Top News

දෙසැම්බර් මුල් සතියේ දී සංචාරකයින් 16,000 ක් ශ්‍රී ලංකාවට

2022 දෙසැම්බර් 01-07 සතිය තුළ දී විදෙස් සංචාරකයින් 16,169 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තා මගින් අනාවරණය කර සිටී. මෙම දින හතෙ හි දෙසැම්බර් 06 වන දා හැරෙන්නට සෙසු සෑම දිනයක දීම 2,000 ඉක්මවූ සංචාරකයින් සංඛ්‍යාවක් මෙරටට පැමිණ ඇති අතර දෙසැම්බර් 01, 02 සහ 03 යන දිනවල එක්…

(0)Comments | December 12, 2022 10:44 am
  • Accounts Awards
  • Ada Derana BIZ Sinhala
  • APFASL Best Annual Reports
  • CA Sri Lanka
  • EDB
  • sri lanka

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය “2022 විශිෂ්ටතම වාර්ෂික වාර්තාව සහ ගිණුම්” සම්මාන උලෙළේදී පිදුම් ලබයි

ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරුන්ගේ සංගමය (APFASL) විසින් සංවිධානය කරන ලද  සම්මාන උලෙළේදී හොඳම වාර්ෂික වාර්තාව සහ ගිණුම් සම්මාන-2022 සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) ව්‍යවස්ථාපිත මණ්ඩල කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානය දිනා ගත්තේය. මෙම වාර්ෂික උත්සවය උසස් තත්ත්වයේ මූල්‍ය වාර්තාකරණය ප්‍රදර්ශනය කරන රාජ්‍ය අංශයේ ආයතන හඳුනාගෙන ඇගයීමට ලක් කරයි.

(0)Comments | December 12, 2022 10:36 am

රු. බිලියන 160 ක දැවැන්ත බැඳුම්කර නිකුතුවක් ලබන සතියේ

  • Ada Derana BIZ Sinhala
  • Central Bank
  • sri lanka
  • treasury bonds

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රු. මිලියන 160,000 ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් පවත්වන බව දැනුම් දී සිටී. එළඹෙන දෙසැම්බර් 13 වැනි දින මෙම නිකුතුව පැවැත්වෙනු ඇත. වෙන්දේසිය සඳහා කාණ්ඩ 3ක් යටතේ බැඳුම්කර ඉදිරිපත් කිරීමට නියමිතය. එහිදී 2024 මැයි 01 දින කල් පිරෙන ආකාරයෙන් රු. මිලියන 40,000 ක්, 2025 ජනවාරි 15 දින කල් පිරෙන ආකාරයෙන් රු….

(0)Comments | December 9, 2022 3:22 pm

බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු මෙන්න

  • Ada Derana BIZ Sinhala
  • Banking
  • Committee
  • Financial
  • sri lanka

පසුගිය දෙසැ. 06 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව, බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද සාමාජික මන්ත්‍රීවරුන්ගේ නම් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඊයේ (08) දින පාර්ලිමේන්තුවට නිවේදනය කරන ලදි. ඒ අනුව ශෙහාන් සේමසිංහ, අනුප පස්කුවල්, චමල් රාජපක්ෂ, ගාමිණී ලොකුගේ, සම්පත්…

(0)Comments | December 9, 2022 11:00 am

මහ බැංකුවේ රන්, ඩොලර් සංචිත වැඩි වුණේ මෙහෙමයි

  • Ada Derana BIZ Sinhala
  • Central Bank
  • dollar
  • Gold
  • increased
  • sri lanka
lead-story-image

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල ඉහළ යාමක් පසුගිය නොවැම්බර් මාසයේ දී වාර්තා වේ. ඒ අනුව 2022 නොවැම්බර් මාසය අවසානයේ දී නිල සංචිත වත්කම් වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,804 ක් ලෙසින් සටහන්ව ඇත. මෙය 2022 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ තිබුණු ඩොලර් මිලියන 1,705 ක් වූ නිල සංචිත වත්කම් වටිනාකමට සාපේක්ෂව 5.8%…

