Top News

අඛණ්ඩව සත්වෙනි දිනටත් කොටස් වෙළෙඳපොළ ඉහළට. 2022 මුල් සතියේ දී 8.63% ක වර්ධනයක්

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (07) දිනයේ දී ඒකක 111.54 ක ඉහළ යාමක් වාර්තා කළේය. ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 13,280.94 ක් ලෙසින් සටහන් වූ අතර එය මෙතෙක් ඉතිහාසයේ මේ දක්වා වාර්තා වී තිබෙන ඉහළම සියලු කොටස් සිල දර්ශක වටිනාකම වේ. එසේම අඛණ්ඩව සියලු කොටස් මිල…

(0)Comments | January 7, 2022 6:48 pm

ජනවාරියේ මුල් දින හයේ දී සංචාරකයින් 17,400 ක් ඇවිත්. 3,100 ක්ම රුසියාවෙන්

2022 වසරේ මුල් දින 06 තුළ දී විදෙස් සංචාරකයින් 17,400 ක් මෙරටට ඇති බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි. එය 2021 වසරේ ජනවාරි මාසය තුළ පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව වූ 1,682 හා සැසඳීමේ දී 90.3% ක වර්ධනයක් වේ. මෙම සංචාරකයින්ගෙන් වැඩිම ප්‍රමාණයක් පැමිණ ඇත්තේ රුසියානු සමූහාණ්ඩුවෙනි. එය 3,106 ක් වන අතර දෙවැනියට අසල්වැසි ඉන්දියාවෙන් සංචාරකයින් 2,930…

(0)Comments | January 7, 2022 6:15 pm

ලංකාවේ බැඳුම්කරවලට විදෙස් ආයෝජකයින්ගේ බැල්ම

රජයේ සුරැකුම්පත්වල කර ඇති විදෙස් ආයෝජනයන් හි ඉහළ යාමක් පසුගිය සතිය තුළ දී වාර්තා වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රකාශනයක දැක්වෙන පරිදි 2021 දෙසැම්බර් 29 දිනට රජයේ සුරැකුම්පත්වල ඇති විදෙස් ආයෝජන ප්‍රමාණය රු. මිලියන 1,723 ක් විය. මෙම අගය 2022 ජනවාරි 05 දින වන විට රු. මිලියන 1,914 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව…

(0)Comments | January 7, 2022 11:29 am

මාසයක් තුළ ආහාර මිලෙහි 15% ක වැඩිවීමක්

ආහාරවල සිල්ලර මිලෙහි මාසික වෙනස්වීම් නිරීක්ෂණය කරන Advocata’s Bath Curry Indicator (BCI) 2021 නොවැම්බර් සිට 2021 දෙසැම්බර් දක්වා 15%ක වැඩිවීමක් වාර්තා කර තිබේ. මෙම වැඩිවීමට බොහෝ දුරට හේතු වී ඇත්තේ එළවළු මිල ඉහළ යාමයි. අමු මිරිස් ග්‍රෑම් 100ක් රුපියල් 18ට රුපියල් 71 දක්වා වැඩි විය. මෙය මාසයක කාලයකදී 287%ක වැඩිවීමකි. එසේම වම්බටු මිල 51% කින්…

(0)Comments | January 7, 2022 10:57 am

Alliance Finance සමාගමට දිගුකාලීන මූල්‍යකරණය වෙනුවෙන් Dutch ව්‍යවසායකත්ව සංවර්ධන බැංකුව වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 10 ක්

ශ්‍රී ලංකාවේ පැරණිතම මූල්‍ය සමාගම වන එලායන්ස් ෆිනෑන්ස් කොම්පැනි පී එල් සී විසින් මෙරට ආර්ථිකයේ ශක්තිය වන සුළු හා මධ්‍ය පරිමාණ  ව්‍යාපාර සංවර්ධනය කිරීම වෙනුවෙන් Dutch ව්‍යවසාය සංවර්ධන බැංකුව (FMO) වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 10 ක (රුපියල් බිලියනයකට අධික) දිගුකාලීන මූල්‍ය සැලසුමක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ වෙනුවෙන් FMO වෙතින් ලබාගත්  මුදලේ දෙවන වාරිකය වන…

(0)Comments | January 7, 2022 10:43 am

IMF ගියත් වැඩක් නැහැ. කෙටිකාලීන විසඳුමක් නැහැ – චම්පික රණවක

අද වන විට ශ්‍රී ලංකාව මුහුණ පා තිබෙන ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත ගිය ද පවතින තත්ත්වය තුළ ඉන් ඵලක් නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඊයේ (05) දින කොළඹ දී මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය. IMF එකේ වැඩපිළිවෙලට ඇතුළු වුණාම තවත්…

(0)Comments | January 6, 2022 1:54 pm

‘කප්රුක‘ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හෙට ඇරඹේ

පසුගිය දා මූලික මහජන කොටස් නිකුතුවක් හරහා රු. මිලියන 505 ක අරමුදලක් සම්පාදනය කර ගත් කප්රුක හෝල්ඩිංග්ස් ලිමිටඩ් හි දිවිතියික කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හෙට දිනයේ (07) දී ආරම්භ වීමට නියමිතය. මූලික කොටස් නිකුතුවේ දී එකක් රු. 15.40 බැගින් කොටස් මිලියන 32.82 ක් නිකුත් කරනු ලැබූ අතර ඒ සඳහා පස්ගුණයකට වැඩි දායකත්වයක් ලැබී තිබුණු බව සමාගම…

(0)Comments | January 6, 2022 1:10 pm

KOICA සහ කොරියානු EXIM බැංකුවේ සංවර්ධන ආධාර පිළිබඳ සාකච්ඡාවක්

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කොරියානු ජනරජයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා වන යූ ඉයුන්-හයි මහතා සමඟ සෝල් නුවර දී සාකච්ඡා පැවැත්වී ය. අමාත්‍ය පීරිස් මහතා දෙරට අතර පවත්නා පුළුල් ආර්ථික සහයෝගීතාව පිළිබඳව සඳහන් කළ අතර, විශේෂයෙන්ම කොයිකා (KOICA) සහ කොරියානු ජනරජයේ එක්සිම් (EXIM) බැංකුව විසින් මෙහෙයවනු ලබන විදේශ සංවර්ධන ආධාර පිළිබඳව අවධාරණය…

(0)Comments | January 6, 2022 12:58 pm

නීති කියන්නේ නීති. ඒවාට ඉහළින් කිසිවකුත් නැහැ – ඔස්ට්‍රේලියානු අගමැතිගෙන් දැඩි ප්‍රකාශයක්

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ Novak Djokovic ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය සඳහා සහභාගි වීමට මෙල්බර්න් නුවරට පැමිණීමත් සමඟ ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට අදාළ ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කර තිබේ. ඔස්ට්‍රේලියානු භූමියට ඇතුළු වීම සඳහා සපුරාලිය යුතු කොවිඩ්-19 එන්නත් අවශ්‍යතා සපුරාලීමට Novak Djokovic සමත් නොවීමට මීට හේතු වී තිබේ. මෙහිදී ඕස්ට්‍රේලියානු දේශසීමා නිලධාරීන් පවසා ඇත්තේ ඔහු…

(0)Comments | January 6, 2022 11:54 am

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තවත් මාස 06කට දීර්ඝ කෙරේ

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම, 2022 ජනවාරි මස 05 වැනි දින…

(0)Comments | January 5, 2022 4:41 pm