Top News

2020 වෙළෙඳ හිඟය ඩොලර් බිලියන 2 කින් පහළට

රට තුළ ඇති වූ කොවිඩ්-19 වසංගතයේ දෙවන රැල්ලේ බලපෑමෙන් අනතුරුව 2020 වසරේ දෙසැම්බර් මාසයේදී භාණ්ඩ අපනයන යථා තත්ත්වයට පත් වූ අතර, අත්යවශ්ය නොවන ආනයන සඳහා වන සීමාවන් අඛණ්ඩව පවත්වා ගෙන යාම සහ ගෝලීය ඉන්ධන මිල සාපේක්ෂව අඩු මට්ටමක පැවතීම හේතුවෙන් භාණ්ඩ ආනයන පෙර වසරේ අනුරූප මාසවලට සාපේක්ෂව අඛණ්ඩව අඩු විය. සමස්තයක් ලෙස, 2019 වසර සමඟ…

(0)Comments | February 12, 2021 1:20 pm

රථ වාහන ආනයන සීමා ලිහිල් වේවිද? – මහ බැංකු අධිපතිගේ පිළිතුර මෙන්න

මේ වන විට රථවාහන ඇතුළු භාණ්ඩ ආනයනය සඳහා පනවා ඇති  සීමා ලිහිල් කිරීමට තරම් ප්‍රමාණවත් වන පරිදි ගෙවුම් ශේෂයේ ත්තත්වය හැඩගැසී නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පවසයි. මාධ්‍යවේදියෙකු විසින් සිදුකරන ලද විමසීමකට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා මෙහිදීී වැඩිදුරටත් පැවසුවේ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයන සීමා තවදුරටත් පවත්වාගෙන යා යුතු…

(0)Comments | February 12, 2021 12:40 pm

බ්‍රෝකර් ක්‍රෙඩිට් නවත්වන්න අපිට අවශ්‍යතාවයක් නැහැ – කොටස් වෙළෙඳපොළ නියාමකයා අවධාරණය කරයි

කොටස් තැරැව්කාර ආයතන විසින් සිය සේවාදායකයින් වෙත ලබා දෙන ආන්තික ණය පහසුකම් (Broker credit) සේවාවන් නැවැත්වීමට හෝ පාලනය කිරීමට කිසිදු අදහසක් සුරැකුම්පත් හා විනිමය කොමිසමට නැතැයි ඒහි සභාපති ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා පවසයි. කොටස් තැරැව්කාර ආයතන ප්‍රධානීන් සමඟ සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ සහ කොළඹ කොටස් වෙළෙඳපොළේ බලධාරීන් අතර හදිසි සාකච්ඡාවක් ඊයේ (11) පස්වරුවේ…

(0)Comments | February 12, 2021 4:54 am

සමස්ත අධිකරණ පද්ධතියම ඩිජිටල්කරණයට ICTA සමඟ ගිවිසුම් අත්සන් කරයි

මෙරට සමස්ත අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරිම ආරම්භ කෙරේ. මේ යටතේ ලිපි ගොණු පවත්වාගෙන යෑම අධිකරණ පද්ධතිය කළමනාකරණය ,නඩු වාර්ථා තබා ගැනීම හා නඩු වාර්ථා  නිකුත් කිරීම,මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ දඩ මුදල් ගෙවීම ඇතුළු සමස්ථ අධිකරණ ක්‍රියාවලියම ඩිජිටල්කරණය කිරීමට සැලසුම් කර ඇත. අධිකරණ අමාත්‍යංශය, අධිකරණ සේවා කොමිෂන්  සභාව ,තාක්ෂණ අමාත්‍යංශය හා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ…

(0)Comments | February 12, 2021 3:31 am

සෙරමික් නිෂ්පාදන කිහිපයකට පනවා තිබූ ආනයන සීමා ලිහිල් කෙරේ

තෝරා ගත් සෙරමික් නිෂ්පාදන කිහිපයක් සම්බන්ධයෙන් පනවා තිබූ ආනයන සීමා ලිහිල් කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව සංයෝජිත වර්ගීකරණ ශීර්ෂ අංක 69.06 යටතේ එන පිඟන් මැටි පයිප්ප, නළ වැස්ම, පීලි ද්‍රව්‍ය සහ පයිප්ප වැද්දුම් සහ සංයෝජිත වර්ගීකරණ ශීර්ෂ අංක 69.10 යටතේ එන පිඟන් මැටි සොරොව් බේසම්, සෝදන බේසම්, සෝදන බ්සම් පාදස්තල, නාන බඳුන්, බිඩේ, දිය වැසිකිළි…

