Top News

රුහුණ විශ්වවිද්‍යාලය සහ ඊශ්‍රායලයේ ගැලීලි ජාත්‍යන්තර කළමනාකරණ ආයතනය අතර අවබෝධතා ගිවිසුමක්

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විද්‍යාත්මක හා කළමනාකරණ දැනුම සහ කුසලතා හුවමාරු කර ගැනීමේ අරමුණින් යුතුව, රුහුණ විශ්වවිද්‍යාලය සහ ඊශ්‍රායලයේ ගැලීලි ජාත්‍යන්තර කළමනාකරණ ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට එකඟතාවකට එළඹ ඇත. ඒ අනුව, දෙපාර්ශ්වය අතර අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

(0)Comments | July 21, 2021 2:38 pm

JAT Holdings මූලික කොටස් නිකුතුව අධි දායකත්වයක් සහිතව අවසන් වෙයි

JAT Holdings මූලික කොටස් නිකුතුව සම්බන්ධයෙන් ආයෝජකයන් අතර විශාල උනන්දුවක් ඇති වූ බවත්, සාමාන්‍ය කොටස් 82,904,846 නිකුත් කරන ලද එම කොටස් නිකුතුව අධි දායකත්වයක් සමගින් සාර්ථක ලෙස අවසන් වූ බවත් එම සමාගම නිවේදනය කරයි. කොටසක් රු. 27 බැගින් නිකුත් කරන ලද මෙම කොටස් නිකුතුව තුළින් එක්රැස් වූ මුළු මුදල රු. බිලියන 2.2 කි. සමාගමේ පර්යේෂණ…

(0)Comments | July 21, 2021 2:22 pm

ප්‍රධාන පෙළේ බැංකු දෙකකට මහ බැංකුවෙන් දඩ

මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2021 දෙවන කාර්තුව තුළදී මූල්‍ය ආයතන සඳහා පරිපාලනමය දණ්ඩන පැනවීම 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කරන ආයතන සඳහා මූල්‍යමය දණ්ඩන පනවනු ලැබේ.  මූල්‍ය ආයතනයක්  විසින් සිදුකරන…

(0)Comments | July 21, 2021 12:18 pm

ජැට් හෝල්ඩින්ග්ස් මූලික මහජන නිකුතුවට පළමු දිනයේම අධි දායකත්වයක්

2021 ජූලි 20 දින ආරම්භ කරන ලද මූලික මහජන නිකුත් කිර්‍රිම මහජන දායකත්වය හා විකුනුම් අර්පණය යන දෙයාකාරයෙන්ම ජැට් හෝල්ඩින්ග්ස් සමාගම නිකුත් කළ 82,904,846 පමණ වූ ඡන්ද හිමි සාමාන්‍ය කොටස්  සඳහා එය ආරම්භ කළ පළමු දිනයේම අධි දායකත්වයක් ලබා ගන්නා ලදී. සමාගම විසින් ඡන්ද හිමි සාමාන්‍ය කොටස් 55,814,700ක් කොටසකට රු.27 බැගින් මහජන දායකත්වය  (Offer for…

(0)Comments | July 21, 2021 9:29 am

කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍යවරයා, ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීම පිණිස ඕමානයේ වාණිජ, කර්මාන්ත හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා පවත්වයි

මැද පෙරදිග සමඟ ආර්ථික සබඳතා වැඩි දියුණු කිරීම සඳහා වන කලාපීය සහයෝගීතා අමාත්‍යාංශයේ වරම අනුව, 2021 ජූලි 14 වැනි දින ඕමාන් සුල්තාන් රාජ්‍යයේ වාණිජ, කර්මාන්ත හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කයිස් බින් මොහොමඩ් අල් යූසෙෆ් මහතා සමඟ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා අතථ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය. මෙම සාකච්ඡාවේ දී රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මහතා කොළඹ වරාය නගරය සහ…

