Top News

ජනවාරියේ දී සංචාරක පැමිණීමෙහි කැපී පෙනෙන වර්ධනයක්

2018 වසර සඳහා සාර්ථක ආරම්භයක් අත්පත් කර දෙමින් ජනවාරි මාසය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 246,972 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරනු ලැබූ නවතම සංඛ්‍යා සටහන් පෙන්වා දේ. මෙය 2017 වසරේ ජනවාරි මාසයේ මෙරටට පැමිණි 219,306 ක්වූ සංචාරකයින් ප්‍රමාණය හා සැසඳීමේ දී 12.6% ක ඉහළ යාමකි. සුපුරුදු පරිදි ජනවාරි මාසය…

(0)Comments | February 8, 2018 1:32 pm

රූපලාවන්‍ය ක්ෂේත‍්‍රයේ ගැටළුවලට කඩිනම් විසඳුම්

රූපලාවන්‍ය ක්ෂේත‍්‍රයේ ගැටළු හඳුනාගැනීම සඳහා අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය මගින් සිදුකරමින් පවතින දීප ව්‍යාප්ත සමීක්‍ෂණයට ඉතා ඉහල ප‍්‍රතිචාර ලැබෙමින් පවතින අතර එහි දී හඳුනාගත් ඇතැම් ප‍්‍රධාන ගැටළු සඳහා මේ වන විටත් විසඳුම් ලබා දීමට කටයුතු කරමින් සිටින බව ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ක්ෂේත‍්‍රය තුළ දී මුහුණ පෑමට සිදුවන විවිධ…

(0)Comments | February 8, 2018 10:55 am

චෙක් සමඟ අන්‍යෝන්‍ය සහයෝගීතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව හා චෙක් ජනරජය අතර අන්‍යෝන්‍ය සහයෝගීතා ගිවිසුමක් අත්සන් කළ බව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි. අද (07) දින කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මලික් සමරවික්‍රම මහතා මෙසේ කියා සිටියේය. “චෙක් ජනරජයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර අන්‍යෝන්‍ය සහයෝගීතා ගිවිසුමක්…

(0)Comments | February 7, 2018 6:01 pm

අධිවේගයේ වේග සීමා ඉක්මවා ගියොත් සියලු විස්තර සහිත වාහනයේ ඡායාරූපය පිටවීමේ දොරටුවට

අධිවේගී මාර්ගය තුළ වාර්ෂිකව සිදුවන වාහන අනතුරු සංඛ්‍යාවෙන් 27%ක් පමණ අධික වේගය සහිතව ධාවනය කිරීම හේතුවෙන් සිදුව ඇති බව නිරීක්ෂණය වී ඇති බැවින් මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය මගන් අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය හරහා ක්‍රියාත්මක කිරීම සඳහා නව මාපක යන්ත්‍ර පද්ධතියක් ස්ථාපිත කොට ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. මෙම නව…

(0)Comments | February 7, 2018 2:49 pm

අද දෙරණ හා එක්ව ශ්‍රී ලංකාවේ පළමු News Bot මෘදුකාංගය Fortunaglobal හඳුන්වාදෙයි

තම ‘brand affluence’ නිපැයුම් පෙළ හරහා ශ්‍රී ලංකාවේ මූල්‍ය තාක්ෂණ ක්ෂේත‍්‍රයෙහි සර්ව සම්බන්ධිත (omni-channel) බැංකුකරණය සම්බන්ධයෙන් දැනටමත් සුවිශේෂී ස්ථානයක් ලබාසිටින, Fortunaglobal මේ වනවිට තවත් කඩඉමක් පසුකර තිබේ. ඒ අද දෙරණ සමගින් සම්බන්ධවූ Fortunaglobal ශ්‍රී ලංකාවේ ප‍්‍රථම ත්‍රෛභාෂා බොට් මෘදුකාංගය අද දෙරණ ඩිජිටල් සඳහා හඳුන්වා දෙමිනි. මෙය, කෘත‍්‍රිම බුද්ධි (AI) තාක්ෂණය සහිත LISA AI පදනම් කරගත්…

