Top News

වෙළෙඳ හිඟය ඉහළට

වෙළෙඳ හිඟය 2016 ජූලි මාසයේ පැවති එක්සත් ජනපද ඩොලර් මිලියන 541 සිට 2017 ජූලි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 575 ක් දක්වා පුළුල් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ. මේ අතර 2017 පළමු මාස හත තුළ සමුච්ඡිත වෙලෙඳ හිඟය, 2016 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ දී…

(0)Comments | September 29, 2017 1:59 pm

ජාත්‍යන්තර සංචිතයේ ඇත්ත තත්ත්වය

2017 වසරේ ජූලි මස අවසානය වන විට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය ආනයනික මාස 3.9 කට ප්‍රමාණවත් වන පරිදි එක්සත් ජනපද ඩොලර් බිලියන 6.7 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ අතර මුළු විදේශීය වත්කම් ප්‍රමාණය ආනයනික මාස 5.3 කට ප්‍රමාණවත් වන පරිදි එක්සත් ජනපද ඩොලර් බිලියන 9.0 ක් ලෙසින් වාර්තා වේ.

(0)Comments | September 29, 2017 1:43 pm

කෘෂිකාර්මික අපනයන ආදායම ඉහළට

ප්‍රධාන වශයෙන් තේ අපනයන ආදායම කැපී පෙනෙන ලෙස ඉහළ යෑම හේතුවෙන්, 2017 ජූලි මාසයේ කෘෂිකාර්මික අපනයන ආදායම පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 253 ක් දක්වා, සියයට 21.8 කින් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. තේ අපනයන මිල ගණන් සහ අපනයන පරිමා යන දෙකම ඉහළ යෑම හේතුවෙන් පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව,…

(0)Comments | September 29, 2017 12:42 pm

අතිනවීන ජාතික විද්‍යා මධ්‍යස්ථානයක් හෝමාගම දී ඉදිකෙරේ

දැනුම මත පදනම් වූ සමාජයක් හා ආර්ථිකයක් කරා වන ගමනේදී විද්‍යා සංස්කෘතියක් ර‍ටක පැවතීම අත්‍යවශ්‍ය සාධකයකි. විද්‍යාව, තාක්ෂණය හා නවෝත්පාදනය පිළිබඳව පොදු ජනතාවගේ දැනුම හා අවබෝධය වැඩිදියුණු කර ලීම සඳහා අංග සම්පූර්ණ විද්‍යා මධ්‍යස්ථාන පිහිටුවීමට ලොව බොහෝ රටවල් විසින් කටයුතු කරනු ලැබ තිබේ. එබැවින්, අත්හදා බැලීම්‍ ආදී ක්‍රියාකාරකම් සඳහා ඉඩ සලසමින්, විශේෂයෙන්ම පාසල් දරුවන්ට විද්‍යා…

(0)Comments | September 28, 2017 3:34 pm

දුම්රියට GPS තාක්ෂණය ආරක්ෂක අමාත්‍යාංශයෙන්

ගෝලීය පිහිටුම් පද්ධති (GPS) මත පදනම් වූ දුම්රිය මෙහෙයුම් තොරතුරු පද්ධතියක් ලබාගැනීම මඟින් දුම්රිය මෙහෙයුම් කාර්යක්ෂමතාවය වැඩිදියුණු කැගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී තිබේ. එම තාක්ෂණය ඔස්සේ දුම්රිය දෙපාර්තමේන්තුවේ කොළඹ, අනුරාධපුර සහ නාවලපිටිය පාලක මධ්‍යස්ථාන සම්බන්ධ කිරීම, ස්වයංක්‍රීයව දුම්රිය කාලසටහන් සකස් කිරීම, දුම්රිය මෙහෙයුම් සම්බන්ධ සියලු වාර්තා ජනනය කිරීම, දුම්රිය ප්‍රමාද…

