Top News

කෘෂි ව්‍යවසායකයින්ට 6.5% පොළියට ණය දෙන IFAD ආධාර වැඩසටහන ඇරඹෙයි

ග්‍රාමීය කුඩා පරිමාණ කෘෂි නිෂ්පාදකයින්ගේ තරගකාරී හැකියාවන් වර්ධනය කරමින් ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග පුළුල් කරගැනීමට සහාය දැක්වීමේ අරමුණින්, කෘෂිකර්ම සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදලේ (IFAD) ආධාර යටතේ ‘කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන’ (Smallholder Agribusiness Partnership Programme) ක්‍රියාත්මක කෙරේ. සාපේක්ෂව අඩු සංවර්ධනයක් සහිත දිස්ත්‍රික්කවලට ප්‍රමුඛතාව ලබා දෙමින් දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය මඟින් අඩු ආදායම්ලාභී…

(0)Comments | January 18, 2018 12:17 pm

වරද පිළිගෙන දඩය ක්ෂණිකව ගෙවිය හැකි ස්ථානීය දඩ නියෝග මෙන්න

2018 ජනවාරි 15 වන දින ප්‍රකාශයට පත්කරන ලද අංක 2054/9 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ස්ථානීය දඩ නියෝග ප්‍රකාශයට පත් කර තිබේ. මෙම පනතට අනුව පොලිස් නිලධරයකු වරදක් සොයා ගැනීමක් කළ විට එම වරද සඳහා වූ වගකීම එම තැනැත්තා විසින් පිළිගනු ලැබූ විට, ඒ තැනැත්තා එකී වරදට නඩු පැවරීමට ලක්වීම වෙනුවට පනතේ අදාළ වගන්තායේ ද්කවා ඇති…

(0)Comments | January 18, 2018 10:55 am

කන්කසන්තුරේ වරාය වාණිජ වරායක් ලෙස සංවර්ධනය කිරීමට ඉන්දියාවෙන් ඇ.ඩො. මිලියන 45.27 ක ආධාර

ඇමරිකානු ඩොලර් මිලියන 45.27 ක වියදමින් කන්කසන්තුරේ (KKS) වරාය වාණිජ වරායක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ඉන්දියානු රජය ඉදිරිපත් වී ඇත. මෙය නුදුරු අනාගතයේදී කලාපිය නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ රටේ උත්සාහය තවදුරටත් ශක්තිමත් වීම සඳහා උපකාරී වනු ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා මුල්‍ය ආධාර ඉන්දියාවේ අපනයන- ආනයන බැංකුව වන එක්සිම් බැංකුව මඟින් ලැබෙන අතර භාණ්ඩාගාර ලේකම් ආචාර්ය…

(0)Comments | January 17, 2018 5:17 pm

KGMG වාර්තාවෙන් පසු පුද්ගලික රෝහල් නියාමනය 01 සිට

පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ වැඩපිළිවෙළට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කිසිඳු යෝජනාවක් ලබා නොදුන් බවත් පෞද්ගලික රෝහල් නියාමනය කිරිම පෙබරවාරි මස 01දා සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද (17) පෙරවරුවේ එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදි….

(0)Comments | January 17, 2018 4:50 pm

ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා වැඩියෙන් මුදල් පෙන්වන්න වෙයි

2018 පෙබරවාරි 01 දින සිට ඕස්ට්‍රේලියාවේ ජීවන වියදම වැඩිවන බව වාර්තාවේ . ඕස්ට්‍රේලියාවේ නවතම පාරිභෝගික දර්ශකය අනුව මෙලෙස ඉහළ යන ජීවන වියදම හේතුවෙන්, ජපබරවාරි 01 දින සිට ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර වීසා ඉල්ලුම්කරනු ලබන සෑම අයදුම්කරුවෙකුම නව ජීවන වියදම පියවා ගැනීමට හැකි ආකාරය පිළිබඳ මූල්‍ය වාර්තා ඉදිරිපත් කළ යුතු බවට එරට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති…

