2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ විධිවිධාන ප්‍රකාර ව, පාලක මණ්ඩලයේ නිර්දේශය මත, ගරු මුදල් ඇමතිතුමා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය සී. අමරසේකර මහතා 2025 ඔක්තෝබර් මස 24 වන දා සිට ද සහකාර අධිපති ලෙස සේවය කළ කේ.ජී.පී. සිරිකුමාර මහතා 2025 නොවැම්බර් මස 03 වන දා…
ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ඕස්ට්‍රේලියානු රජය අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුමකට එළඹීම අද (27) දින මුදල් අමාත්‍යාශයේ දී සිදුවිය. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ගිවිසුම් වලට අත්සන් කිරීම මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා විසින් සිදු කරන ලදී. ආචාර්ය සූරියප්පෙරුම…
ඉහළම ආරක්ෂාව සහ නිෂ්පාදන ගුණාත්මකභාවය පවත්වා ගැනීම සඳහා නිරන්තරව කැපවන BYD විසින් BYD Tang සහ Yuan Pro මාදිලිවලට අයත් වාහන 115,000 ක් පමණ නැවත කැඳවීමට තීරණය කර ඇත. වගකිවයුතු වාහන නිෂ්පාදකයෙකු ලෙස පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමටත් සමාගමේ වාහනවල විශ්වසනීයත්වය සහතික කිරීමටත් අවශ්‍ය ඕනෑම විටෙක පියවර ගන්නා බව BYD සඳහන් කර සිටී. ඒ අනුව 2015 මාර්තු 28…
2025 ඔක්තෝම්බර් මාසයේ පළමු දින 23 තුළ 119,670ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුම මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 1,845,164ක් ලෙසයි. ඔක්තෝම්බර් මාසයේ පළමු දින 23 තුළ 29.3%ක එනම් 35,090ක ඉහළම සංචාරක පැමිණීමක් වාර්තා වී ඇති රට ලෙස ඉන්දියාව වාර්තා වී ඇත. මේ…
වසර 04 කට ආසන්න කාලයක් නවතා දමා තිබූ කුවේට් ගුවන් සේවයේ මෙරටට පැමිණීමේ ගුවන් ගමන් යළි ආරම්භ කරමින් එම ගුවන් සේවයේ ප්‍රථම මංගල ගුවන් යානය අද (27) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත ලගා විය. 2021 වසරේ දෙසැම්බර් 31වන දින කුවේට් ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත සිය ගුවන් ගමන් අත්හිටුවා තිබුණි . මෙම මංගල ගුවන් ගමන…
දේශීය කර්මාන්ත ශක්තිමත් කරමින් ගෝලීය වෙළඳපොලට පිවිසීම සඳහා රජය සහ පෞද්ගලික අංශය එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවත්, දේශිය ව්‍යවසායකයින් සංවර්ධනය කිරීමට රජය කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. ඔක්තෝබර් 23 වන දින කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ පැවති “ 2025 CNCI කර්මාන්ත සහ සේවා ඇගයීම් සම්මාන උළෙලට” සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙම…
අඛණ්‍ඩ දින 05ක ඉහළ යාමකින් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක වල පහළ යාමක් අද (24) දක්නට ලැබුණි. එහි දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 38.43 කින් පහළ ගොස් ඒකක 22,812.52ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 2.56කින් පහළ ගොස් ඒකක 6,266.31ක් ලෙසින් සටහන් විය. අද සමාගම් 83ක පමණක් කොටස් මිල…
මෙම වසරේ දී වාහන ආනයනය සඳහා ඩොලර් බිලියන 1.5ක් පමණ වැය වනු ඇති බවත්, එය වසර ආරම්භයේ දී සැලසුම් කරන ලද ඩොලර් බිලියන 1.2 මට්ටමට වඩා ඉහළ අගයක් වනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඊයේ (23) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව කියා සිටියේය. “මේ…
ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රය තවදුරටත් තිරසාර බවේ ගෝලීය සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙරට මුල් පෙළේ ඇඟලුම් නිෂ්පාදන සමාගම් වන බ්‍රැන්ඩික්ස්, ටීජේ ලංකා , හයිඩ්‍රාමනි, හේලීස් ෆැබ්රික් සහ MAS යන ආයතන තිරසාර බව පිලිබඳ සිය නවතම වාර්තා මගින් දේශගුණික හා, කාලගුණික විපර්යාස ආචාරධරිමීය පිලිවෙත් සහ ප්‍රජා සවිබල ගැන්වීම සඳහා ලබා දුන් දායකත්වය පෙන්වා දී ඇත. දේශගුණික බලපෑම…
මුදල් අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ එකඟත්වය මත 5%ක් උද්ධමන ඉලක්කයක් තුළ වැඩ කිරීමට රජය ගෙන ඇති තීරණය වැරදිද නිවැරදිද යන්න තීරණය කළ හැකි වන්නේ 2026 මාර්තු මාසයේ දී සිදුකෙරෙන සමාලෝචනයෙන් පසු බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ අද (24) පාර්ලිමේන්තුවේ දී…
Video Story