Top News

ඉතිහාසයේ මුල් වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක දහතුන්දහස පසුකරයි

2022 වසරේ අඛණ්ඩව තෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ සියල කොටස් මිල දර්ශකය ඒකක සියයේ සීමාව ඉක්මවූ අගයයකින් අද (05) දිනයේ දී ඉහළ යන ලදී. ඒ අනුව අද දිනය තුළ ඒකක 276.37 කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය අතර දිනය අවසානයේ දී එහි අගය ඒකක 13,076.91 ක් ලෙසින් සටහන් විය. සියලු කොටස් මිල දර්ශකය ඒකක…

(0)Comments | January 5, 2022 4:00 pm

ජනවාරි මාසයේ විදෙස් ණය ගෙවන්න මහ බැංකුව ඩොලර් මිලියන 500 ක් වෙන් කරයි

2022 ජනවාරි 18 වන දින කල්පිරෙන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරය පියවීම සඳහා අවශ්‍ය කෙරෙන ඇමරිකානු ඩොලර් මිලියන 500 ක මුදල් වෙන්කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවුඩයක් තබමින් මේ බව තහවුරු කර සිටී.   CBSL has allocated the required #Forex for the USD 500…

(0)Comments | January 5, 2022 1:02 pm

රු. බිලියනයක ආයෝජනයකින් ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් වෙතින් නව සමාගමක්

මෙරට ප්‍රමුඛතම ලැයිස්තුගත සමාගමක් වන Dipped Products PLC සිය නිෂ්පාදන ධාරිතාව තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව සිය නිෂ්පාදන කළඹ ක්‍රීඩා හා කාර්මික අත්වැසුම් පරාසයන් දක්වා පුළුල් කිරීමට සමාගම තීරණය කර ඇත. සමාගමේ වර්ධනීය මූලෝපායයන් හි කොටසක් ලෙසින් Dipped Products PLC හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන DPL Premier Gloves Limited හි රුපියල් බිලියනයක…

(0)Comments | January 5, 2022 12:47 pm

කප්රුක මූලික කොටස් නිකුතුවට පස් ගුණයකටත් වඩා වැඩි ඉල්ලුමක්

2021 දෙසැම්බර් 22 වැනි බදාදා දින පෙරවරු 9.00ට මූලික කොටස් නිකුතුව විවෘත වූ වහාම ආයෝජකයන් ඉතා උනන්දුවෙන් ‘කප්රුක හෝල්ඩිංග්ස් ලිමිටඩ්‘ හි කොටස් ලබා ගත් අතර විවෘත කර පැය කිහිපයක් ඇතුළත පස්ගුණයකට වැඩි දායකත්වයක් ලබා දුන් එම නිකුතුව එදිනම පස්වරු 4.30ට අවසන් විය. ඉහළ ශුද්ධ වටිනාකමක් ඇති පුද්ගලයන්, ආයතන සහ සාමාන්‍ය කොටස් ආයෝජකයන් ඇතුළු පුළුල් පරාසයක…

(0)Comments | January 5, 2022 11:09 am

කොටස් වෙළෙඳපොළ තවත් ඉහළට – සියලු කොටස් 12,800 මට්ටමට පැමිණෙයි

2022 වසරේ අඛණ්ඩව දෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද (04) දිනයේ දී ඉහළ යන ලදී. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 174.72 ක හෙවත් 1.38% ක වර්ධනයක් අද දින වාර්තා කළ අතර දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,800.54 ලෙසින් සටහන් වුණි. මෙය කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල…

(0)Comments | January 4, 2022 5:09 pm

ඉන්දියාවේ අ‍ශෝක් ‍ලේලන්ඩ් සමාගමෙන් බස් 500 ක් ලංගමයට

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ආසන 32 – 35 නව බස්රථ 500ක් මිල දී ගැනීම සඳහා 2020 ජනවාරි මස 08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, බස් රථ මිල දී ගැනීම සඳහා පූර්ව සුදුසුකම් සපුරන ලද ආයතන 03කින් ලංසු කැඳවා තිබේ. එකී ලංසු ඇගයීමෙන් පසු, අමාත්‍ය…

(0)Comments | January 4, 2022 2:01 pm

විදෙස්ගත සිසුන්ගේ ඩොලර් ගැටළුවලට ප්‍රමුඛත්වය දෙන්නැයි ජනපති මහ බැංකු අධිපතිට දන්වයි

මේ වන විට විදෙස්ගතව අධ්‍යාපනය හදාරන මෙරට සිසුන් යම්කිසි ආකාරයකින් මෙරටින් මුදල් ගෙන්වා ගැනීමේ ගැටළුවකට මුහුණ පා ඇත්නම් ඒ සඳහා ප්‍රමුඛත්වය දී කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත දැනුම් දී තිබේ. අද (04) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු…

(0)Comments | January 4, 2022 1:01 pm

පොලිසියට ජීප් 750 ක් ඉන්දියාවේ මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගමෙන්

පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහා ජීප් රථ 150 ක් ඇතුළුව ශ්‍රී ලංකා පොලිසිය සඳහා ජීප් රථ 750 ක් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය (Indian Line of Credit) යටෙත් මිල දී ගැනීම පිණිස 2020 නොවැම්බර් මස 16 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව ඉන්දියානු අපනයන ආනයන බැංකුව විසින් නිර්දේශ කරනු ලැබ…

(0)Comments | January 4, 2022 12:07 pm

විදෙස් මුදල් ගිණුම් සඳහා ගෙවන පොලියට උපරිම සීමාවක්

2021 දෙසැම්බර් 31 දින සිට බලපැවැත්වෙන පරිදි සියලුම වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් විදෙස් මුදල් ගිණුම් සඳහා ගෙවනු ලබන පොලියට උපරිම සීමාවක් නියම කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් මේ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කර ඇත. අදාළ චක්‍රලේඛය පහතින් දැක්වේ.  

(0)Comments | January 4, 2022 11:29 am

සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු ප්‍රමුඛ චීන සංචාරක මෙහෙයුම්කරුවන්ගේ අවධානය ශ්‍රී ලංකාවට

බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රීලංකන් ගුවන් සමාගම සමඟ එක්ව 2021 දෙසැම්බර් 30 වැනි දින නගර ශාලාවක පැවැත්වූ රැස්වීමක් හරහා චීනයේ සංචාරක ක්ෂේත්‍රයේ නිරතව සිටින නියෝජිතයින් පිරිසක් හමුවිය. සංචාරක ක්‍රියාකරුවන්, ප්‍රමුඛ පෙළේ සංචාරක ආයතන සහ ජනමාධ්‍යවේදීන් ඇතුළු ආරාධිත අමුත්තන් 60 දෙනෙකු මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ. චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ශ්‍රී…

(0)Comments | January 3, 2022 5:20 pm