Top News

අලුත් සීනි කර්මාන්තශාලාවක් ඇරඹීමට කැබිනට් අනුමැතිය

සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමට අනුබද්ධව වේලිඔය සීනි නිෂ්පාදන කර්මාන්ත ශාලාව ස්ථාපිත කිරීම ශ්‍රී ලංකාවේ වාර්ෂික සීනි අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 600,000ක් පමණ වේ. එයින් 85%ක් පමණ ආනයනය කරනු ලබන අතර, ඒ සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 45ක් පමණ වැය කරනු ලබයි. 2020 වර්ෂය තුළදී දේශීය සීනි නිෂ්පාදනය මෙට්‍රික්ටොන් 54,000ක් වූ අතර එම ප්‍රමාණය තවදුරටත් වැඩි කර ගැනීම…

(0)Comments | January 11, 2022 11:57 am

ශ්‍රීලංකන් ගුවන් සේවය 2021 දෙසැම්බර් මාසයේ දී ශුද්ධ ලාභයක් වාර්තා කරයි

කොවිඩ් වසංගතයෙන් පසු ලාභ ඉපයූ පළමු මාසය බවට ද පත්වෙයි. ශ්‍රීලංකන් ගුවන් සේවය 2021 දෙසැම්බර් මාසය සඳහා ඩොලර් මිලියන 9.25 ක සමාගම් ලාභයක් සහ ඩොලර් මිලියන 10.66 ක සමූහ ලාභයක් වාර්තා කර තිබේ. එය 2020 මුල් භාගයේ වසංගතය ආරම්භයේ සිට ගුවන් සමාගමට ලාභ හිමි වූ පළමු මාසය වීම විශේෂත්වයකි. පසුගිය වසරේ එම කාලය හා සසඳන…

(0)Comments | January 11, 2022 11:14 am

දින 7කට පසු කොටස් වෙළෙඳපොළ පසු බසී

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (10) දිනයේ දී පහළ යන ලදී. මෙලෙස කොටස් වෙළෙඳපොළ මිල දර්ශක පහළ යන ලද්දේ අඛණ්ඩ ගනුදෙනු දින 7කට පසුව වීම විශේෂත්වයකි. අද දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 163.87 කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 13,117.07 ක් ලෙසින් සටහන් විය. මීට අමතරව S&P…

(0)Comments | January 10, 2022 5:31 pm

ඩොලර් හිඟය නිසා ඖෂධ ඇණවුම් ක්‍රියාවලිය මාස 4 ක් ප්‍රමාද වෙලා – සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගෙන් නිවේදනයක්

2022 වර්ෂයට අදාල වාර්ෂික ඖෂධ ඇස්තමේන්තුවලට අදාල ඖෂධ මිළ දී ගැනීම සදහා අවශ්‍ය ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් ඖෂධ වර්ග 80ක් පමණ මිලදී ගැනීමට නොහැකිවන තත්වයක් පැන නැගී ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් පවසන්නේ 2022 වර්ෂය සදහා අවශ්‍ය ණයවර ලිපි මේ වනතුරුත් නිකුත් වී…

(0)Comments | January 10, 2022 4:13 pm

කොරියානු ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ විශේෂ ආයෝජන කලාපයක්

කොරියානු ජනරජයේ සෝල් නුවර දී ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ කොරියානු ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය චුන්ග් යුයි- යොන්ග් මහතා අතර පැවති හමුව අතරතුර දී වෙළෙඳාම සහ ආයෝජනය, දේශපාලන සහයෝගීතාව, ආරක්ෂක මුලපිරීම්, සංචාරක කර්මාන්තය සහ කම්කරු ගැටලු යනාදිය ප්‍රමුඛ වශයෙන් සාකච්ඡාවට බඳුන් විය. වසර 44ක් මුළුල්ලේ පැවති සබඳතාව ඔස්සේ දෙරට අතර ගොඩනැගුණු…

