Top News

රාජ්‍ය ණය කළමනාකරණයේ දී අඩු පොළියට ණය ගෙන වැඩි පොළියට ගත් ණය ගෙවීමේ තීරණයක්

රජයේ ආදායම ඉහළ නංවමින් හා රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවක් ඇති කිරීමෙන් රාජ්‍ය ණය ඒකරාශී වීම අඩු කිරීම මඟින්, 2020 වර්ෂය අවසානය වන විට, දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය අනුපාතය 70%ක් දක්වා පහත හෙළීමට රජය සැලසුම් කර තිබේ. ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ ඉල්ලීම මත ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා විසින් මේ සඳහා…

(0)Comments | January 10, 2018 12:44 pm

රේගු විභාගයක් ලබන 1දා

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ II වැනි ශ්‍රේණියේ රේගු පරීක්ෂක තනතුරුවලට බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගය – 2017 (2018) ලබන 13 වන දා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා සඳහන් කරයි. කොළඹ දිස්ත්‍රික්කයේ විභාග මධ්‍යස්ථාන 12 ක හා පිටපළාත්වල විභාග මධ්‍යස්ථාන 69 ක වශයෙන් දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 81 ක පැවැත්වීමට…

(0)Comments | January 10, 2018 10:53 am

2018 වසරට සාර්ථක ආරම්භයක් ලබා දෙමින් LVL Energy Fund කොටස් වෙළෙඳපොළ ලැයිස්තුවට එක්වෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරුණු නවතම සමාගම වන LVL Energy Fund Limited, සිය ද්විතීයික කොටස් වෙළෙඳපොළ ගනුදෙනු (09) දිනයේ දී ආරම්භ කරනු ලැබීය. පසුගිය වසරේ අගභාගයේ දී සිදුකරන ලද මූලික මහජන කොටස් නිකුතුව තුළින් රුපියල් බිලියන 1.2 ක මුදලක් සම්පාදනය කර ගැනීමට LVL Energy Fund Limited සමත්විය. අද දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු භූමියේ පැවති…

(0)Comments | January 9, 2018 4:37 pm

ඩොලර් මිලියන 10 ක ඖෂධ නිෂ්පාදන කලාපයක් කලුතරට

මෙරට තුළ ඖෂධ නිෂ්පාදනය වෙනුවෙන් කලුතර වැලිපැන්න ප්‍රදේශයේ ඖෂධ නිෂ්පාදන කලාපයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් තැබීම ඊයේ (08) කොළඹ දී සිදුවිය. එම කර්මාන්ත කලාපය කළුතර වැලිපැන්න ප්‍රදේශයේ ඉදි කෙරෙන අතර, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව විසින් නිෂ්පාදනය කරන ඖෂධ මිලදී ගැනීමට නියමිතය. මැලේෂියානු සමාගමක් සහ B.P.C. හෙල්ත් කෙයා ආයතනය මෙම කර්මාන්ත කලාපය තුල ඖෂධ…

(0)Comments | January 9, 2018 2:03 pm

ශ්‍රී ලංකාවට සෘජු ගමන් අරඹන ඉන්දියාවේ විශාලතම ගුවන් සේවය – IndiGo

ඉන්දියාවේ විශාලතම හා වේගයෙන් වර්ධනය වන අඩු ගාස්තු වලින් යුත් ගුවන් සමාගමක් වන IndiGo ගුවන් සමාගම සිය මෙහෙයුම් ජාලය පුළුල් කරමින් ශක්තිමත් කිරීම සඳහා දරණ ප‍්‍රයත්නයේ ප‍්‍රතිඵලයක් ලෙස කොළඹ තම මෙහෙයුම් කටයුතු දියත් කිරීම ආරම්භ කරන ලදී. චෙන්නායි හා බැංගලෝරයේ සිට දෛනික සෘජු ගුවන් ගමන් සමගින් 2018 ජනවාරි 20 වැනි දින සිට කොළඹදී කි‍්‍රයාත්මක වන…

