Top News

ආයෝජන මණ්ඩලය, කොළඹ කොටස් හුවමාරුව සහ ලංකා වාණිජ මණ්ඩලය එක්ව විදේශ ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ප්‍රථම වරට අන්තර්ජාලය හරහා ආයෝජක සංසදයක් සංවිධාන කරයි

2021 අප්‍රේල් 6, 7 සහ 8 යන දිනයන්හි දී පැවැත්වීමට කටයුතු යොදා ඇත ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI), කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ ලංකා වාණිජ මණ්ඩලය (CCC) එක්ව, ශ්‍රී ලංකාවේ ආයෝජනය  ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ප්‍රථම වරට අන්තර්ජාලය හරහා පැවැත්වෙන ආයෝජන සංසදයක් (virtual investment forum) සංවිධාන කිරීමට සූදානම් වේ. මෙම සංසදය 2021 අප්‍රේල් 6, 7 සහ…

(0)Comments | February 9, 2021 5:39 am

කොවිඩ්-19 ජාතික එන්නත්කරණ වැඩසටහනේදී පුද්ගලික අංශයේ සුව සේවකයින් සඳහා ද ප‍්‍රමුඛත්වය ලබා දෙන ලෙස APHNH රජයෙන් ඉල්ලා සිටී

මේ වන විට ක‍්‍රියාත්මක වෙමින් පවතින කොවිඞ්-19 ජාතික එන්නත්කරණ වැඩසටහනේදී රජයේ සුව සේවකයින්ට හා සමානව පුද්ගලික අංශයේ සුව සේවකයින්ටත් ප‍්‍රමුඛත්වය ලබා දෙන ලෙස පුද්ගලික රෝහල් හා සාත්තු නිවාස සංගමය (APHNH) රජයෙන් ඉල්ලා සිටී. එම සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියේ පුද්ගලික සුව සේවකයින් තවමත් රජයේ මෙම එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ ලැයිස්තුගත කර නොමැති බවත් ශ්‍රී ලංකාවේ කොවිඞ්-19…

(0)Comments | February 9, 2021 4:42 am

Eco-Spindles අතිනවීන ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ පොලියෙස්ටර් නූල් නිෂ්පාදන පහසුකමක් සඳහා මුල්ගල තබයි

2022 වන විට පොලියෙස්ටර් නූල් නිෂ්පාදනය දෙගුණ කිරීමට පියවර 2019/20 වසරවලදී ඉවතලන ප්ලාස්ටික් බෝතල් ටොන් 2300ක් ප‍්‍රතිචක‍්‍රීයකරණය කර ඇත ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන ලද පොලියෙස්ටර් රෙදි සඳහා ඇති අපනයන ඉල්ලූම ඉලක්ක කර නිෂ්පාදන සිදු කරයි ප්ලාස්ටික් බෝතල් ප‍්‍රතිචක‍්‍රීයකරණයේ සහ පොලියෙස්ටර් නූල් සහ මොනෝෆිලමන්ට් නිෂ්පාදනයේ ශ‍්‍රී ලංකාවේ පුරෝගාමියකු වන Eco-Spindles සමාගම හොරණ කර්මාන්තශාලාවට වර්ග අඩි 20,000ක අති නවීන…

(0)Comments | February 9, 2021 4:35 am

එක් අයෙක් හයලක්ෂ හැත්තෑදාහක් ණයයි. එයිනුත් දෙලක්ෂ අනූදාහක් පිටරටට

2020 ඔක්තෝබර් මාසය අවසානයේ දී මධ්‍යම රජය විසින් ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය රු. බිලියන 14,605.6 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම සංඛ්‍යාලේඛන වාර්තාවක සඳහන් වේ. මෙම ප්‍රමාණයෙන් රු. බිලියන 8,258.9 ක් දේශීය වශයෙන් ‌ගෙවිය යුතු ණය වන අතර රු. බිලියන 6,346.7 ක් විදේශීය ණය වේ. මේ අනුව 2020 ඔක්තෝබර්…

(0)Comments | February 8, 2021 2:03 pm

කාබනික පොහොර නිෂ්පාදනයට රජය මැදිහත් වෙයි

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය කාබනික පොහොර භාවිතයට යොමු කිරීමේ අවශ්‍යතාව “රට හදන සෞභාග්‍යයේ දැක්ම” රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් අවධාරණය කරනු ලැබ ඇත. මෙකී ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා වූ උපායමාර්ගගත වැඩපිළිවෙල මෙහෙයවීම සඳහා නවීන තාක්ෂණික හා පර්යේෂණාත්මක පහසුකම් සහිත අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුගත වන අන්දමින් කාබනික පොහොර නිෂ්පාදනය, අලෙවිය හා පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදු කිරීමට හැකියාව ඇති…