(0)Comments | January 17, 2018 3:34 pm

ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර නිදහස් වෙළඳ ගිවිසුමක්

ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර ඇති කරගැනීමට යෝජිත නිදහස් වෙළඳ ගිවිසුමේ ඇතුළත් විධිවිධාන සම්බන්ධයෙන් දෙරටෙහිම විශේෂඥයින් විසින් සාකච්ඡා පවත්වා එකඟතාවකට පැමිණ ඇත. භාණ්ඩ වෙළඳාම, සේවා වෙළඳාම, සේවා නිදහස්කරණය, ආයෝජන, රාජ්‍ය ප්‍රසම්පාදන, තරගකාරිත්වය ආදී ක්ෂේත්‍රවලට අදාළ විධිවිධාන යෝජිත නිදහස් වෙළඳ ගිවිසුමේ ඇතුළත් වේ. කෙටුම්පත් ගිවිසුම සම්බන්ධයෙන් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද නිරීක්ෂණද සැලකිල්ලට ගනිමින් යෝග්‍ය…

(0)Comments | January 17, 2018 2:02 pm

ලංගමයට විදුලි බස් රථ 50 ක් මිල දී ගන්න කැබිනට් අනුමැතිය

පහසුකම් සහිත, විශ්වාසදායී හා කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවයක් නොමැති වීම නිසා බොහෝ දෙනෙකු විසින් තම එදිනෙදා ගමන් බිමන් සඳහා පෞද්ගලික වාහන භාවිත කරනු ලබන අතර, ඒ හේතුවෙන් නාගරික මාර්ගවල අධික වාහන තදබදයක් හා වාතය අපිරිසිදු වීමක් දක්නට ලැබේ. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රී ලං.ග.ම) සතුව ධාවනය කළ හැකි තත්ත්වයේ බස්රථ 6,300ක් ඇති අතර, ඉන් බස්රථ…

(0)Comments | January 17, 2018 1:38 pm

ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය ගොඩගන්න සිංගප්පූරුවේ HPL Hotels and Resorts ගෙන් යෝජනාවක්

කොළඹ, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ, එහි උරුමය සුරැකෙන පරිදි සංවර්ධනය කර සුඛෝපභෝගී හෝටල් සන්නාමයක් බවට පත් කිරීමට සැලසුම් කර තිබේ. මේ සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම පිණිස සිංගප්පූරුවේ HPL Hotels and Resorts සමාගම විසින් යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ තිබේ. ඒ අනුව, එම යෝජනාව ඇගයීම සඳහා ව්‍යාපෘති කමිටුවක් පත් කිරීමටත්, රජයේ…

(0)Comments | January 17, 2018 1:30 pm

ඉදිරි මාස තුන ව්‍යාපාරවලට හොඳයි

නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2017 දෙසැම්බර් මාසයේ දී 59.1 ක දර්ශක අගයක් වාර්තා කරන ලද අතර, එය 2017 නොවැම්බර් මාසයට සාපේක්ෂව දර්ශක අගයයන් 0.3 ක සුළු ඉහළ යාමකි. ඒ අනුව, 2017 නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේ දී නිෂ්පාදන කටයුතු වැඩි වේගයකින් වර්ධනය වීමක් පිළිබිඹු වේ. මේ සඳහා, විශේෂයෙන්ම නිෂ්පාදන උප දර්ශකයේ ඉහළ යාම හේතු…

(0)Comments | January 17, 2018 12:28 pm

චන්ද්‍රිකා තාක්ෂණයෙන් ඉඩම් මනින්න ඇමරිකානු සහාය

මහජනතාව සතු ඉඩම් නිරවුල් කොට ඒවායේ අයිතිය ඔවුන්ට තහවුරු කරදිම සඳහා ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමති ගයන්ත කරුණාතිලක මහතා විසින් අරඹා ඇති වැඩ පිළිවෙල යටතේ බිම් කොටස් ලක්ෂ 36ක මැණුම් කටයුතු මේ වසර තුළ අවසන් කිරිමට රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. මේ සඳහා ඇමරිකානු සමාගමක තාක්ෂණය සහ රජයේ හා පෞද්ගලික අංශයේ මිනින්දෝරුවන්ගේ සහාය ද…

(0)Comments | January 17, 2018 11:00 am