(0)Comments | December 8, 2022 4:45 pm

ෆේල් අයවැයක් – ඉරාන්

  • Ada Derana BIZ Sinhala
  • Eran Wickramaratne
  • sri lanka

සීනි බදු, රැඳවුම් බදු හා දුම්කොළ බදු වැඩි කරන්නැයි ඉරාන් රජයට යෝජනා කරයි රටේ ආර්ථිකය අඛණ්ඩව සංකෝචනය වෙමින් පවතින විට ජනාධිපති හා මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ අය වැය මගින් පෙන්වා දුන් පරිදි  රාජ්‍ය ආදායම 61 % න් වැඩි වන්නේ කෙසේ දැයි සමගි ජන බලවේගය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදය ආරම්භ…

(0)Comments | December 8, 2022 4:15 pm

උගතුන් රට හැර යාම අවාසනාවන්ත තත්ත්වයක් – රංජිත් සියඹලාපිටිය

  • Ada Derana BIZ Sinhala
  • ranjith siyabalapitiya
  • sri lanka

“ඒකපුද්ගල ආදායම, උද්ධමනය වැනි වැනි කරුණුත් සමග ගලපා දරිද්‍රතා රේඛාවෙන් පහළ  සිටින ජනතාව පිළිබදව විද්‍යාත්මකව සොයාගැනීම මුදල් අමාත්‍යාංශය විසින් සහ මහා බැංකුව විසින් මෙ වනවිට සිදු කරනු ලබනවා. ඒ වගේම රජයෙන් ආධාර ලබාදියයුතු පිරිස හදුනාගැනීමට මේ වනවිට රජය විසින් පැහැදිළි සංගණනයන් කරගෙන යනවා. ඒ වෙනුවෙන් ජනතාව වෙතින්ම තොරතුරු ලබාගත් අතර තිස්හතර ලක්ෂයක් ඉල්ලුම්පත් ඉදිරිපත් කර…

(0)Comments | December 8, 2022 2:08 pm

දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ගෑස් මිල වෙනස් වෙන හැටි

  • Ada Derana BIZ Sinhala
  • Litro Gas
  • sri lanka

එක් එක් දිස්ත්‍රික්කයට අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ගණන් ලිට්රෝ ගෑස් සමාගම විසින් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක් මිල දී ගත හැකි අවම මිල සටහන් වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එය රු. 4,610 ක් වේ. වැඩිම මිල යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම මිල දැක්වෙන්නේ රු. 4,990 ක් ලෙසයි. අදාළ…

(0)Comments | December 8, 2022 1:24 pm

දැඩි කොන්දේසි මත කැසිනෝ නියාමන පනතට මුදල් කාරක සභාවේ අනුමැතිය

  • Ada Derana BIZ Sinhala
  • Harsha de Silva
  • Parliament
  • sri lanka

කැසිනෝ ව්‍යාපාර නියාමන පනත සඳහා දැඩි කොන්දේසි සහිතව රාජ්‍ය මුදල් කාරක සභාවේ අනුමැතිය ලබා දී තිබේ. එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (08) දින පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය. “රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කරන ලද 2010 අංක 17 දරණ කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත යටතේ නියමය සහ 2010 අංක 17 දරණ…

(0)Comments | December 8, 2022 12:33 pm

සමාගම් 6ක කොටස් ගනුදෙනු නවතී

  • 06 companies
  • Ada Derana BIZ Sinhala
  • cse
  • sri lanka

ලැයිස්තුගත සමාගම් 6 ක කොටස් ගනුදෙනු අද (2022 දෙසැම්බර් 08) දින සිට අත්හිටුවීමට කොළඹ කොටස් වෙළෙඳපොළ තීරණය කර තිබේ. ඒ අනුව පැරගන් සිලෝන්, සිලෝන් ප්‍රින්ටර්ස්, හුනාස් හෝල්ඩිංග්ස්, ටෙස් ඇග්‍රෝ, ඔෆිස් ඉක්වීප්මන්ට් සහ සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් යන ලැයිස්තුගත සමාගම් 6 හි කොටස් ගනුදෙනු අද දින සිට අත්හිටුවා ඇත. 2022 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂයට අදාළ වාර්ෂික…

(0)Comments | December 8, 2022 11:09 am