Top News

සංචාරක පැමිණීම පහළට

2017 සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 2.3% කින් පහළ ගොස් තිබේ. 145,077 ක සංචාරකයින් පිරිසක් පසුගිය සැප්තැම්බර් මාසයේ දී මෙරටට පැමිණ ඇති අතර 2016 සැප්තැම්බර් මාසයේ දී එම ප්‍රමාණය 148,499 ක් ලෙසින් වාර්තා වී තිබේ. මේ අනුව 2017 වසරේ මුල් මාස 09 තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන මුළු සංචාරකයින්ගේ ගනන…

(0)Comments | October 9, 2017 5:58 pm

රක්ෂණ නියෝජිතයින්ට එකවර සමාගම් කිහිපයකට සේවය කරන්න නව පනතින් ඉඩ

රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි. (වැඩබලන මුදල් අමාත්‍ය)  මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා විසින් අද (9) පාර්ලිමේන්තුවේ දී දෙවැනිවර කියවීමේ විවාදය ආරම්භ කළේ ය. “ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය නම වෙනස් කරන්න යනවා, නියාමනය කරන කොමිෂන් සභාවක් ලෙසට. රක්ෂණ සංස්ථා ලැයිස්තුගත කිරීම සංශෝධනය කරනවා. රක්ෂණ නියෝජිතයන්ට එක…

(0)Comments | October 9, 2017 4:11 pm

ඉන්ධන මිල වැඩි කිරීමට තීරණය කර නැහැ – අමාත්‍ය අර්ජුන

ඉන්ධන මිල වැඩි කිරීමට රජයක් හැටියට කිසිදු තීරණයක් ගෙන නැතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ස්ථවර නියෝග 23(2) යටතේ ප්‍රශ්නයක් යොමු කරමින් ඉන්ධන මිල වැඩි කිරීම පිළිබඳව මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.   මේ තෙල් මිල වැඩි…

(0)Comments | October 9, 2017 3:57 pm

ලංකාවේ ක්‍රෙඩිට් කාඩ්වල අලුත්ම තත්ත්වය මෙන්න

2017 අගෝස්තු මාසය අවසන් වන විට මෙරට භාවිත ක්‍රෙඩිට් කාඩ් සඳහා ගෙවිමට ඇති හිඟ මුදල් (Outstanding balance) ප්‍රමාණය රුපියල් මිලියන 81,799 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ. තවද වසරේ මුල් මාස 08 තුළ දී මෙරට සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය ලක්ෂ 14 සීමාව ද ඉක්මවා ගොස් ඇත. අදාළ වාර්තාවට අනුව අගෝස්තු මාසය…

(0)Comments | October 9, 2017 1:01 pm

ශ්‍රී ලංකාව කොරියාවට සම්බාධක පනවයි

කොරියානු ප්‍රජාතන්ත්‍රික මහජන සමූහාණ්ඩුව විසින් ස්වකීය න්‍යෂ්ටික සහ බැලස්ටික් මිසයිල වැඩසටහන ආශ්‍රිත සියලු ක්‍රියාකාරකම් අත්හිටුවිය යුතු බවට සහ ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාවට තර්ජනයක් සිදුවීම සංයුක්ත කරනු ලබන්නා වූ සියලු න්‍යෂ්ටික අවි සහ දැනට පවතින න්‍යෂ්ටික වැඩසටහන අත්හැර දැමිය යුතු බවට අවධාරණය කරමින් විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය තිලක් මාරපන මහතාගේ අත්සනින් යුතුව අතිවිශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට…

(0)Comments | October 9, 2017 10:57 am

අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

2018 අයවැය ප්‍රථම වර කියවීමේ විසර්ජන පනත් කෙටුම්පත අද (09) මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය දා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2018 මුදල් වර්ෂය සඳහා අපේක්ෂිත රාජ්‍ය වියදම රුපියල් බිලියන 3982කි. එම…

(0)Comments | October 9, 2017 10:51 am

තෙල් මිල වැඩි කිරීමට තීරණයක් අරගෙන නෑ – ඇමති අර්ජුන

දැනට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තෙල් මිල වැඩි කිරීමට තීරණයක් අරගෙන නැතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේදී මාධ්‍යවේදීන් පිරිසක් හමු වූ අවස්ථාවේදීය. “තෙල් මිල වැඩි කිරීමට ලංකා අයි ඕ සී සමාගම මුදල් අමාත්‍යාංශයත් එක්කත් මා එක්කත් සාකච්ඡා කළා. නමුත් මම කිව්වේ…

(0)Comments | October 7, 2017 3:21 pm

ව්‍යාපාර විශ්වාසය බිඳ වැටෙයි – වසර 5 ක් තුළ පහළම අගය සැප්තැම්බරයේ දී

LMD සඟරාව විසින් මාසිකව ප්‍රකාශයට පත් කරනු ලබන LMD-Nielsen Business Confidence Index සමීක්ෂණ වාර්තාවට අනුව 2017 සැප්තැම්බර් මාසයේ ‘ව්‍යාපාර විශ්වාසය‘ ඒකක 99 ක් දක්වා පහළ බැස තිබේ. මෙය පසුගිය මාස 64 ක කාලපරිච්ඡේදයක් තුළ වාර්තා වූ පහළම අගය ලෙසින් සටහන් වී ඇත. මෙය පූර්ව මාසයට වඩා පදනම් අංක 22 ක විශාල අගයයකින් පහළ ගොස් තිබීම…

(0)Comments | October 6, 2017 2:53 pm

ගුවන් වාර වැඩි නොකර සිදුකරන සංචාරක ප්‍රවර්ධනයෙන් ඵලක් නැහැ – ධම්මික කියයි

2020 වසර වන විට ලක්ෂ 40 ක විදෙස් සංචාරක ඉලක්කයක් සපුරා ගැනීමට නම් සියල්ලටම පෙර ශ්‍රී ලංකාව හා සම්බන්ධ විමට තිබෙන ගුවන් ගමන් වාර සංඛ්‍යාව ඉහළ දැමිය යුතු බව සුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි. ධම්මික පෙරේරා මහතා මේ බව කියා සිටියේ පසුගිය දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ, ලෝක සංචාරක දින සැමරුම නිමිත්තෙන් පැවති…

(0)Comments | October 6, 2017 2:51 pm

එළුමස් පරිභෝජනය ඉහළට – එළුවන් ආනයනයට කැබිනට් අනුමැතිය

මෙරට එළුමස් නිෂ්පාදනය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් එළුවන් අභිජනන කටයුතු හා වාණිජ ගොවි‍‍පොළවල් සඳහා පට්ටි එළුවන් සැපයීම සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් බෝයර් වර්ගයේ ගැහැණු එළුවන් 90ක් හා පිරිමි එළුවන් 10ක් ආනයනය කිරීම පිණිස ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය මෙන්ම…

(0)Comments | October 6, 2017 2:50 pm