Top News

අනාගතය තිබෙන්නේ විද්‍යුත් ගෙවීම් තුළයි – ඇමති ඉරාන් කියයි

විද්‍යුත් ව්‍යවසායකත්වය දිරිගැන්විය යුතුයි. අනාගතය තිබෙන්නේ විද්‍යුත් ගෙවීම් තුළයි. ඉලෙක්ට්‍රොනික කටයුතු වැඩි දියුණු කිරීමෙන් රජයේ ආදායම වැඩි දියුණු වෙනවා යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ඊයේ (17) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ,ඉලෙක්ටෝනික ගනුදෙනු (සංශෝධන ) පනත් කෙටුම්පත විවාදයේ දී අඳහස් දක්වමිනි. ඉලෙක්ට්‍රොනික කටයුතු වැඩි දියුණු කිරීමෙන් රජයේ ආදායම වැඩි දියුණු…

(0)Comments | October 18, 2017 12:26 pm

ඩිජිටල් ශ්‍රි ලංකාවක් තුල ඩිජිටල් අධ්‍යාපනයෙන් සවිබල ගැන්වු හෙටක්

ඩිජිටල් ශ්‍රී ලංකාවක් තුල මෙරට පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය සකස් විය යුතු ආකාරය පිලිබදව අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගැනේ. මෙහි ප්‍රථම පියවර වශයෙන් දිවයින පුරා සිටින  කලාප අධ්‍යාපන කාර්යාල තොරතුරු තාක්ෂණ සම්බන්ධීකරණ නිලධාරීන්  දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් කොළඹදී පැවැත්විණි. අධ්‍යාපන අමාත්‍යංශය විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය(ICTA)…

(0)Comments | October 18, 2017 11:31 am

රවී ගේ තර්ජනයට ලක්ව රටින් ගිය ‘අනිකා‘ ගේ සමාගමේ සිදුවූ රුපියල් බිලියනයක කොටස් පෙරළියේ ඇත්ත මෙන්න

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඊයේ (17) දින රැස් වූ අවස්ථාවේ දී එහි නිලධාරීන් විනිසුරු මඩුල්ල වෙත අනාවරණය කර සිටියේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ සමීපතමයෙක් විසින් අනිකා විජේසූරිය මහත්මියට සිදුකළ තර්ජන හේතුවෙන් ඇය ජීවිතාරක්ෂාව පතා රටින් පිටව ඇති බවයි. ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ පර්පචුවෙල් ට්‍රෙෂරීස්…

(0)Comments | October 18, 2017 12:07 am

IMF තෙවන වාරිකය ලබාගැනීමට සපුරාලිය යුතු කොන්දේසි මෙන්න

නව දේශීය ආදායම් පනතෙහි දායකත්වය සහිතව 2018 රජයේ අයවැය මගින් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව අඛණ්ඩව පවත්වාගත යුතුය. උද්ධමනය සහ ණය වර්ධනය මත වන පීඩනය කෙරෙහි මුදල් ප්‍රතිපත්තියෙහි අවධානය තවදුරටත් යොමුවිය යුතුය. අවදානම් කළමනාකරණය කර ගැනීම සඳහා සහ සැමට ප්‍රතිලාභ දෙන වර්ධනයක් තිරසාරව පවත්වා ගැනීම සඳහා අඛණ්ඩව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වැදගත් වේ. කොළඹ දී සහ ජාත්‍යන්තර මූල්‍ය…

(0)Comments | October 17, 2017 6:09 pm

ග්‍රීන් කාඩ් ලොතරැයි පද්ධතිය හැක් කර නැහැ- ඇමරිකාවෙන් නිවේදනයක්

සියලු අයදුම්පත් යළි සලකා බලන්නැයි ඉල්ලයි තාක්ෂණික ගැටළු හේතුවෙන් DV-2019 ලියාපදිංචිය නැවත ආරම්භ කර ඇති අතර 2017 ඔක්තෝබර් 18 දිනට පෙර සිදු කළ සියලු ප්‍ර වේශයන් නැවත සලකා බැලිය යුතු බව එක්සත් ජනපද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කර සිටී. මෙහිදී මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජනපද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් කියා සිටින්නේ මෙම…