(0)Comments | February 11, 2021 8:37 pm

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ 2020 සිව්වන කාර්තුවේ මෙහෙයුම් ලාභය 27% කින් ඉහළට. ආදායම රු. බිලියන 24 ක්

සමූහයේ බදු පසු ලාභයේ 25% ක වසරින් වසර වර්ධනයක් දැවැන්ත බ්‍රෝඩ්බෑන්ඩ් (Broadband) ආදායම හේතුවෙන් සමූහයේ ආදායමේ 6% ක වසරින් වසර වර්ධනයක් 2020 මුල්‍ය වර්ෂය සඳහා ප්‍රාග්ධන වැය ආයෝජනය රු. බිලියන 5 ක් 2020 මුල්‍ය වර්ෂය තුළ ශ්‍රී ලංකා රජයට ගෙවූ සෘජු සහ වක්‍රාකාර බදු රු. බිලියන 1 ක් ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) සමූහය, බදු පසු…

(0)Comments | February 11, 2021 7:44 pm

සුරැකුම්පත් කොමිසම හා කොටස් තැරැව්කරුවන් අතර හදිසි හමුවක් අද

කොළඹ කොටස් වෙළෙඳපොළ තැරැව්කාර සමාගම් හා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව අතර හදිසි හමුවක් අද (11) පස්වරුවේ කැඳවා ඇති බව අද දෙරණ Biz වෙත වාර්තා වේ. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ සභාපති ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්වෙන අතර ඒ් සඳහා සියලු කොටස් තැරැව්කාර සමාගම් හි ප්‍රධානීන් සහභාගී…

(0)Comments | February 11, 2021 2:30 pm

සියලු කොටස් ඒකක 500කින් පහළට. දිනයේ දෙවන වරටත් කොටස් ගනුදෙනු අත්හිටුවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (11) දින පස්වරු 12.18 ට යළිත් වරක් අත්හිටුවනු ලැබීය. දිනය තුළ සාමාන්‍ය ගනුදෙනු අත්හිටුවනු ලැබූ දෙවන අවස්ථාව මෙයයි. S&P SL20 දර්ශක අගය පෙර දිනයට සාපේක්ෂව 7.50% ක් ඉක්මවා පහළ යාම මීට හේතුවයි. ගනුදෙනු අත්හිටුවන ලද අවස්ථාවේ දී S&P SL20 දර්ශක අගය 8.13% කින් පහළ ගොස් තිබුණි. කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනයක් නිකුත්…

(0)Comments | February 11, 2021 12:29 pm

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අතරමඟ නවතී

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (11) පෙරවරු 11.45 ට අත්හිටුවන ලදී. පෙර දිනයට සාපේක්ෂව S&P SL20 දර්ශක අගය 5% ක් ඉක්මවූ ප්‍රමාණයකින් පහළ යාම මීට හේතුවයි. පස්වරු 12.15 ට ගනුදෙනු යළි ආරම්භ වීමට නියමිතය. දෛනික සාමාන්‍ය ගනුදෙනු අත්හිටුවනු ලබන අවස්ථාවේ දී පෙර දිනයට සියලු කොටස් මිල දර්ශකය ඒකක 337.00 කින් සහ S&P SL20 දර්ශකය ඒකක 162.06 කින් පහළ ගොස් තිබුණි.

(0)Comments | February 11, 2021 11:52 am

කඩා වැටුණු මූල්‍ය සමාගම්වල තැන්පත්කරුවන්ට ලක්ෂ 5ක්

අර්බුදයට පත් මූල්‍ය සමාගම්වල තැන්පත්කරුවන් හට ශ්‍රී ලංකා මහ බැංකුවේ ද්‍රවශීලතා අරමුදලෙන් රුපියල් ලක්ෂ 5 ක උපරිමයකට යටත්ව ගෙවීම් සිදුකිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් උපදෙස් ලබා දුන් බව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. ඊයේ (10) මාධ්‍යවේදීන් වෙත රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය…

(0)Comments | February 11, 2021 4:37 am