(0)Comments | February 8, 2021 10:05 am

අඩුමිලට ටයිල් දෙන්න සියයට 300කින් නිෂ්පාදන ධාරිතාව වැඩිකරනවා – මැක්ටයිල්ස් සාමාන්‍යාධිකාරී කියයි

මේ වන විට නිෂ්පාන ධාරිතාවය ඉහළ නැවීම සඳහා තම සමාගම පමණක් රුපියල් බිලියන 5 ක අයෝජනයක් කර ඇති බවත් ඒ අනුව ඉදිරි මාස 04ක 05 ක පමණ කාලය තුළ දී සිය නිෂ්පාදන ධාරිතාවය සියයට 300කින් ඉහළ යන බවත් මැක්ටයිල්ස් ලංකා සමාගමේ සාමාන්‍යාධිකාරී (විකුණුම් සහ අලෙවි) නිරෝෂන් පනන්වල මහතා පවසයි. වර්තමානයේ ටයිල් වෙළෙපොළ මුහුණ පා ඇති…

(0)Comments | February 8, 2021 9:25 am

මොනවාද මේ Shares sub-division?

මේ දිනවල කොළඹ කොටස් වෙළෙඳපොළේ සමාගම් ගණනාවකම කොටස් මිල ගණන් කෙටි කලක් ඇතුළත සීඝ්‍රයෙන් ඉහළ යාමට තුඩුදුන් එක් කාරණයක් ලෙස Shares sub-division හෙවත් කොටස් අනුබෙදුම් ප්‍රකාශයට පත්කිරීම හැඳින්වුවහොත් එය වරදක් නොවේ. මක් නිසාද යත් වෙන කවර කාලයකටත් වඩා පසුගිය දින කිහිපය තුළ සමාගම් රැසක්ම එම පියවර අනුගමනය කිරීමට තීරණය කර ඇති බැවිනි. මේ අනුව Shares…

(0)Comments | February 8, 2021 8:08 am

ඉන්දියාවෙන් ගත් මුදල් කලට වේලාවට බේරුවා – මහ බැංකුව

දකුණු ආසියාතික කලාපීය සහයෝගීතා සංවිධානයේ (සාර්ක්) සාමාජික රටවල් අතර පවත්නා විනිමය හුවමාරු පහසුකම යටතේ ඉන්දියානු සංචිත බැංකුවෙන් ලබා ගන්න ලද විනිමය හුවමාරු පහසුකම නිසි කලට පියවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී. අදාළ විනිමය හුවමාරු පහසුකම යටතේ ලබා ගත් මුදල් කලින් පියවන ලෙස ඉන්දියාව ඉල්ලීමක් කර ඇති බවට පළවන…

(0)Comments | February 5, 2021 3:42 pm

මහනුවරට විදේශ අමාත්‍යාංශයේ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයක්

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ මඟ පෙන්වීම යටතේ, මහජනයා වෙත සේවා සැපයීමේ කාර්යක්ෂමතාව හා ඵලදායීතාවය වැඩිදියුණු කිරීම මඟින් රජයේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ජාතික ප්‍රතිපත්ති රාමුවට ජවයක් ලබා දීම සඳහා, විදේශ අමාත්‍යාංශය සිය ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයක් 2021 පෙබරවාරි 06 වැනි සෙනසුරාදා දින සවස 2.00 ට මහනුවර දී විවෘත කිරීමට නියමිතය. පේරාදෙණියේ ගැටඹේ පිහිටි මහින්ද රාජපක්ෂ තොරතුරු තාක්ෂණ…

(0)Comments | February 5, 2021 1:20 pm

ගොඩගැසී තිබුණු ටයිල් හා සනීපාරක්ෂක උපාංග සියලු තොග විකුණා ගන්න දේශීය නිෂ්පාදකයින්ට පුළුවන් වුණා – ලංකා ටයිල්ස් කළමනාකාර අධ්‍යක්ෂ කියයි

මෙරට ටයිල් හා සනීපාරක්ෂක උපාංග නිෂ්පාදන කර්මාන්තයේ නිරත වී සිටි නිෂ්පාදකයින් හට ඔවුන් සතුව ගොඩගැසී තිබුණු සියලු තොග පසුගිය මාස කිහිපය තුළ දී අලෙවි කර ගැනීමට අවස්ථාව උදා වූ බව ලංකා ටයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මහේන්ද්‍ර ජයසේකර මහතා පවසයි. මේ වන විට වෙළෙඳපොළේ මෙම භාණ්ඩ සම්බන්ධයෙන් පවතින හිඟය පිළිබඳව අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ජයසේකර මහතා…

(0)Comments | February 5, 2021 11:42 am