(0)Comments | February 7, 2018 1:02 pm

හෝටල් සංස්ථාව – චයිනා හාබර් එක්වෙයි

සිලෝන් හොටේල්ස් කෝපරේෂන් පීඑල්සී සමාගම් සමූහයේ සමාගමක් වන Ceylon Hotels Maldives (Pvt) Ltd සමාගම Zhen Hua Engineering Company Limited සමඟ 50:50 බද්ධ ව්‍යාපාර ගිවිසුමකට එළඹ තිබේ. මෙම ගිවිසුමට අනුව මාලදිවයිනේ Vaavu Atoll හි Ambara දිවයිනේ කාමර 85-100 කින් සමන්විත නිකේතනයක් ඉදිකිරීමට නියමිතය. මෙය ඇමරිකානු ඩොලර් මිලියන 50 ක ආයෝජනයකි. Zhen Hua Engineering Company Limited සමාගම…

(0)Comments | February 7, 2018 11:49 am

2018 පළමු මුදල් ප්‍රතිපත්ති විවරණය 15 දා

මෙම වසරේ පළමු මුදල් ප්‍රතිපත්ති විවරණය 2018 පෙබරවාරි 15 බ්‍රහස්පතින්දා දින පෙරවරු 7.30 ට ප්‍රකාශයට පත්කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී. මීට පෙර මෙම මුදල් ප්‍රතිපත්ති විවරණය 2018 පෙබරවාරි 16 සිකුරාදා දිනයේ දී ප්‍රකාශයට පත්කිරීමට සැලසුම් කර තිබුණු අතර ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් කියා සිටින්නේ මෙය එක් දිනක් පෙරට ගෙන…

(0)Comments | February 7, 2018 11:19 am

මහබැංකුව ප්‍රතිසංවිධානයට මූල්‍ය පනතක් – අගමැති

මූල්‍ය පනතකින් මහබැංකුව ප්‍රතිසංවිධානය ඇති කරන්න බලාපොරොත්තු වන බවත් දැනට අලුත් නීති කීපයක් සකස් කරමින් සිටින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය සම්බන්ධ ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාව සහ බරපතල දූෂණ පිළිබඳ කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් වූ  විවදය ආරම්භ කරමින් අග්‍රාමාත්‍යවරයා අද (6) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසිය. බැඳුම්කර වාර්තාව දෙසැම්බර් 30 වැනිදා ජනාධිපතිතුමාට කොමසාරිස්වරු විසින්…

(0)Comments | February 6, 2018 3:59 pm

තෙල් මිලේ වැඩිවීමෙන් ගුවන් ටිකට් මිල නගී

මේ වන විට ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් එය සෘජුවම ගුවන්සේවාවල ලාභදායීත්වය කෙරෙහි බලපා ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කර සිටී. සාමාන්‍යයෙන් ගුවන්සේවා සමාගම්වල පිරිවැයෙන් සියයට 30 ක් පමණ සමන්විත වන්නේ ඉන්ධන සඳහා දරනු ලබන වියදම්වලිනි. පසුගිය සඳුදා වන විට බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 68 ක් ලෙසින්…

(0)Comments | February 6, 2018 2:25 pm

අපේ පාවහන්වලට 2020 දී හොඳ අපනයන වෙළෙද පොළක්

2020 වන විට ලෝකයේ සපත්තු හා සම්භාණ්ඩ වෙළෙඳපොළ ඩොලර් බිලියන 600ක් හෙවත්, රුපියල් බිලියන 90,000ක් ඉක්මවා ගොස් ගෝලීය වෙළෙඳපොළ පුළුල්වීම නිසා අපේ සපත්තු හා සම්භාණ්ඩවලට 2020 දී ඉතා හොඳ අපනයන වෙළෙඳපොළක් ලැබෙන බවත් ඒ නිසා අපේ ව්‍යවසායකයින් එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගත යුතුයි යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය. අමාත්‍යවරයා මේ…

(0)Comments | February 6, 2018 11:20 am