Top News

ඡන්ද ප්‍රතිඵලෙන් පසු දෙවන දිනටත් කොළඹ කොටස් බසී

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දින ගනුදෙනු අවසානයේ දී ඒකක 6,532.26 ක් ලෙසින් වාර්තා වූ අතර මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 10.73 ක වර්ධනයකි. මීට පෙර ගනුදෙනු දිනය වූ පෙබරවාරි 12 වන දින ඒකක 29.30 කින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගියේය. මේ අතර S&P SL20 දර්ශකය ද අද දිනය තුළ ඒකක…

(0)Comments | February 14, 2018 6:24 pm

දින 14 කදී සොෆ්ට්ලොජික් කොටස් මිල 75% කින් නගී

සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ කොටස් මිල පසුගිය ගනුදෙනු දින 14 තුළ දී සියයට 75 කින් ඉහළ ගොස් තිබේ. පසුගිය ජනවාරි 23 දින වන රු. 12.70 ක්ව පැවති සමාගමේ කොටසක මිල අද (14) දින රු. 22.60 ක් දක්වා වූ මිල ගණන් යටතේ ගනුදෙනු විය. පසුගිය ජනවාරි 24 දින සමාගම විසින් අනාවරණය කරනු ලැබූ පුද්ගලික නිකුතුවක් හා…

(0)Comments | February 14, 2018 1:55 pm

පුංචි ඡන්දයෙන් පසු රුපියල තවදුරටත් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (14) දිනයේ දී ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 152.97 ක් හා විකුණුම් මිල රු. 156.74 ක් ලෙසින් වාර්තා වී තිබේ. මෙය එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් මෙතෙක් වාර්තා වී ඇති ඉහළම ගැනුම් හා විකුණුම් මිල මට්ටම් වේ. මේ අතර විනිමය අනුපාතිකයන්…

(0)Comments | February 14, 2018 1:09 pm

RIL Property රුපියල් බිලියන 1.6 ක හිමිකම් නිකුතුවක් ප්‍රකාශ කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන RIL Property Plc සමාගම රුපියල් බිලියන 1.6 ක අරමුදලක් සම්පාදනය කර ගැනීම වෙනුවෙන් හිමිකම් කොටස් නිකුතුවක් සිදුකරනු ලබන බව දැනුම් දී සිටී. මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිවේදනයක් නිකුත් කරමින් සමාගම සඳහන් කරනුයේ මෙහිදී රු. 8.00 බැගින් කොටස් මිලියන 200 ක් හිමිකම් නිකුතුව හරහා නිකුත් කිරීමට කටයුතු කරන…

(0)Comments | February 14, 2018 12:36 pm

අධිවේගයේ නව වේග මාපක අද සිට ක්‍රියාත්මකයි

අධිවේගී මාර්ගය තුළ වේග සීමා උල්ලංඝනය කරනු ලබන වාහන  වේග සීමා නිරීක්ෂණය කිරීම සඳහා ස්ථාපිත කළ නව වේග මාපක යන්ත්‍ර පද්ධතිය අද (14) සිට ක්‍රියාත්මක කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය හා අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසවලින් සැලසුම් කොට ඇත. ඒ අනුව අද සිට අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලු වාහනවල වේගය නිරීක්ෂණය කෙරෙනු ඇත. අධිවේගී මාර්ගය තුළ…

(0)Comments | February 14, 2018 11:29 am

හම්බන්තොට වරායට සල්ලි හොයන්න ‘පැන්ඩා‘ බැඳුම්කර කරළියට

චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩිංග්ස් විසින් රෙන්මිඹි මිලියන 500 ක ‘පැන්ඩා‘ බැඳුම්කර නිකුතුවක් සිදුකර තිබේ. මෙය ඇමරිකානු ඩොලර් 79.5 කට සමාන මුදලකි. වසර තුනක පරිණත කාලයකින් යුතු මෙම බැඳුම්කරවලින් රැස් කරන ලද අරමුදල් හම්බන්තොට වරාය අත්පත් කරගැනීමේ ඉතිරි මුදල් පියවීම සඳහා යොදා ගැනීමට නියමිතය. හොංකොං හි ලැයිස්තුගත සමාගමක් වන චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩිංග්ස් විසින් චීනයේ මුදල්…

(0)Comments | February 13, 2018 1:31 pm

නාවිකයින්ට පොළී රහිත ණය

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයන් 25 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 5 ක් බැගින් වූ පොළී රහිත ණය මුදල් ප්‍රදානය කිරීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අතින් පසුගිය දා දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණි. මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපතිගේ ලේකම් සහ නාවික ලේකම්, රියර් අද්මිරාල් (සැපයුම්) විජිත මැද්දගොඩ මහතා හා…

(0)Comments | February 13, 2018 11:11 am

රජයේ වාණිජ නීතිගත සංස්ථාව රට පුරාම ව්‍යාප්ත කිරීමට සැලසුම්

2018 දී රජයේ වාණිජ නීතිගත සංස්ථාවේ පිරිවැටුම හා ලාභාංශය දෙගුණයක් කිරීම ඉලක්කය බවත් ඒ සඳහා දැනටමත් අපගේ වෙළෙඳජාලය රට පුරාම ව්‍යාප්ත කිරීමට සැලසුම් කරතිබෙන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පවසයි. කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ශ්‍රි ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව තුළ යහපත් කළමනාකරණය පිළිබදව වෙනස්කම් රැසක්ම සිදු කළ බව අමාත්‍යවරයා සඳහන්…

(0)Comments | February 12, 2018 3:20 pm

කොළඹ නගරයේ සාප්පු සවාරියේ පෙරළියක් ඇතිකරන The Mall at One Galle Face

සුඛෝපභෝගී නිවාස, රැකියා ස්ථාන සහ විනෝදාශ්වාදය සමගින්, ජාත්‍යන්තර තලයේ භාණ්ඩ හා සේවා රැසක් එක්තැන් කරන සුවිශේෂී ව්‍යාපෘතියක සමාරම්භය   ශ‍්‍රී ලංකාවේ වාණිජ අගනගරය වන කොළඹ නගරයේ සුඛෝපභෝගී සුපිරි සාප්පු සංකීර්ණයක් ලෙස විවෘත වීමට නියමිත The Mall at One Galle Face සඳහා එහි ප‍්‍රධාන පාර්ශ්වකරුවන් සමග බදු ගිවිසුම් අත්සන් කිරීම පසුගියදා පැවති විශේෂ උත්සවයකදී සිදුකෙරිණි. මෙම…

(0)Comments | February 9, 2018 1:10 pm

රාජ්‍ය ණය ගැන මහ බැංකුව මෙසේ කියයි

2018 පෙබරවාරි 08 වැනි දින රාජ්‍ය ණය වාර්තා කිරීම සහ ගිණුම් පවත්වා ගැනීම පිළිබඳ ව පැවති මාධ්‍ය වාර්තා කෙරෙහි ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වි ඇත. රජය වෙනුවෙන් නිකුත් කරන ලද දේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳ ණය පිළිබඳ තොරතුරු ඇතුළත් ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත ගබඩාවට අමතරව මුදල් අමාත්‍යාංශය හා ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු…

(0)Comments | February 9, 2018 12:33 pm