයක් තුළ නිවසටම…
2022 වර්ෂයට සාපේක්ෂව, ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් ඇස්තමේන්තුගත සියයට 17ක පිරිසක් මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිතතාවය දිගින් දිගට ම අත්විඳින අතර, මෙය විශේෂයෙන් ම පැවතෙන්නේ උතුරු, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල ය. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ ලෝක ආහාර වැඩපිළිවෙල (WFP) ඒකාබද්ධව සිදුකරන ලද ආහාර භෝග සහ ආහාර සුරක්ෂිතතාව පිලිබඳ තක්සේරු මෙහෙයුම් (CFSAM) වාර්තාවට අනුව,…
Video Story