(0)Comments | September 28, 2017 10:00 am

නේෂන් ලංකා තැරැව්කරුට සියලු ගනුදෙනු තහනම්

ඉදිරි වෙළෙඳපොළ දින 7 ක් තුළ දී කොටස් තැරැව්කාර සමාගම් සඳහා බලපවත්වන නියමයන්ට අනුව අවම ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වන්නේ නම් නේෂන් ලංකා ඉක්විටීස් (පුද්) සමාගමේ සියලු වෙළෙඳ කටයුතු 2017 ඔක්තෝබර් 09 වන දින සිට බලපැවැත්වෙන පරිදි තහනම් කිරීමට කොළඹ කොටස් වෙළඳපොළ තීරණය කර තිබේ. අංක 5.1.1 දරණ කොටස් තැරැව්කාර නියමයන්ට අනුව අවම ප්‍රාග්ධන අවශ්‍යතා…

(0)Comments | September 27, 2017 3:48 pm

අලුත් කැලණි පාලමේ යකඩ පාලම ජපානයේ JMT ට

කැලණි ගඟ හරහා නව පාලමක් ඉදි කිරීමේ ව්‍යාපෘතියේ පළමු වන අදියර යටතේ ඉදි කළ යුතු යකඩ පාලම් කොටස ඉදි කිරීම සඳහා දේශීය හා ජාත්‍යන්තර ඉදි කිරීම්කරුවන් වෙතින් ලංසු කැඳවනු ලැබ තිබේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එම යකඩ පාලම් කොටස ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 31,539ක මුදලකට JFE Engineering…

(0)Comments | September 27, 2017 2:35 pm

වගා නොකරන කුඹුරු ඉඩම් සූර්ය බල විදුලි ජනනයට යොදා ගැනීමේ තීරණයක්

ශ්‍රී ලංකාවේ විදුලි ජනනය සඳහා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්හි දායකත්වය ඉහළ නැංවීම සඳහා රජය විසින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලැබ ඇති අතර, එහිදී සූර්ය බලය මඟින් විදුලිය ජනනය සඳහා ප්‍රමුඛතාව ලබා දී තිබේ. ‘සූර්ය බල සංග්‍රාම’ ව්‍යාපෘතිය යටතේ ඕනෑම පාරිභෝගිකයකුට සූර්ය බලය මඟින් විදුලිය ජනනය කර ජාතික විදුලි බල පද්ධතියට සැපයීම මඟින් ආදායම් ඉපැයීමට අවස්ථාව ලබා දී…

(0)Comments | September 27, 2017 12:41 pm

හම්බන්තොටට ලිට්‍රෝ ගෑස් පිරවුම් කම්හලක්

හම්බන්තොට, අම්පාර, මොනරාගල, මඩකලපුව, බදුල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ගෑස් පාරිභෝගිකයින් සඳහා මිල සහන සේවා ප්‍රතිලාභ ලබා දීමේ අරමුණින්, හම්බන්තොට ගෑස් ගබඩා පර්යන්තය ආශ්‍රිතව එල්. පී. ගෑස් සිලින්ඩර පිරවුම් කම්හලක් ස්ථාපනය කිරීමට ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම විසින් සැලසුම් කර තිබේ. එම කම්හල ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන…

(0)Comments | September 27, 2017 12:32 pm

2018 අයවැය සඳහා යෝජනා ඉදිරිපත් කරන්න – මුදල් අමාත්‍යාංශය

2018 වසර සඳහා වන අයවැය නොවැම්බර් මස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත බැවින් ඒ සඳහා ඇතුළත් කළ යුතු තම යෝජනා ඉදිරිපත් කරන්නැයි ආර්ථිකයේ සියලු ක්ෂේත්‍රයන් හට අදාළ සියලු පාර්ශවකරුවන්ගෙන් රජය ඉල්ලා සිටියි. ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම, පොහොසත් රටක් බිහිකිරීම හා රැකියා දස ලක්ෂයක් උත්පාදනය කිරීම අරමුණු කර ගනිමින් සාර්ථක අයවැයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බැවින් මෙම…

(0)Comments | September 27, 2017 11:36 am