(0)Comments | October 17, 2017 4:32 pm

මෙරට දූෂණය අඩුවන බලාපොරොත්තු අඛණ්ඩව ඉහළට

ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2017 ජූලි මාසය ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2017 ජූලි මාසයේදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity- PEO) මගින් ඉදිරිපත් කෙරේ. රැකියාවේ තත්ත්වය සහ…

(0)Comments | October 17, 2017 3:53 pm

ජපාන අන්තර්ජාතික සහයෝගිතා බැංකුවේ නියෝජිත පිරිසක් දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට

මෙරට ආර්ථික වැඩසටහන සඳහා පූර්ණ සහය දක්වන බව ජපාන අන්තර්ජාතික සහයෝගිතා බැංකුව පවසයි. එහි ප්‍රධාන විධායක නිලධාරී සහ විධායක කළමනාකාර අධ්‍යක්ෂ ටඩාෂි මයීඩා මහතා සහ මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අතර පැවැති හමුවකදී මේ කරුණු අනාවරණය විය. ශ්‍රී ලංකාවට ලබා දෙන සහය සංකේතවත් කරමින්, ඉදිරි කටයුතු පිළිබඳ වැඩි දුරටත් සාකච්ඡා කිරීම සඳහා ටඩාෂි…

(0)Comments | October 17, 2017 1:48 pm

වෙන්දේසි ක්‍රමයෙන් පමණක් පොළී අනුපාත පාලනය කරන්න බැහැ – නිහාල් ෆොන්සේකා

පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම විසින් සිය සමූහයේම තවත් සමාගම් දෙකක් වන පර්පච්‍රෙවල් කැපිටල් හෝල්ඩිංග්ස් හා ඩබ්.එම්. මෙන්ඩිස් සමාගමේ බැංකු ගිණුම්වලට මුදල් බැර කොට එදිනම එම මුදල් නෝට්ටු වශයෙන් ලබා ගෙන ඇති බව භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ ඊයේ (16) හෙළිදරව් විය. මෙහිදී 2015-2016 කාලය තුළ පෞද්ගලික…

(0)Comments | October 17, 2017 1:07 pm

East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී

East West ප්‍රොපටීස් පීඑල්සී සමාගමේ ප්‍රමුඛ කොටස්කරුවා වූ ඒෂියා 2000 ඉන්වෙස්ට්මන්ටස් ඉන්කෝපරේෂන් සමාගමට අයත් කොටස් 88,345,235 ක් අද (17) දින උදෑසන ගනුදෙනු විය. කොටසක් රුපියල් 12.40 බැගින් සිදු වූ මෙම ගනුදෙනුවෙන් වාර්තා වූ මුලු පිරිවැටුම රුපියල් බිලියනය ඉක්මවා තිබේ (රු. 1,095,480,914.00). මේ අතර අද (17) දින බැඳුම්කර කොමිසම හමුවේ අනාවරණය වූයේ, කොමිසමේ සාක්කිකාරියක වූ අනිකා…

(0)Comments | October 17, 2017 11:38 am

CIC රුපියල් මිලියන 238 කට කෘෂි රසායනික සමාගමක් මිල දී ගනී

පොහොර, රසායනික හා ඖෂධ කර්මාන්තයේ නිරත මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් සමූහයක් වන CIC හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් Unipower (පුද්) සමාගමේ 70% ක කොටස් හිමිකාරීත්වය අද (16) දිනයේ දී මිල දී ගෙන තිබේ. විශේෂ වූ පොහොර, කෘෂි රසායනික ඇතුළු කෘෂි යෙදවුම් සඳහා විශේෂීකරණය වූ සමාගමක් ලෙසින් Unipower (පුද්) සමාගම සැලකේ. Yara, Everris, Grow More, Farmcochem, Gineger, Goizper…

(0)Comments | October 16, 2017 5:10 pm