(0)Comments | January 10, 2022 2:07 pm

පළමුවරට ශ්‍රී ලංකාවෙන් කෙන්යාවට කොහුබත්

කෙන්යාව වෙත ශ්‍රී ලංකාවේ ප්‍රථම කොහුබත් තොගය අපනයනය කෙරේ තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා 2021 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ දී කෙන්යාවේ නිරත වූ සංචාරය හේතුවෙන් ශ්‍රී ලංකාව සහ කෙන්යාව දෙරට අතර ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ නැංවීම සඳහා දරන උත්සාහයන් තවදුරටත් වේගවත් වී ඇත. දෙරට අතර…

(0)Comments | January 10, 2022 1:34 pm

උමං කණින දැවැන්ත යන්ත්‍රයක් චීනයෙන් ශ්‍රී ලංකාවට

China Railway Construction Heavy Industry Corp විසින් නිපදවන ලද උමං කැණීම සඳහා භාවිතයට ගනු ලබන දැවැන්ත යන්ත්‍රයක් පසුගිය දා එළිදක්වනු ලැබීය. මෙය ශ්‍රී ලංකාව වෙනුවෙන්ම නිෂ්පාදනය කරන ලද යන්ත්‍රයකි. වාර්තා වන අන්දමට මෙය ඉහළ ඇලහැර උමං ව්‍යාපෘතිය වෙනුවෙන් නිපදවන ලද්දකි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයීය නිල ට්විටර් ගිණුමෙහි තිබූ සටහන පහතින් දැක්වේ.  …

(0)Comments | January 10, 2022 11:38 am

ශ්‍රීලංකන් ගුවන් සේවය උතුරු ඇමරිකාව සහ යුරෝපය හරහා ගුවන් සම්බන්ධතා වැඩිදියුණු කිරීමට American Airlines සමඟ එක්වෙයි

ශ්‍රීලංකන් ගුවන් සේවය, උතුරු ඇමරිකාව සහ යුරෝපය පුරා පාරිභෝගිකයින්ට වැඩි දියුණු කළ සම්බන්ධතා සහ ගමන් විකල්පයන් ලබා දෙමින් 2021 දෙසැම්බර් මාසයේ සිට American Airlines සමඟ  සංකේත හුවමාරු ගිවිසුමකට එළඹ තිබේ. මෙම උපායමාර්ගික හවුල්කාරිත්වය මගින් ශ්‍රීලංකන් ගුවන් සේවයෙහි සංකේතය සමගින් ඇමරිකන් එයාර්ලයින්ස් හි එක්සත් ජනපද නගර වන මියාමි සහ නිව් යෝර්ක් වෙතත් යුරෝපීය ස්ථාන වන ලන්ඩන්…

(0)Comments | January 10, 2022 10:59 am

මහ බැංකුවෙන් නිවේදනයක්

අපනයන ඉපැයීම් රට වෙත යළි ගෙන්වා ගැනීම හා එම මුදල් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ආකර්ෂණය කරගැනීමේ අතිරේක දිරි දීමනා යෝජනා ක්‍රමය අපනයන ආදායම් රට වෙත යළි ගෙන්වා ගැනීම හා එම මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතකදී නිකුත් කරන ලද නීති ඇතැම්…

(0)Comments | January 10, 2022 10:13 am

මහ බැංකුවේ රන් සංචිතය අඩකින් අඩුවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත වන රන් සංචිතයේ වටිනාකම පසුගිය 2021 දෙසැම්බර් මාසය තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 206.8 කින් පහළ ගොස් තිබේ. 2021 නොවැම්බර් අවසානයේ දී රන් සංචිතයේ වටිනාකම ඩොලර් මිලියන 382.2 ක් ලෙසින් සටහන්ව ඇති අතර එය 2021 දෙසැම්බර් මාසය අවසානයේ දී ඩොලර් මිලියන 175.4 ක් දක්වා ඒ…

(0)Comments | January 8, 2022 8:02 am