(0)Comments | January 9, 2018 1:00 pm

ඉතිහාසයේ පළමු වරට කොටස් වෙළෙඳපොළෙන් ත්‍රිත්ව ශතකයක්

කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම් සහ අරමුදල් සංඛ්‍යාව අද (09) දිනයේ දී 300 ක් බවට පත්විය. මෙම සීමාව සාක්ෂාත් වූ ඉතිහාසයේ පළමු අවස්ථාව ලෙසින් මෙය හැඳින්විය හැකිය. ඒ කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරුණු නවතම සමාගම වන LVL Energy Fund Ltd හි ද්විතියික කොටස් ගනුදෙනු අද දිනයේ දී ආරම්භ වීමත් සමඟය. ඊයේ දිනය වන විට කොටස්…

(0)Comments | January 9, 2018 12:42 pm

රැකියා ඇබෑර්තු ලක්ෂ 5 ක් ඇති බව ජනලේඛනේ කියයි

රටේ විවිධ අංශයන්හි රැකියා ඇබෑර්තු 497,302ක් පවතින බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියයි. මෙයින් මහන මැෂින් ක්‍රියාකරුවන් 77,189ක් සඳහාද ආරක්ෂක නියාමකයින් 57,008ක් සඳහාද ඇබෑර්තු පවතින බව එම දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ලද 2017 ශ්‍රම ඉල්ලුම පිළිබඳ සමීක්ෂණයේ දී හෙළි වී තිබේ. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ.සතරසිංහ මහතා පවසන්නේ එම සමීක්ෂණ වාර්තාව…

(0)Comments | January 9, 2018 12:03 pm

ඉන්දියානුවෝ වැඩිවෙද්දී චීනුන් අඩුවෙයි. ඉලක්කය වැරදුණත් ඉතිහාසයේ වැඩිම සංචාරක පැමිණීම 2017 දී

2017 වසර තුළ ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 2,116,407 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශයට පත් කර සිටී. මෙය 2016 වර්ෂයේ වාර්තා  වූ 2,050,832 ක සංචාරකයින් ප්‍රමාණයට වඩා සියයට 3.2 ක ඉහළ යාමකි. කෙසේවෙතත් 2017 වසර ආරම්භයේ දී මිලියන 2.5 ක සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවට ඇස්තමේන්තු කළ ද අදාළ…

(0)Comments | January 8, 2018 3:53 pm

තේ තැරැව්කරුවන්ගේ හුවමාරුවෙන් කොටස් පිරිවැටුම ඉහළට

අද (08) දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී රුපියල් බිලියන 1.736 ක දෛනික පිරිවැටුමක් වාර්තා විය. මේ සඳහා ප්‍රධාන වශයෙන් ගිවිසා ගනු ලැබූ ගනුදෙනු 8 ක කොටස් ගනුදෙනු දායක වී තිබේ. මේ අතර ඒකක 25.78 ක වර්ධනයක් සටහන් කරමින් දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,540.51 ක් ලෙසින් සටහන් විය. දිනය තුළ…

(0)Comments | January 8, 2018 3:19 pm

කොටස් වෙළෙඳපොළ 2018 මුල් සතියේ ප්‍රගතිය 2017 වාර්ෂික වර්ධනය ඉක්මවයි

2018 වසරේ මුල් සතිය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 145.47 ක කැපී පෙනෙන වර්ධනයක් සනිටුහන් කිරීමට සමත් වී තිබේ. මෙහි ඇති විශේෂත්වය නම් පසුගිය 2017 වසර පුරාවටම කොටස් වෙළෙඳපොළේ වර්ධනය ඒකක 141 හෙවත් 2.26% ක් පමණක් වීම නිසාය. මේ අනුව 2018 වසරේ මුල් දින 4 තුළ දී පමණක් 2.28% ක…

(0)Comments | January 8, 2018 11:35 am