Top News

අගෝස්තු 16 National Logistic Day ලෙස නම් කරයි

රටක සියලුම සැපයුම් කාර්යක්ෂමව හා ඵලදායීව මෙහෙයවීම කාර්යෝපාය (Logistics) වශයෙන් හඳුන්වනු ලබයි. ඊට අදාළ ක්‍රියාවලිය නිසි අයුරින් මෙහෙයවීමට අපහසු වුවහොත් භාණ්ඩ මිල ඉහළ යාම, ඒ හේතුවෙන් ජීවන වියදම පාලන කිරීමට අපහසු වීම වැනි ගැටලු ගණනාවක් පැන නඟිනු ඇත. එබැවින්, කාර්යෝපායට (Logistics) අදාළ ක්‍රියාවලිය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ජාතික කාර්යෝපාය දිනයක් (National Logistic Day) ප්‍රකාශයට…

(0)Comments | August 3, 2021 12:41 pm

BCS – KDU ආයතනික සාමාජිකත්ව ගිවිසුමක්

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ BCS – තොරතුරු තාක්ෂණ වරලත් ආයතනය අතර ආයතනික සාමාජිකත්ව ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනා වී ඇත. බ්‍රිතාන්‍ය පරිගණක සංගමය ලෙස මීට පෙර හඳුන්වන ලද BCS – තොරතුරු තාක්ෂණ වරලත් ආයතනය පරිගණකකරණය සම්බන්ධයෙන් සුදුසුකම් සහ පළපුරුද්දක් සහිත පුද්ගලයින් වෘත්තීයමය සාමාජිකයන් වශයෙන් ලියාපදිංචි කරනු ලබයි. එම ආයතනයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා…

(0)Comments | August 3, 2021 11:43 am

වාර්ෂිකව PET බෝතල් මිලියන 90ක් නූල් බවට පරිවර්තනය කරමින් ඉකෝ ස්පින්ඞ්ල්ස් ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණයට මුල පුරයි

ශ‍්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණ සමාගම වන ඉකෝ ස්පින්ඞ්ල්ස්, ප්ලාස්ටික් බෝතල් කෙලින්ම නූල් හෝ මොනොෆිලමන්ට් බවට ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා තිරසාර විසඳුමක් ඉදිරිපත් කර ඇත. ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන ලද PET ප්ලාස්ටික් පසුව පොලියෙස්ටර් නූල් හා බුරුසු හා කොසුවල කෙඳි සෑදීමට භාවිතා කරයි. ඉකෝ ස්පින්ඞ්ල්ස් ප‍්‍රතිචක‍්‍රීයකරණ පහසුකම මගින් වසරකට PET ප්ලාස්ටික් බෝතල් මිලියන 90කට…

(0)Comments | August 2, 2021 6:16 pm

ශ්‍රීලංකන් ගුවන් සේවය රුසියානු සංචාරකයින් සඳහා “buy one get one free” විශේෂ දීමනාවක් ලබාදෙයි

මෙම ගිම්හාන නිවාඩු කාලය තුළ සංචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාකරන රුසියානුවන් සඳහා “buy one and get one free” විශේෂ දීමනාවක් ශ්‍රීලංකන් ගුවන් සේවය හඳුන්වා දී තිබේ. මෙම දීමනාව 2021 ඔක්තෝබර් මස 31 දක්වා වලංගු වේ. සංචාරක රෙගුලාසි ලිහිල් කිරීමෙන් පසු රුසියානු සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ ඇති ආකර්ෂණීය ස්ථාන රාශියක් ගවේෂණය කිරීමට මෙම විශේෂ දීමනාව…

(0)Comments | August 2, 2021 5:27 pm

මාස 07ක් තුළ දී කොටස් ‌වෙළෙඳපොළේ සියයට 20 ක වර්ධනයක්

2021 මුල් මාස 07 තුළ කොළඹ කොටස් ‌වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය, වසර ආරම්භයට සාපේක්ෂව 19.87% ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් වී තිබේ. වසර ආරම්භයේ දී සියලු කොටස් මිල දර්ශකයේ වටිනාකම ඒකක 6,774.22 ක් ලෙසින් දැක්වුණු අතර ඒය පසුගිය ජූලි 30 දින ගනුදෙනු අවසානයේ දී ඒකක 8,120.48 ක් ලෙසින් සටහන්ව තිබුණි. මේ අතර…

