Top News

මාස 09 ට ලංකා IOC අලාභය මිලියන 650 ඉක්මවයි

2017 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව සඳහා ලංකා IOC සමාගමේ මූල්‍ය වාර්තා මේ වන විට නිකුත් කර තිබේ. අදාළ වාර්තාවලට අනුව 2017 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුවේ දී සමාගමේ බදුගෙවීමෙන් පසු අලාභය රුපියල් මිලියන 340 ක් ලෙසින් සටහන් වී ඇත. මේ අනුව දෙසැම්බර් 31 න් අවසන් මාස 09 ක කාලපරිච්ඡේදය තුළ දී ලංකා IOC වාර්තා…

(0)Comments | January 24, 2018 1:03 pm

රූපලාවන්‍ය ක්‍ෂේත‍්‍රයේ ව්‍යවසායකයින් බලගැන්වීමට නව ප‍්‍රතිපත්ති රාමුවක්

ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන කාර්යාංශය සහ අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය මගින් රූපලාවන්‍ය ක්‍ෂේත‍්‍රයේ ව්‍යවසායකයින්ගේ අවශ්‍යතා හදුනා ගැනීම සදහා දීප ව්‍යාප්ත සමීක්‍ෂණයක් ක‍්‍රියාත්මක කර ඇත. රූපලාවන්‍ය ක්‍ෂේත‍්‍රයේ සාර්ථකත්වය, ව්‍යාප්තිය සහ සංවර්ධනය සහතික කරවීම සදහා ප‍්‍රතිපත්ති රාමු සකස් කිරීමට අවශ්‍ය තොරතුරු ලබාගැනීම මෙහි මූලික අරමුණවේ. දීප ව්‍යාප්තව උගත් තරුණියන් සහ තරුණයන්…

(0)Comments | January 24, 2018 10:55 am

ආයෝජන සහයෝගීතාව ගැන ඉන්දුනීසියා ජනපති සමඟ සාකච්ඡා

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඇරයුම මත ඉන්දුනීසියානු ජනපති ජෝකෝ විඩෝඩෝ මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (24) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. හමුදා උත්තමාචාර සහ ආචාර වෙඩිමුර විසිඑකක් සහිතව සන්ධ්‍යාවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඉන්දුනීසියානු ජනාධිපතිවරයා උත්සවාකාරයෙන් පිළිගනු ලබන අතර, ඔහු ඉන් අනතුරුව අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග නිල ද්විපාර්ශ්වික…

(0)Comments | January 24, 2018 10:47 am

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තබයි

ශ්‍රී ලංකා රජය හා සිංගප්පූරුව අතර අද (23) දිනයේ දී නිදහස් වෙළෙඳ ගිවිසුමකට අත්සන් තැබිණි. ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම ගිවිසුම් අත්සන් තැබීම සිදුවිය. සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සහ සිංගප්පූරු ජනරජයේ වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍ය එස්. ඉස්වරන් යන මහත්වරුන් දෙරට වෙනුවෙන් මෙම ගිවිසුමට අත්සන් කරන ලදී. භාණ්ඩ වෙළඳාම, සේවා වෙළඳාම,…

(0)Comments | January 23, 2018 12:59 pm

දෙසැම්බර් උද්ධමනය 8.4% සිට 7.3% දක්වා පහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 නොවැම්බර් මාසයේ පැවති සියයට 8.4 ට සාපේක්ෂව 2017 දෙසැම්බර් මාසයේ දී සියයට 7.3 ක් දක්වා පහළ ගියේය. 2016 දෙසැම්බර් මාසයේ දී පැවති ඉහළ පදනම් අගය මෙම පහළ යෑමට හේතුවිය. වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු…

(0)Comments | January 23, 2018 11:53 am

SPC ඔසුසල් ජාලය දිවයින පුරාවටම

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඔසුසල් ජාලය දිවයින පුරා කඩිනමින් ව්‍යාප්ත කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා එම සංස්ථාවේ සභාපති නීතිඥ සරත් ලියනගේ මහතාට උපදෙස් ලබා දී ඇත. ඒ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඉදිරි වැඩපිළිවෙල පිළිබදව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී…

(0)Comments | January 23, 2018 11:23 am

පැණි බීම සමාගම්වලට ඇමැතිගෙන් සහන නැහැ

අයවැය යෝජනා මගින් ක්‍රියාත්මක කළ පැණිබීම බෝතලවල ඇති සෑම සීනි ග්‍රෑම් එකකට සත 50 ක බද්දක් අය කිරීමේ වැඩපිළිවෙළට සහන ලබා දෙන ලෙස පැණිබීම සමාගම් ඉල්ලා ඇතත්, කිසිඳු සහනයක් ලබා නොදෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. පැණිබීම සමාගම්වල නියෝජිතයින් තමන් හමු වී සහන ඉල්ලා සිටි බවත්, සහන ලබා…

(0)Comments | January 22, 2018 2:54 pm

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඇරයුම පරිදි සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් මහතා අද (22) දිවයිනට පැමිණීමට නියමිතය. අද සිට ලබන 24 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා හෙට (23) දින උදෑසන නිල හමුදා උත්තමාචාර සහ ආචාර වෙඩිමුර සහිතව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිළිගනු ලබයි. ඉන් අනතුරුව ඔහු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී…

(0)Comments | January 22, 2018 11:56 am

ගාලු දිස්ත්‍රික්කය දකුණු ආසියාවේ හොඳම සංචාරක කලාපය කිරීමේ සැලසුම්

ගාලූ දිස්ත්‍රික්කයේ දකුණු ආසියාවේ හොඳම සංචාරක කලාපය බවට පත් කිරීමට සැලසුම් සකස් කර තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඇල්පිටියේ පැවති උත්සව අවස්ථාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසී ය. අප භාරගත්තේ ආර්ථිකය කඩා වැටුණු රටක්.නමුත් ආණ්ඩුව කඩා වැටුනේ නැහැ. රටේ ආර්ථිකයත් ස්ථාවර කිරීමට අපට හැකියාව ලැබුණා. ඒ සඳහා වසර 2 ක්…

(0)Comments | January 22, 2018 11:47 am

සංවර්ධන බැඳුම්කර වෙන්දේසියට ලංසු ලැබුණේ මෙහෙමයි

2018 ජනවාරි 11 දින විවෘතව 2018 ජනවාරි 18 දින අවසන් වූ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වෙන්දේසිය සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 526.74 ක ලංසු ලැබුණු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පවසයි. වසර 02,03, 04 හා 05 යන පරිණත කාල 4 කින් යුතුව මෙම සංවර්ධන බැඳුම්කර, වෙන්දේසිය සඳහා ඉදරිපත් කර තිබිණි. වෙන්දේසියට ඉදිරිපත්…

(0)Comments | January 22, 2018 11:09 am