(0)Comments | July 20, 2021 8:22 am

JAT Holdings මූලික කොටස් නිකුතුව මේ සතියේ ඇරඹේ

ශ්‍රී ලංකාවේ තීන්ත හා ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන JAT Holdings සමාගමේ මූලික කොටස් නිකුතුව මෙම සතියේ ආරම්භ වේ. බොහෝ දෙනෙකු තුළ විශාල උනන්දුවක් ඇතිකළ මෙම කොටස් නිකුතුව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාම එකතුවක් හිමි සමාගමක ආයෝජනය කරමින් ප්‍රතිලාභ රාශියක් හිමිකරගැනීම සඳහා ආයෝජකයන්ට ලැබෙන සුවිශේෂී අවස්ථාවකි. අභියෝග වලට ශක්තිමත්ව මුහුණ දීමේ හැකියාව සහිත, වර්ධනය ඉලක්ක කරගත් සමාගමක්…

(0)Comments | July 19, 2021 3:29 pm

ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල යහපත සැලසීමට ඇමරිකා එක්සත් ජනපදයෙන් DFCC බැංකුවට ඇමරිකානු ඩොලර් මිලියන 150 ක්

වර්තමාන ආර්ථික අභියෝග වලට මුහුණ දීමට අත්වැලක් වීම සඳහා ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 150 ක පරිත්‍යාගයක් සිදුකිරීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කර තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ International Development Finance Corporation (DFC) වෙතින් ද්විපාර්ශ්වික ණයක් ලෙස DFCC බැංකුව වෙත පිරිනමන ලද මෙම මුදල මෙරට සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ කාන්තාවන්ගේ මූලිකත්වය යටතේ ක්‍රියාත්මක…

(0)Comments | July 19, 2021 3:28 pm

“සියලු අංශ කාර්යක්ෂම කර වඩා වැඩියෙන් විදේශ විනිමය උපයා දෙන තැනක් බවට කහටගහ පතල පත්කිරීම අපේ අරමුණයි” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

කහටගහ පතල් සංකීර්ණයේ සියලු අංශ කාර්යක්ෂම කොට, අගය එකතු කළ මිනිරන් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කෙරෙහි ද අවධානය යොමු කරමින් දැනට වඩා වැඩියෙන් රටට විදේශ විනිමය උපාය දෙන තැනක් බවට එම පතල පත් කිරීම තම අරමුණ බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි. අද(16) කුරුණෑගල, දොඩම්ගස්ලන්ද, මදුරාගොඩ පිහිටි කහටගහ මිනිරන් පතල් සංකීර්ණයෙහි නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව…

(0)Comments | July 16, 2021 8:19 pm

ලාභදායි චීන වෙළදපොළට පිවිසීමට ශ්‍රී ලාංකිකයන්ට මාර්ගගත වේදිකාවක්

ලාභදායී චීන වෙළඳපොළට පිවිසීමට අපේක්ෂා කරන ශ්‍රී ලංකා අපනයනකරුවන් සඳහා මාර්ගගත වේදිකාවක් හදුන්වා දීමට බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන තිබේ. සීමාසහිත හයිරොං ටෙක්නොලොජි සමාගමේ ද සහය ඇතිව එහි මූලික ආරම්භයක් ලෙස ආයෝජන ප්‍රවර්ධන සම්මන්ත්‍රණයක් ඉකුත් 11 වනදා පැවැත්විණ.  ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථාවන් ගවේෂණය කිරීම සඳහා මෙම වේදිකාව මඟින් අනාගත ආයෝජකයින් දිරිමත් කරනු ඇත. තානාපති…

(0)Comments | July 16, 2021 8:08 pm

ශ්‍රී ලංකාවට COVAX පහසුකම යටතේ කෝවිඩ්-19 එන්නත් මාත්‍රා ලක්ෂ 15ක්

COVAX පහසුකම යටතේ ලබාදෙන මොඩර්නා කෝවිඩ්-19 එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් රැගත් විශේෂ ගුවන් යානයක් ශ්‍රී ලංකාවට ළඟාවිය. එක්සත් ජනපදය විසින් පිරිනමනු ලබන එන්නත් මාත්‍රා 1,500,100 ශ්‍රී ලංකාවට ලැබෙන්නේ, COVAX පහසුකම යටතේ, ලොව පුරා කෝවිඩ්-19 එන්නත් සඳහා සාධාරණ ප්‍රවේශය ලබාදීම සඳහා වන මාත්‍රා බෙදාගැනීම ප්‍රවර්ධනය කිරීමේ යාන්ත්‍රණය යටතේය. ශ්‍රී ලංකාවේ ජනතාව සමග මෙම මාත්‍රා බෙදාගැනීම සඳහා…

(0)Comments | July 16, 2021 9:34 am