(0)Comments | August 2, 2021 11:10 am

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාගැනීමට SMS හා අන්තර්ජාලයෙන් වෙලාවක් වෙන්කරගැනීමේ පහසුකම්

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ජනතාවට ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාගැනීම සදහා  දිනයක් වෙලාවක් හා මධ්‍යස්ථානයක් වෙන්කරගැනීමට  මාර්ගගත හා කෙටි පණිවුඩ SMS මගින් සිදුකල හැකිබව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි. එන්නත් ලබාදීම මේවනවිට ආරම්භ කර තිබේ. ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් සියලුම දෙනා දෙවන මාත්‍රාව ලබා ගන්නා තුරු ස්ථාන 20 කට අධික ප්‍රමාණකදී එය ලබාදෙන බව…

(0)Comments | August 2, 2021 10:30 am

යාත්‍රා, මැණික් හා ස්වර්ණාභරණ අපනයන සඳහා මොනකෝ රාජ්‍ය සමඟ සාකච්ඡා

ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර  ඒවා ශක්තිමත් ආර්ථික සබඳතා බවට පරිවර්තනය කළ හැකි ක්‍රම පිළිබඳව ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ශානිකා හිරිඹුරේගම මහත්මිය, මොනකෝ රාජ්‍ය සමග සාකච්ඡා පවත්වා තිබේ. ශ්‍රී ලංකා රජය හා මොනකෝ රාජ්‍ය අතර රාජ්‍යතාන්ත්‍රික සබදතා ආරම්භ කර වසර පහක් සම්පූර්ණ වීම නිමිත්තෙන් තානාපති හිරිඹුරේගම මහත්මිය ඉකුත් 21 වනදා   ප්‍රංශයේ මොනකෝ තානාපති ක්‍රිස්ටෝෆ් ස්ටයිනර් මහතා හමු…

(0)Comments | August 2, 2021 12:42 am

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2021 ජූලි මාසයේ දී සියයට 5.7 දක්වා ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ජුනි මාසයේ පැවති සියයට 5.2හි සිට 2021 ජූලි මාසයේ දී සියයට 5.7 දක්වා ඉහළ ගියේය. ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජුනි මාසයේ…

(0)Comments | August 2, 2021 12:23 am

ශ්‍රීලංකන් මොස්කව් සෘජු ගුවන් ගමන් ඇරඹෙයි

ශ්‍රීලංකන් ගුවන් සේවය රුසියානු අගනුවර වන මොස්කව් වෙත නැවත වරක් ගුවන් ගමන් ආරම්භ කරමින් 2021 ජූලි මස 30 වන දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් මොස්කව් බලා  පියාසර කරන ලද ගුවන් යානය අද උදෑසන (1) දිවයිනට ලඟාවිය.  මොස්කව් හි  ඩොමෙඩෙඩෝවෝ ගුවන් තොටුපලේ දී එහි නිලධාරීන් විසින් ශ්‍රීලංකන් ගුවන් යානය චාරිත්‍රානුකූලව ජල ආචාර වලින්  පිළිගනු ලැබීය. වසර…

(0)Comments | August 1, 2021 9:05 pm

අගෝස්තු 01 සිට ගෘහස්ථ විදුලි රැහැන් මිල 11%කින් පහළට. මිල අඩුවන හැටි මෙන්න

ශ්‍රී ලංකාවේ සම්පූර්ණ ගෘහස්ථ විදුලි රැහැන් නිෂ්පාදනය දේශීය කර්මාන්ත විසින් සිදුකරන අතර අපනයන වෙළඳපොල සඳහා ද දායක වීම සිදුකරයි. මෙම නිෂ්පාදන සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය වන කොපර් (තඹ) ආනයනය කරනු ලබන අතර මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 5,000 සිට 10,000 දක්වා වැඩිවීම නිසා පසුගිය දින වලදී ගෘහස්ථ විදුලි රැහැන් වයර් මිල ඉහළ යාමකට ලක් වෙමින් තිබුණු…

(0)Comments | July 30, 2021 5:39 pm