මෙම වසරේ සැප්තැම්බර් 07 දින දක්වා කාලය වන විට මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව දහසය ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එහි නවතම දත්ත වාර්තාවලට අනුව සැප්තැම්බර් මාසයේ මුල් දින 07 තුළ දී 37,495ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණීමත් සමඟම මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,604,018ක් දක්වා…
අද (08) වන විට මෙරට කැරට් 24 රත්‍රං පවුමක මිල රු. 293,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මේ අතර කොළඹ හෙට්ටි වීදීයේ රන් වෙළෙඳපොළේ කැරට් 22 ක රන් පවුමක මිල රු. 271,000 ක් ලෙසින් ද නියම වී ඇත. ලෝක රන් මිල සීඝ්‍රයෙන් ඉහල යාමත් සමග මෙරට රන් මිල අද තෙවන වරටත් ඉහල…
කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත කර තිබෙන ලාෆ්ස් සමූහයට අයත් සමාගම් ද්විත්වයක් වන ලාෆ්ස් ගෑස් පීඑල්සී සහ ලාෆ්ස් පවර් පීඑල්සී යන සමාගම්වල කොටස් මිල ගණන් අද (08) දින දැවැන්ත ඉහළ යාමක් වාර්තා කළේය. එහිදී ලාෆ්ස් ගෑස් පීඑල්ස් (ඡන්ද බලය හිමි) කොටසක මිල රු. 40.20 සිට රු. 66.50 ක් දක්වා රු. 26.30කින් හෙවත් 65.42%කින් සහ ලාෆ්ස් ගෑස්…
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, සිය Govi Mithuru සේවාව තවදුරටත් පුළුල් කිරීම සඳහා, ඕස්ට්‍රේලියානු රජයේ අරමුදල් සැපයෙන Market Development Facility (MDF) සමඟ පවත්වාගෙන යන සහයෝගීතාවය නැවතත් අලුත් කර තිබේ. එම සහයෝගිතාවය තුළින්, මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ අභියෝග සඳහා සාර්ථකව පිළියම් යෙදීම පමණක් නොව, කෘෂි කර්මාන්තයේ නිරත සියලු දෙනා ඇතුළත් වන පරිදි…
මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ ව්‍යාපාර අධිරාජ්‍ය සමඟින්, තවත් මෙරට ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ ලැයිස්තුගත නොවූ ව්‍යාපාර සමූහයක් වන ලාෆ්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ් එක්වනු ලබන බව වාර්තා වේ. මෙම ව්‍යාපාර අත්පත් කර ගැනීම ධම්මික පෙරේරා මහතාගේ නවතම ආයෝජන හස්තය වන වැලිබල් ත්‍රී සමාගම හරහා සිදුකෙරෙනු ඇත. වෘත්තීයමය වශයෙන් කළමනාකරණය කරමින් ව්‍යාපාර සඳහා 50:50 ක හවුල්කාරීත්ව…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2025 අගෝස්තු මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 680.8 ක් ලෙසින් වාර්තා වී ඇත. ඒ අනුව වසරේ මුල් මාස 08 තුළ දී ලද මුළු ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන ඩොලර් බිලියන 5.11 ක් දක්වා ඉහළ ගොස් තිබෙන…
කොමර්ෂල් බැංකුවේ ඩිජිටල් බැංකු පද්ධතිය සයිබර් ප්‍රහාරයකට ලක් වී ඇති බවත් මේ හේතුවෙන් ගනුදෙනුකරුවන්ගේ ගිණුම් වල ඇති මුදල් අනාරක්ෂිත බවත් පවසමින් සමාජ මාධ්‍යයන්හි සංසරණය වන වාර්තා පිලිබඳව කොමර්ෂල් බැංකුවේ අවධානය යොමු වී ඇත. ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ කොමර්ෂල් බැංකුවෙහි සියළුම ඩිජිටල් බැංකු පද්ධති සහ යෙදුම් (Apps) ස්ථාවර සහ සුරක්ෂිත බවත් ඒ සඳහා ජාත්‍යන්තර තත්ත්වයේ…
හෝම්ලෑන්ඩ්ස් සමූහය විසින් ක්‍රියාත්මක කරන නවතම අද්විතීය ද්විත්ව කුළුණු නිවාස සංකීර්ණයට මුල්ගල් තැබීම අගෝස්තු මස 28 වන දින කොළඹ තුම්මුල්ලේ පිහිටි එම භූමියේදී උත්සවාකාරයෙන් සිදු කෙරිණි. ඒ, ගරු නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, ඉංජිනේරු කුමුදු ලාල්, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති, ඉංජිනේරු බන්දුල කරුණාරත්න, ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා…
2025 අංක 4 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත මඟින් 2025‑10‑01 දින සිට බලපැවැත්වෙන පරිදි නිර්වාසික තැනැත්තෙකු (Non‑resident) විසින් ඩිජිටල් සේවා සැපයීම එකතු කළ අගය මත බද්දට යටත් කර තිබේ. කෙසේ වුවද, ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බද්ද අය කිරීමේ දී එයට අනුකූල වීම සඳහා සූදානම් වීමට අමතර කාලයක් ලබා දෙන…
මහජන සේවා සැපයීම සහ උපායමාර්ගික ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම වැනි අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කලකට පෙර පිහිටුවන ලද ඇතැම් රාජ්‍ය ව්‍යවසායයන් ඒවා පිහිටුවීමේ අරමුණු වර්තමානය සමඟ නොගැළපීම සහ වෙළෙඳපොළ අවශ්‍යතා සමඟ නොගැළපීම යන හේතූන් මත තවදුරටත් පවත්වාගෙන යාම ප්‍රායෝගික නොවීම සහ ඌන මූල්‍ය කාර්යසාධනය ආදී හේතු නිසා අක්‍රිය තත්ත්වයට පත් ව තිබේ. ජාතික ආර්ථිකයට…
Video Story