Top News

  • Ada Derana BIZ Sinhala
  • Central Bank
  • sri lanka
  • treasury bill

රු. මිලියන 98,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (14) දිනයේ දී රු. මිලියන 98,000 ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබේ. ඒ අනුව මෙම වෙන්දේසිය සඳහා දින 91, දින 182 හා දින 364 යන පරිණත කාල තුන යටතේ පිලිවෙලින් රු. මිලියන 50,000ක්, රු. මිලියන 28,000ක් සහ රු. මිලියන 20,000ක් බැගින් භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත්…

(0)Comments | December 14, 2022 10:32 am
  • Ada Derana BIZ Sinhala
  • Oldest Shipwreck
  • South Asia
  • sri lanka
  • U.S.

ශ්‍රී ලංකාවේ කෞතුක වස්තුවක් සංරක්ෂණයට ඇමරිකාවෙන් අරමුදල්

ගොඩවාය දියබත් නෞකාව සහ එහි කෞතුක වස්තු ලේඛනගත කිරීම සහ සංරක්ෂණය කිරීම සඳහා ඩොලර් 82,900 ක් ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාව පසුගිය දා පැවැත්වුණි. ශ්‍රී ලකාවේ මධ්‍යම සංස්කෘතික අරමුදලට මෙම ප්‍රදානය ලැබෙන්නේ සංස්කෘතික සංරක්ෂණය සඳහා වූ එක්සත් ජනපද තානාපති අරමුදලෙනි. මෙම අවස්ථාව සඳහා එක්සත් ජනපද තානාපති ජුලී චන්ග්, ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු…

(0)Comments | December 14, 2022 8:45 am

කොහුවල ගුවන් පාලම ණය ප්‍රතිව්‍යූහගතකරණයෙන් පසු – ඇමති බන්දුල

මේ වන විට කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම්වල ඉදිකිරීම් නැවතී ඇති බවත්, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය අවසන් වන තෙක් වෙනත් විදේශ ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතීන් ද ඇනහිට ඇති බවත් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (13) දින පාර්ලිමේන්තුවේ දී වාචික පිළිතුරු අපේක්ෂාවේ මිලාන් ජයතිලක මන්ත්‍රීවරයා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ…

(0)Comments | December 13, 2022 4:51 pm

ලංකාවේ එක් අයෙක් ලක්ෂ 11 ක් ණයයි

2022 අගෝස්තු මාසය අවසානයේ දී මධ්‍යම රජය විසින් පියවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය රු. බිලියන 24,694 ක් ලෙසින් වාර්තා වේ. එනම් රු. ට්‍රිලියන 24.69 කි. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ සතිපති ආර්ථික දර්ශක වාර්තාවෙහි මේ බව සඳහන් වේ. එහිදී දේශීය ණය රු. බිලියන 13,119.4 ක් ලෙසත් විදේශීය ණය රු. බිලියන 11,574.6 ක් ලෙසත් සටහන්ව…

(0)Comments | December 13, 2022 1:01 pm

ඩොලරය 200 තියාගන්න ගිහින් බිලියන 6-7ක් නැති කර ගත්තා – රංජිත් සිංයඹලාපිටිය

අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයාගේ සමයේ ඩොලරයක් සඳහා ස්ථාවර අගයයක් පවත්වා ගෙන යාමට කටයුතු කළ හෙයින් බිලියන 6-7 ක මුදලක් අහිමි කරගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අද (13) පෙරවරුවේ දී අද දෙරණ BIG FOCUS සජීවී සංවාදාත්මක වැඩසටහන සමඟ එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. ප්‍රශ්නය – අජිත් නිවාඩ් කබ්රාල්…

(0)Comments | December 13, 2022 12:08 pm

ශ‍්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා අපනයන ප්‍රේෂණ සහ පරිවර්තන පිළිබඳ වාර්තා ඉදිරිපත් කරයි

ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය (JAAF) සිය සාමාජිකයන් අපනයන ආදායම නැවත මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳ මහ බැංකු නීතිවලට දැඩි ලෙස අනුකූල වන බව තහවුරු කරන අතර ඇඟලූම් ක්ෂේත‍්‍රය සිය අපනයන ආදායම සම්පූර්ණයෙන් ශ‍්‍රී ලංකාවට ගෙන එන බව නැවත අවධාරණය කරයි. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා දෙසැම්බර් 08 වැනි දින සම්මුඛ සාකච්ඡුාවකට එක්වෙමින්…

(0)Comments | December 13, 2022 11:45 am

මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක්

  • Ada Derana BIZ Sinhala
  • Central Bank
  • sri lanka

වංචා සහගත ඇමතුම්, කෙටි පණිවුඩ, විද්‍යුත් තැපැල් පණිවුඩ හා සමාජ මාධ්‍ය ජාල හරහා පුද්ගලයන්ගෙන් මුදල් වංචා කිරීම පිළිබඳ ව මහජනතාව දැනුම්වත් කිරීම විදේශ රැකියා සඳහා යොමු කරන බවට පොරොන්දු ලබා දෙමින් හෝ විවිධ වටිනා භාණ්ඩ ඇතුළත් පාර්සල් ලබා ගැනීම සඳහා රේගු බදු ගෙවන ලෙස දන්වමින් වංචා සහගත දුරකථන ඇමතුම්, කෙටි පණිවුඩ, විද්‍යුත් තැපැල් පණිවුඩ හා…

(0)Comments | December 12, 2022 4:45 pm

ප්‍රධාන පෙළේ බැංකු පහකට මහ බැංකුවෙන් දඩ

  • Ada Derana BIZ Sinhala
  • bank
  • Central Bank
  • sri lanka

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, එම පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කරන ආයතන සඳහා මූල්‍යමය දණ්ඩන පනවනු ලැබේ. මූල්‍ය ආයතනයක් විසින් සිදුකරනු ලබන අදාළ අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බරපතලකම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකිය. ඒ අනුව,…

(0)Comments | December 12, 2022 4:02 pm

ප්‍රසන්නගේ බලපත්‍රය අහෝසි කරන්න මහ බැංකුව තීරණය කරයි

  • Ada Derana BIZ Sinhala
  • Central Bank
  • Prasanna Money Exchange
  • sri lanka

ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගමට නිකුත් කර ඇති මුදල් මාරු කිරීමේ බලපත්‍රය අවලංගු කිරීම විදේශ මුදල් මාරු කිරීම සඳහා ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගම (Prasanna Money Exchange (Pvt) Ltd) වෙත ලබා දී ඇති බලපත්‍රයට අදාල කොන්දේසි උල්ලංඝනය කිරීම හේතුවෙන් එම සමාගම වෙත නිකුත් කර තිබූ බලපත්‍රය තාවකාලිකව අත්හිටුවමින් සිදු කරන ලද විමර්ශනයෙන් අනතුරුව ශ්‍රී ලංකා…

(0)Comments | December 12, 2022 3:25 pm

අලුත්ම වාහන ලක්ෂ 5ක් හම්බන්තොටට ඇවිත් ගිහින්

2022 වසරේ නොවැම්බර් දක්වා කාලපරිච්ඡේදය තුළ දී මෝටර් රථ 504,185 ක් හම්බන්තොට වරාය හරහා ප්‍රතිනැව්ගත කර ඇති බව වාර්තා වේ. මෙය පූර්ව වසර හා සැසඳීමේ දී 4% ක වර්ධනයකි. මෙලෙස හම්බන්තොට වරායට ඉන්දියාව, දකුණු කොරියාව, ජපානය හා මැදපෙරදිග රටවලින් වාහන ගොඩබස්වා ඇති අතර ඒවා නැගෙනහිර සහ දකුණු අප්‍රිකාව, මෙක්සිකෝව, මැදපෙරදිග, චිලී හා ජපානය යන රටවල්…

(0)Comments | December 12, 2022 11:11 am